IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජනය

 

 

 

සංගීතය ඇයගේ ප‍්‍රකාශනය වූයේය. නමුදු සරසවි ඉම දක්වා සංගීත දැනුම ලබාගත්තද මේ වන විට ඇයගේ ආත්මීය ප‍්‍රකාශනය වී ඇත්තේ රංගනයයි. ඒ රංගනයට ඇය සතු නර්තන සහ ගායන හැකියාව සංකලනය වී ඇතැයි, සිතේ. එලෙසින් වේදිකා, පුංචි තිරයයෙන් හමුවන ඇය මාදනී මල්වත්තගේය. ඔබට තවත් අමුත්තියක නොවූ ඇය මේ සූදානම් වන්නේ, දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජන නාට්‍ය උළෙලක් ඉදිරිපත් කිරීමටය. මෙම නාට්‍ය උළෙලට ”ජගන්මා”, සුද්දෙක් ඔබ අමතයි, මහ සමයම, කලූ කුමාරී, සෙල්ලම් නිරිඳු යන නාට්‍ය ඇතුළත්ය. විශිෂ්ටතම නිළියකගේ සම්මාන රංග භූමිකාව ”මාදනී” ලෙස මෙම උළෙල පැවැත්වෙන්නේ ජනවාරි 10 සිට 14 දක්වා ලයනල් වෙන්ඞ්ට් රඟහලේ සහ 12 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදීය. සද්ජන සහෘද සංසදය ඉදිරිපත් කරන මාදනීගේ නාට්‍ය උළෙල අබිමුව අපි ඇයගේ හඬ අවදි කරමු මෙසේ.

 

 

 මාදනී වේදිකාවේ පිට - පිටම හොඳම නිළිය ලෙස ඔබ වසර තුනකදීම සම්මාන ලැබුවා. වසර හයකදීම ඒ සඳහා නිර්දේශත් වුණා. එලෙසින් රංගන ශිල්පිනියක වීම ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?

 
 
 
 

පේ‍්‍රක්‍ෂකයා බලාගෙන සිටින සැහැල්ලූවේ තරමට රංගනය යනු සැහැල්ලූ දෙයක් නොවෙයි. එය පුංචි කාලයේ සිටම තිබූ ආසාවක, බලාපොරොත්තුවක ඵලයක්. ඒ ඉටු වූ බලාපොරොත්තුව සමග නිතරම මට කඩඉම් පසු කළ නාට්‍ය කරුවන්ගේ කඩඉම් වූ නාට්‍ය ඇතුළු හොඳ නාට්‍ය රැසක රඟපාන්න ලැබුණා.

 

 

  එලෙසින් ඔබ රංගනය නොකළා නම් ?
බොහෝ විට සංගීත අංශයේ ගුරුවරියක වීමට ඉඩ තිබුණා. හැබැයි සරසවි ඉම දක්වා සංගීතය කළාට මට තිබුණෙ නාට්‍ය උණක්.

 

 

  ඇයි නාට්‍ය උණක් ඇතිවුණේ ?
පුංචි කාලයේ ඉඳලාම හොඳ නාට්‍ය නැරඹීමේ අවකාශයක් තිබුනා. පසු කාලයක එය රංගනය දක්වා විහිදී ගිය පසු ගායන සහ නර්තන හැකියාවත් ඊට මුසු කරන්න පුළුවන් වුණා. මගේ නාට්‍ය උණ හොඳවුනේ නැහැ. තවමත් මට තියෙන්නෙ හොඳ නාට්‍ය රංගනයක යෙදීමේ පිපාසයයි.

 

 

  මේ නිසා ඔබට ආර්ථික අතින් වාසි සහගත වුනාද ?
දියුණු රටවල තරම් වෘත්තීය වටිනාකමක් හෝ වෘත්තීය තත්ත්වයක් නැහැ. අපේ වේදිකාවට නම් ආර්ථික වටිනාකමක් කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. ටෙලි චිත‍්‍රපට සහ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමෙන් නම් ආර්ථික වාසි ලබා ගත හැකි බව මගේ හැඟීමයි. කොහොම වුනත් හැකියාවන් අනුව අපි අපේ වටිනාකම ඇතිකර ගත යුතුයි.

