IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්

HOT-STORY-IMG20151230-01

 

මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත‍්‍රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන මේ රොෂෙල් එක් වතාවක  දී නොව, දහස් වතාවකටත් වඩා වැඩි අවස්ථාවක දී මනාලියක වූ බැව් කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් එය සැබෑවක් ම ය. හැබැයි ඇය එලෙසින් මනාලියක වූයේ සැබෑ ජීවිතය වෙනුවෙන් නොවේය. සැබෑ ජීවිතයේ එක් වතාවකදී පමණක් මනාලියක වූ මේ රොෂෙල් දහස් වතාවකට වඩා මනාලියක ලෙස පෙනී සිටියේ නිරූපණ ක්ෂේත‍්‍රයේදී ය. එලෙසින් නිරූපණයට පමණක් දායක වන රොෂෙල් එක්ක අපි විස්තර ටිකක් කතා බහ කරමු. 

 


0101 රොෂෙල් මුලින්ම ඔබ ගැන සඳහනක් කළොත්?
HOT-STORY-IMG20151230-07මම රොෂෙල් මධුෂිකා ලියනගේ, ගම ගල්කිස්ස. ඉගෙන ගත්තෙ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්. කලා අංශයෙන් අධ්‍යාපනය කළේ.


0101 නිරූපණ අංශය තෝරා ගත්තෙ ඇයි?

දක්ෂතාවය වගේම ලොකු උනන්දුවක් ඒ අංශය සඳහා ඇති බව මම දැන සිටියා. ඒ වගේම බ‍්‍රයිඞ්ල් අංශයට වඩා හොඳයි කියලත් හිතුවා.


0101 කරළියට ආවේ ඒ විදියටද?

මුලින්ම රූපලාවන්‍ය ශිල්පිනී ෂෙහානා පෙරේරා යටතේ මනාලියක ලෙස නිරූපණයට මට අවස්ථාවක් ලැබුණා. ඊට පෙර රූපලාවන්‍ය ගැන පාඨමාලාවකුත් හදාරා තිබුණා. එදා ෂෙහානා යටතේ මනාලියක ලෙස හැඩවීමෙන් පසුව නිරන්තරයෙන්ම ඒ සඳහා ආරාධනා ලැබුණා. 
පසුගිය අවුරුද්දෙ විතරක් අවස්ථා 600 කට වඩා මනාලියක ලෙස පෙනී සිටීමේ අවකාශය ලැබුණා.


0101 මේ නිසා ඔබට ලොකු මුදලක් ලැබෙනවත් ඇති නේද?

මොන දේ කළත්, අපි එය වෘත්තිය මට්ටමින් කරනවා නම් අඩු මුදලට කළ යුතු නැහැ. වෘත්තිය වටිනාකම ලබා දිය යුතුයි. ඉතින් මම මගේ තක්සේරුවට අනුව එන ඒවා විතරයි බාරගන්නේ.


0101 මේ ගෙවී ගිය කාලයේදී විවිධ ස්වරූපයේ මනාලියන් ලෙස හැඩ වෙන්න ඇති නේද?

උඩරට, පහතරට, දමිළ, හින්දු මේ සෑම විදියකටම හැඩ වෙන්න ලැබුණා.


0101 වෘත්තියෙන් ඔබ නිරූපණය විතරමද කරන්නේ?

බ‍්‍රයිඞ්ල් සහ විලාසිතා නිරූපණය වගේම රූපවාහිනී දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා. 


0101 රඟපෑමට කැමැත්තක් ඇත්තේම නැද්ද?

HOT-STORY-IMG20151230-08මේ නිරූපණ කටයුතු නිසා රඟපෑම සඳහා කාලය වැය කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම මට දෙබස් කීමේ අඩුපාඩුවක් තියෙනවා. එනම් සිංහල භාෂාවෙන් වචන උච්චාරණය එතරම් පැහැදිලි නැහැ. ඒ නිසා තමුන්ට පුළුවන් දේ විතරක් කිරීම හොඳයි.


0101 සිනමාවට ඒමේ අදහසකුත් නැද්ද? 

ඇත්තටම ඒ වෙනුවෙන් ආරාධනා ලැබුණා. ඒත් මම දායක වුණේ නැහැ.


0101 ඇත්ත ද ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය බල්ලන්ට කෑම දීම කියන එක?

මම ඒකට හරිම ආසයි. බොහෝම උනන්දුවෙන් එය කරන්නේ. බල්ලෙක් මහමගදි දැක්කොත් කෑම දීලා තමයි එන්නේ. එයින් මම ලොකු සතුටක් ලබන්නේ.


0101 නිරූපිකාවක් යනු කවුද?

ඇය නිරූපිකාවක් වන්නෙ වේදිකාවේ හෝ කැමරාව ඉදිරියේදී විතරමයි. එතැනින් එහාට වූ බැඳීම් නැහැ. මගේ පවුල සහ මගේ ගරුත්වය අංක එකට හිතන්නෙ. අසාධාරණයක් දුටු තැන මට කේන්ති යනවා. ඒ වගේම කා ගැනවත්  ඕපාදුප කතා කිරීමේ පුරුද්දක් හෝ තව කෙනෙක් කියන  ඕපා¥ප ඇසීමේ පුරුද්දක් මට නැහැ. මම හිතන්නෙ මම නිරූපණ වෘත්තිය ගරුත්වයෙන් කළ යුතුයි කියලා විතරයි. 

 

 විලාසිතා නිර්මාණය හා හැඩගැන්වීම ලක්කිත උක්වත්ත 

 

 

HOT-STORY-IMG20151230-02

HOT-STORY-IMG20151230-03

HOT-STORY-IMG20151230-04

HOT-STORY-IMG20151230-05

HOT-STORY-IMG20151230-06

 

sadun-gamage-new



අදහස් (0)

දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 640 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 869 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1323 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2498 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3296 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35038 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24041 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site