IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දළුකාන දරුවන්ට අහේනියක් නෑ:අදත් ව්‍යංජන පහක් සමග කෑම කාලා

දිඹුලාගල දළුකාන ගම්මානයේ ආදිවාසි දරුවන්ට ආහාර අහේනියක් නොමැති බවත්, ආහාර නොමැතිකම නිසා ඔවුන්ගේ පාසල් ගමන නතර වී ඇති බවට ‘ලංකාදීප’ පුවත්පතේ ඊයේ (31) පළවූ ප්‍රවෘත්තිය නිවැරදි නොවන බවත්, ජනාධිපති කාර්යාලය කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවමින් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් ඒ ගැන කරුණු විමසූ බව ද පුවත්පතේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ඔවුන් එහිදී පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් වේ.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරීන් පිරිසක් දළුකාන ග්‍රාමයට ඊයේ (31) ගොස් ඒ පිළිබඳව සොයා බැලූ අතර ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ සාකච්ඡා කළ බව ද ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟය නිසා පාසල් ගමන අතහැර දැමූ ළමයින් ගම්මානයේ නොමැති බව ඇය එහිදී පවසා ඇති බව ද එහි සඳහන් වේ.

තම දරුවන් කැළෑකොළ කන තරමේ ආහාර අහේනියක නොමැති අතර, ඇතැම් වැඩිහිටියන් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම වැනි හේතු නිසා ඇතැම් ළමයින් කඩින් කඩ පාසල් යන බව ද එය තම ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියකැයි ප්‍රදේශවාසීන් කිහිප දෙනකුම රාජ්‍ය නිලධාරීන්ට පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයට ගොස් විදුහල්පතිවරිය, ආචාර්ය මණ්ඩලය සහ ඒ අවස්ථාවේ පැමිණ සිටි දෙමාපියන් සමග සාකච්ඡා කළ බව ද එහිදී පුවත්පතේ පළවී තිබූ ආකාරයේ ප්‍රශ්නයක් හෝ ආහාර හිඟය නිසා පාසල් ගමන අතහැර දැමූ ළමයින් ගම්මානයේ නොමැති බව ඔවුන් පැවසූ බව ද එහි සඳහන් වේ.

සෑම දිනකම දානපතියන්ගේ ආධාර ඇතිව දරුවන්ට උදෑසන හා දිවා ආහාරය වශයෙන් වේල් දෙකක් පාසලෙන් ලබා දෙන බව ද ඇඳුම්, පොත්පත්, පෑන්, පැන්සල්, බෑග් ආදිය ද දානපතියන් පිරිනමන බව ද එහිදී විදුහල්පතිවරිය රාජ්‍ය නිලධාරීන්ට පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් වේ.

තමා උදෑසන පාසලට ගිය අවස්ථාවේ වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් පාසලේ සූදානම් කර තිබෙනු දුටු බව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසූ බව ද එම ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය නිලධාරීන් සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලයට ද ගොස් සොයා බැලූ අතර, එම පාසල්වලට ද උදෑසන හා දිවා ආහාර සිසුන්ට පිරිනමනු දුටු බව ද එම ලිපියේ සඳහන් වේ.

ප්‍රවෘත්ති ලේඛකයාගේ සටහන:-

මෙම පුවතට පදනම් වූයේ දළුකාන ගම්මානයේ ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය ‘ලංකාදීප’යට කළ ප්‍රකාශයකි.

ඇයගේ ප්‍රකාශය සහිත හඬ පටය ද අප සතුව තිබෙන අතර, පුවතේ නිරවද්‍යතාව තහවුරු කළ හැකි සාක්‍ෂි තිබෙන බව ද ප්‍රකාශ කරමි.

 



අදහස් (22)

දළුකාන දරුවන්ට අහේනියක් නෑ:අදත් ව්‍යංජන පහක් සමග කෑම කාලා

බන්දු Monday, 31 October 2022 10:00 PM

වර්ග පහක් සමග කන්න ඇත්තේ මේ ටයි දාපු මහත්වරු වෙන්න ඇති. ඒ දරුවන්නම් දවසට එක වේලයි කන්නේ.