 

  ඔබ පමණක් නොවෙයි, සැමියා සහ පුතාත්, රඟපෑමට සම්බන්ධයි. පවුලම රඟපෑම ගැන හිතන්නෙ කොහොමද ?
සැමියා කීර්ති මට හමුවන්නෙ කලාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදීයි. ඇත්තම කිව්වොත්, ඔහු රඟපාන්නේ මටත් පෙර සිටයි. ඔහුගෙ හමුව මගේ මේ ගමනට ලොකු ආලෝකයක් වුණා. පුතාටත් අපි දෙන්නගෙ ආභාෂය එන්න ඇති.

 

  වේදිකාවේ බොහෝ නාට්‍ය වගේම ටෙලි නාට්‍යයත් අද බොහෝ ජනප‍්‍රිය නිර්මාණ බවට පත්වන්නෙ නැහැ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද ?
ටෙලි නිර්මාණ දිහා බැලූවොත්, නිර්මාණ ලෙස බිහි වන්නෙ බොහොම ටිකයි. බොහෝ ඒවා රොබෝ අච්චු වගේ බිහිවන ඒවායි. අවශ්‍ය ශිල්පීය දායකත්වය නැහැ. නළු නිළියන්නාට්‍ය කම්කරුවෝ බවට පත්වෙලා ඒ නිසා බලන පිරිසට වඩා නොබලන පිරිස වැඩි බව හිතෙන්නෙ වේදිකා නාට්‍ය සමග ගමින් ගමට යන විට ලැබෙන ප‍්‍රතිචාර අනුවයි. බොහෝ වේදිකා නාට්‍ය කෙරෙහි ජනතාවගේ තිබෙන්නෙ ලොකු ප‍්‍රබෝධයක්.

 

  ”මාදනී” නාට්‍ය උළෙලට ඇතුළත් නාට්‍ය රඟපෑමේදී වෙච්ච සිදුවීම් එහෙමත් ඇති නේද ? ඒ ගැනත් විස්තර කළොත් ?


”ජගන් මා” 
මෙය සටන් කලාව එක්ක විකාශය වන නාට්‍යයක්. ඒ නිසා සටන් ගැන පුහුණු වන්නත් සිදුවුණා. මෙහි එක්තරා දර්ශනයකදී සම්පත් තෙන්නකෝන් මට එල්ල කරන පොලූ පහර වැරදිලා මගේ හිස මැදට වැදුණා. ඉතා දරුණු වේදනාවක් ඇති වුණත් සජීව දර්ශනයක් නිසා එය සඟවාගෙන මට රඟපාන්න සිදුවුණා.

 

සුද්දෙක් ඔබ අමතයි
මෙය සම්ප‍්‍රදායික විදියෙ නළුxනිළියන් එකිනෙකා දෙබස් සමග ගැටෙන නාට්‍යයක් නොවෙයි. විනාඩි 40ක් පමණ වේදිකාව මත කතා කරන චරිතයක්. මේ කතාව වෙතින් පේ‍්‍රක්‍ෂකයා ග‍්‍රහණය කර ගත යුතුයි. නාට්‍යයක් වන, එහෙත් නාට්‍යයක් නොවන එකක් වන මෙහි දෙබස් මතක තබා ගැනීමම අභියෝගයක් වුණා. ඒත් පුහුණුව නිසා ඒ අභියෝගය ජය ගත්තා.

 

මහ සමයම
මේක ඇත්තටම දෘෂ්‍ය කාව්‍යයක් වගෙයි. එක්තරා අවස්ථාවක වේදිකාවේ එක් කෙළවරක සිට තවත් කෙළවරකට පෙරළිලා යන්න තිබුණා. ඒ දර්ශනය හරියට ගඟක් තරණය කරන්නාක් වගෙයි. මේ දර්ශනයට දැලක් වගේ දෙයක් යොදාගෙන තිබුණා. පෙරැලීගෙන යනකොට දැලේ එතිලා මාව ලිස්සා ගොස් වැටුණා. ඒත් රඟපෑම අතෑරියේ නැහැ. දිගටම කළා. පේ‍්‍රක්‍ෂකයාට එය දැනුණෙ නැහැ.

 

කලූකුමාරි
මෙය ගායනයxරංගනය සහ නර්තනය ඇතුළත් නාට්‍යයක්. මට මගේ සියලූ දක්‍ෂතා ඒ නිසා පෙන්වීමේ හැකියාව ලැබුණා.

