IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දෝහා නුවර රැව් දුන් සිංහල අලුත් අවුරුදු සිරිය

DSCF0005

DSCF0027

DSCF0041

DSCF0068

DSCF0069

DSCF0104

DSCF0149

DSCF0199

DSCF0204  

DSCF0252  

DSCF0298

DSCF0396

 

 

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව එක්ව සංවිධානය කළ බක්මහ උළෙල අප්‍රේල් 15 වැනි දින දෝහා නුවර අල්සාද් ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.


සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් සමන්විත වූ මෙවර බක්මහ උළෙලේ ප්‍රධාන අරාධිතයන් ලෙසින් ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්.එම්. කරුණාදාස මහතා සහභාගි විය.

DSCF0273
ශ්‍රී ලංකාවේ සුප්‍රකට රංගන ශිල්පිනියන් වන උමයංගනා වික්‍රමසිංහ, මුතු තරංගා හා ලංකා කාරියවසම් මෙන්ම පසුගිය වසරේ හොඳම විකට රංඟන ශිල්පියා ලෙසින් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සැන්ඩෝ හැරිස් ද මෙවර බක්මහ උළෙල රසවත් කිරීම සඳහා දෝහා නුවරට පැමිණි අතර උළෙල සංගීතයෙන් ඔපවත් කළේ වසන්ත කළුආරච්චි ප්‍රමුඛ ෂෙහාරා සංගීත කණ්ඩායම විසිනි.


සුපුරුදු පරිදි ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් බක්මහ උළෙල සඳහා සහභාගි වූ සැමට උදෑසන ආහාරය නොමිලේ ලබාදෙන ලදී.


ශ්‍රී ලාංකිකයන් දස දහසකට අධික පිරිසක් සහභාගි වූ බක්මහ උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙසින් වොඩාෆෝන් ආයතනය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කළ අතර සම අනුග්‍රාහකයන් ලෙසින් ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල්, රෙඩිමික්ස් කටාර්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අල් බටීල් සෙකියුරිකෝර් යන ආයතන කටයුතු කළේය.


ඩොමැස්කෝ, නිව් වයිට් ඕෂනික් රෙස්ටුරන්ට්, අල් වස්ල් ෆර්නිචර්, බ්‍රෑන්ඞ් එක්ස්ප්‍රෙෂන්ස්, කටාර් යුනයිටඞ් ට්‍රැවල්ස් වර්ල්ඞ් සහ එස්සීඑම් යන ආයතනද බක්මහ උළෙල වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදී තිබූ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාන විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහයත් මැදපෙරදිග ලංකාදීප පුවත්පත මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයත් ලබාදුණි.

DSCF0239
බක්මහ උළෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දේශමාන්‍ය ටෙනිසන් ද සිල්වා මහතා ඉසව් සම්බන්ධීකරණය කළ ශ්‍රී ලංකා සමීක්ෂකයන්ගේ සංගමය, ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා මිතුරු සමාජය, ශ්‍රී ලයන්ස් දෝහා, ශාන්ත සිල්වෙස්ටර් හා ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත්, අනුග්‍රාහකභවතුන් සැමට සහ උළෙල නැරඹීම සඳහා පැමිණි ආරාධිතයන් ඇතුළු සහෘද 
ශ්‍රී ලාංකික සැමටත් සිය කෘතඥතාවය පළකර සිටියේය.


මීට අමතරව උළෙලේ සියලු කටයුතු සාර්ථකව නිම කිරීමට දායක වූ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්.එම්. කරුණාදාස මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට, ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ සභාපති නිමල් තුඬේවත්ත මහතා ඇතුළු සමාජිකයන්ට, ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති මහේෂ් අබේපාල මහතා ඇතුළු සාමාජිකයන්ට, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සියලුම සාමාජිකයන්ට, වේදිකාව  සපයා දුන් බන්දුල රත්නායක මහතාට, වේදිකා ආලෝකරණය කළ නුවන් ඩග්ලස් මහතාට, ශබ්ද විකාශනයෙන් දායක වූ බ්ලැක් කැට්ස් ආයතනයට සහ නන් අයුරින් උපකාර කළ සියළු දෙනාටත් ඔහු සිය විශේෂ ස්තුතිය පුදකර සිටියි.



අදහස් (0)

දෝහා නුවර රැව් දුන් සිංහල අලුත් අවුරුදු සිරිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1473 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1593 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1891 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25235 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site