:       13       59

Prabha Tuesday, 01 November 2022 01:01 AM

වර්ග පහක් සමග කෑමක් තරු පහේ හෝටලයක් වෙන්න ඕන

:       0       0

අුතුල Monday, 31 October 2022 10:09 PM

හඳ පෙන්නනකොට හඳ දිහා බලපල්ලා මහත්වරුනේ අඟිල්ල දිහා බලන්න එපා.

:       12       44

BamunuarachchiTuesday, 01 November 2022 06:34 AM

එක මොවුන් ලබලා තිබෙන අද්යාපනයේ වැරැද්ද. මොවුන් ඉස්කෝලේ යන කාලේ අංක ගනිත පොතේ ගණන් හැදුවේ නැහැ පොතේ කතෘ ජයසුරිය ගැන හෙව්වා. අන්තිමට ගණන් ෆේල්

:       2       4

කිරිපුතා Monday, 31 October 2022 11:46 PM

ගෑස් ප්‍රශ්න නැති, ඉන්ධන ප්‍රශ්න නැති, වගා කරගෙන කන මිනිසුන් ට ප්‍රශ්න ඇති. හරබැයි සාගින්නේ හිටින්න නම් හේතුවක් නැති වෙන්න ඕන. අල බතල , කොස් දෙල් වගා කරගත්තු දෑ අතිනෙ.

:       1       3

C.K.LankaputhraTuesday, 01 November 2022 01:00 PM

කොහේ හරි අහු මුල්ලක පොලිතන් කෑලි ටිකක් වටකරගෙන දිරාපු ටකරන් කෑලි ටිකක් වහලට දාගෙන දරු මල්ලන් රකින කීදෙනෙක් රටේ ඉන්නවද කියන කිරි බොන පුතා දන්නෙ නතුවදෝ අල බතල කොස් දෙල් ගැන කතාකරනවා. එයාට නං කිරි බොන තැන් කීපයක්ම ඇති.

:       0       1

Sk Tuesday, 01 November 2022 05:44 AM

මේවා අමූලික බොරු .රාජ්‍ය නිලධාරීන් කවද්ද අත්තක් කිවුවේ

:       0       0

අසාධාරණ Tuesday, 01 November 2022 06:01 AM

කොහොම වුනත් ව්‍යංජන පහක් සමග කෑම කනවා කියන්නෙ ප්‍රාදේශීය ලේකම් හා කලාප අධ්‍යක්ෂ වෙන්න ඇති සාමාන්‍යයෙන් ග්‍රාමීය ජනතාව එහෙම කෑමක් කනවා තියා හදන්න හිතන්නේ වත් නැහැ මේ රටේ හැමදාම තියෙන්නෙ බොරුව.ඒකනේ රට බංකොලොත් වුනේ.බලන්නකො ඔය නිළධාරින් දෙදෙනාම ළගදි උසස්වීම් ගන්න හැටි.පුවතක් පලවුනාම ඒකෙ ඇත්ත නැත්ත බලනවාට වඩා එහෙම නොවෙන්න වැඩ කරනවානම් නේද හොද

:       0       9

Bamunuarachchi Tuesday, 01 November 2022 06:28 AM

කන්න නැහැ කියන එකත් මාද්‍ය කාරයින්ගේ ප්‍රචාර කන්න තිබෙනවා කියන එකත් මාද්‍ය කාරයින්ගේ ප්‍රචාර. හැබැයි මෙරටේ කන්න නැතුව ඉන්න වෙන්නේ නැහැ.

:       5       2

Bamunuarachchi Tuesday, 01 November 2022 06:35 AM

.මම දිඹුලාගල අල්ලෙවවැව රාජකාරී කලේ 1968 -1969 කාලේ. එහෙ මිනිසුන්ට විසාල වැවක් තිබුනා අහේනියක් තිබුනේ නැහැ දැනුත් අහේනියක් නැහැ හිතනවා මොකද මහවැලි ව්‍යාපාරයට එකතු උන නිඅසා

:       3       3

සිසිර Wednesday, 02 November 2022 05:55 AM

පොහොර නැතුව වී අස්වැන්න අඩුවෙලා තියෙන්නේ බාගයක්ම ඉතින් ඉදිරියට තත්වය තවත් අමාරුයි ලබන ජනවාරි පෙබරවාරි වෙද්දී හොදම හරිය.