 

සෙල්ලම් නිරිඳු
මෙහි කතා තේමාව දස්කොන් පුවතයි. මම රඟපෑවේ සුමිත‍්‍රා බිසවගේ චරිතයයි. මේ නාට්‍ය වේදිකාගත වන දිනවල තවත් නාට්‍යයක් ”දස්කොන්” නමින් වේදිකාගත වුණා. ඒ නාට්‍යයේ සුමිත‍්‍රා බිසව ලෙස රඟපෑවෙත් මමයි. හැබැයි චරිත දෙක එකිනෙකට වෙනස්. දෙබස් පවා වෙනස්. ඒත් ඒ අත්දැකීම මට කවදාවත් අමතක කළ නොහැකියි.

 

 


             හැඩගැන්වීම් - සමාධි නානායක්කාර               

 

 



අදහස් (0)

දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජනය

විෂන් ලසන්ත Friday, 10 January 2014 09:23 AM

වයසේ හැටියට ඇදුම පැලදුම තිබුනා නම් අගෙයි නේද? (නදී)

:       0       0

සමරේ Thursday, 09 January 2014 10:31 PM

මම මාදනී ඉන්න වේදිකා නාට්‍ය බලල නෑ . ඒත් ටෙලිනාට්‍ය වල රඟපාන හැම චරිතයක්ම අති විශිෂ්ට්යි. මේ මේකප් එකනම් දිරවන්න අමාරුයි. (දී)

:       0       0

නලින් Friday, 10 January 2014 06:07 PM

වසර දහයක් පුරා ඔබේ රැගුම් දිවිය ඉතාමත් සුන්දරයි (දී)

:       0       0

සංජීව Saturday, 11 January 2014 01:41 PM

මාදනීට මක් වෙලාද. මම පින්තුර ටික විතරක් බලාගෙන පහලට ගියා. කව්ද කියල හොයාගන්න බැරුව ආපහු උඩට ගිහින් කියවල තමා නම හොයාගත්තේ. (නදී)

:       0       0

නැනී Friday, 10 January 2014 10:24 AM

අයියෝ, මාධිනිත් විකාර ලෝකෙට ආවද ? එපා නංගියේ, එපා. යහපත් ආදර්ශමත් අම්ම කෙනෙක් වෙන්න , අපි ඔයාට හුගාක් ගරු කල , ප්‍රිය කල ප්‍රේක්ෂකයෝ.(නදී)

:       0       0

අරුණ Tuesday, 14 January 2014 12:13 PM

මදිනි මම දුටුවේ පුංචි තිරේ. එකක් දෙකක වගේ නමුත් අමුතුම හැඩ තලයක් තිබෙන චරිතාංග රංගනයක් පිළිබිඹු කල.කෙනෙක් හැමතැනම නැති ඩොමී ජයවර්දයන්ගේ සිත්‍රී පාර්ශ්වය නියෝජනය කල හැකියාවක් තිබේ (දී)

:       0       0

සමන් Saturday, 11 January 2014 03:36 PM

තරහ කාරයෙක් මේක් අප් කරලා වගේ.(නදී)

:       0       0

තුෂර Thursday, 30 January 2014 04:34 PM

මේකප් දාලා කැත වෙලා (දිල්)

:       0       0

කුමාරි Friday, 10 January 2014 11:59 AM

සෑම ගැහැණියක් ලගම විවිදාකාර ලස්සන තියනවා. ගොඩක් අය තමන්ගේ වයසට වඩා අඩුවෙන් පෙනෙන්න මේකප් වලින් උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ තියන ලස්සනත් නැති වෙන එක. ඔයා හොද නිලියක්. නිර්වයාජ වෙන්න ජයවේවා! (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 10 January 2014 12:04 PM

විකාර රූපී වෙලානේ.(නදී)

:       0       0

තාරා Tuesday, 18 February 2014 10:57 AM

ඔබ 2012 වසරේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ තිබුණු වේදිකා නාට්‍යයෙන් පස්සේ රෑ තිබුණු පාර්ටියට ඇදන් හිටපු ඇදුම හරි ලස්සනයි. මේ මොකක්ද මේ ඇදන් ඉන්නේ, (නදී)

:       0       0

ධම්මි Wednesday, 22 January 2014 08:56 AM

ඇත්ත තමයි අනේ ආයි නම් ඔයා ඔය විධියට අදින්න එපා. දෙරණ ලිට්ල් ස්ටාර් එකට ආරාදිතයෙක් විධියට ආවෙ ඔයා නේද ඔයා හරි ලස්සන කෙනෙක් ඒ වගේම දක්ෂ කෙනෙක්. මම කැමතිත් ඒ සරල ඔයාට. ජය වේවා....! (නදී)

:       0       0

විජිත බුලත්සිංහල Friday, 10 January 2014 12:17 PM

අනේ අපරාදේ අපේ හිතේ ඇදිල තිබිච්ච සරල මාදනීව කාලා. සරල සිංහල ගැමි ප්‍රතිරූපය කොච්චර ලස්සනද ? ආයෙ නම් යන්න එපා ඔය හැඩ ගන්නපු කෙනා ලගට. කොච්චර කැතට සංකර කරලද අපිට එපා ඔය මාදනී.(නදී)

:       0       0

හිරාන් Saturday, 01 February 2014 02:07 PM

ඇදුම තමා වැරැද්ද (දී)

:       0       0

හිරු Saturday, 01 February 2014 02:07 PM

රංගනයනම් ගොඩක් ලස්සන උනාට ඔය ඇඳුමට වඩා ගොඩක් චාම් ඇඳුමක් ඇඳලා මේකප් නැති උනානම තවත් හරිම ලස්සනය් ..... (දී)

:       0       0

සූජා Friday, 10 January 2014 01:05 PM

ඔයාගේ නාට්‍යය උළෙලට මගේ සුබ පැතුම්. (අ)

:       0       0

සෙනෙවිරත්න Sunday, 23 February 2014 04:30 AM

මම කැමතිම කළා කාරිනියක් , මොකද මේ වෙනස (දී)

:       0       0

සෙනෙවි Sunday, 23 February 2014 04:30 AM

අපේ සුභපැතුම් ඔබට (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 10 January 2014 01:25 PM

මේ විකාර මොස්තරේ නිසා ප්‍රේක්ෂකයින් කෙරෙහි තිබු ඇල්ම අඩුවෙනවා(දිල්)

:       0       0

ජයන්ත Monday, 07 April 2014 10:21 AM

ඔයා ගෝනියක් කපලා ඇඟට දාගත්තත් හැඩයි. ඒ නිසා විකාර නම් කරන්න එපා. ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

පුෂ්ප කොතලාවල Friday, 10 January 2014 03:50 PM

ඔබට සුබ අනාගතයක් පතනවා.(දිල්)

:       0       0

වෙල්ගම Friday, 10 January 2014 08:42 AM

මාධනි ඇත්තටම ලස්සන කෙනෙක්. ඒත් මේ විකාර හැඩ ගැන්වීම් නිසා එයා කැත වෙලා.(නදී)

:       0       0

චතුර Friday, 31 January 2014 12:36 AM

මේකප් එක නම් ෆුල් චාටර් (අ)

:       0       0

චමිල ප්‍රසන්න Saturday, 25 January 2014 08:11 PM

දැන් කාලේ අපේ රටේ ගොඩක් නිලියෝ මේ වගේ ලිපියකට එක් කරන අසීමිත මේකප් තට්ටු නිසා ඒ අය කව්ද කියලවත් හොයාගන්න අමරුවෙනවා..මේ ටික කාලෙට මම දැක්කා ඒ වගේ කීප දෙනෙක්. පොඩ්ඩක් ඒ දේ ගැනත් හිතන්න. (නදී)

:       0       0

නෙළු Monday, 03 February 2014 05:02 PM

ඔයාගේ ලස්සනට අමුතුවෙන් මේකප් අවශ්‍ය නෑ. වයසේ හැටියට ඇදුම පැලදුම තිබුනා නම් අගෙයි. ඇඳුම ගැන තව සැලකිලිමත් වෙන්න.(නදී)

:       0       0

ලහිරු උදයශාන් Thursday, 27 February 2014 03:43 PM

ඔයාගේ හෙයාර් ස්ටයිල් එක නම් අවුල. ඔයාට ගැලපෙන්නේ නොර්මල් කොන්ඩේ. (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 513 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61
2024 සැප්තැම්බර් මස 21 0 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 332 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1385 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 563 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 328 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site