:       0       0

wasantha Tuesday, 01 November 2022 06:45 AM

මර්ධනකාරී ජනාධිපතිත් ජනාධපති ලේකම් තුමාත් කියන විධියට වර්ග පහක් සමග ආහාර ගැනීම සාමාන්‍ය දෙයක් හැටියට පෙන්වීම පිළිගන්න අය තවත් ඉතුරුවී ඇත්ද. ආදිවාසී නායිකාවගේ ජීවිතය දැන් අවදානම් විය හැක

:       2       4

Malaka Tuesday, 01 November 2022 07:25 AM

ප්‍රාදේශීය ලේකම් යන්න කලින්ම ග්‍රාම සේවක උන්නැහේ ලස්සනට නාට්ටිය හදල තියන්න ඇති ඔය නිලධාරීන් ගේ හැටි ඔහොමම තමයි කොහොම හරි ඉහලට පෙන්නනේ ප්‍රශ්නයක් නැහැ කියල නැත්නම් තමන්ගේ තනතුරට අනතුරක් වෙනවනේ කරුණාකර මිනිසුන්ගේ සබැ ප්‍රශ්න නොසගවා ඒවාට පිළිතුරු ලබාදෙන්න දැන් කොහොමත් ජනාදිපති කාර්යාලයට ලස්සනට ලමයි කනබොන ඒවා ඉස්කෝලේ යනේව එහෙම ෆොටෝ ගහල හරිම සශ්‍රීක ගමක් කියල පෙන්නලා ඇති

:       1       6

රංගෙ Tuesday, 01 November 2022 07:28 AM

ආහාර අහේනියක් නැත්තං ධානපතියො මොකටද ආහාර ලබා දෙන්නෙ....

:       1       6

sharm warnTuesday, 01 November 2022 04:26 PM

හරියට හරි රංග, හරිම වැදගත් නිරීක්ෂණයක්.

:       0       1

BamunuarachchiWednesday, 02 November 2022 07:56 AM

අහාරපාන ඇඳුම් පැළදුම් තවකෙනෙකුට දෙන්න ලබන්නාට අහෙනියක්ම තිබෙන්න ඕනේ නැහැ නේද.

:       0       0

Kumara Tuesday, 01 November 2022 08:09 AM

ඔබ සතුව ඇති හඬ පටිය ප්‍රසිද්ධ කරන්න. එච්චරයි.

:       1       3

Sunil Tuesday, 01 November 2022 08:12 AM

මේ මාධ්‍ය අංශය නම් කවදත් කළේ සත්‍යය වසන් කිරීමනෙ.

:       0       1

හෝ හෝ තුෂාරා Tuesday, 01 November 2022 08:23 AM

පාසල් දරුවන් බලන්න ආපු කැළෑකොළ දළු කනප්‍රාදේශීය ලේකම්වරයා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා, කැළෑකොළ දළු කන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරිය විසින් පිළිගත් අයුරු. මේ ගැන කරුණු විමසා බලා කටයුතු කල තෘණදළු කන සමන් ඒකනායක ජනාධිපති ලේකම් මහතාට අපේ ප්‍රණාමය! අපිට අනින අපේ හරක්!!

:       2       2

Perera Tuesday, 01 November 2022 08:46 AM

ටයි දාගෙන සූට් ගහලා මොන්ටෙරෝ පැජරෝ වලින් ගියාම අඩු පාඩු පෙනෙන්නේ නෑ තමයි. වෙස් වලාගෙන දන්වන්නේ නැතුව බස් එකේ ගිහින් බලන්න කතන්දරේ මොකක්ද කියලා.

:       0       1

jayasiri amarasekara Tuesday, 01 November 2022 09:04 AM

government officials are real bulsයit in our country. always standing with politicians or wrong side. never they cannot seen real situations on ground. five curry with foods i knows .........only dreams s that children and peoples....

:       0       1

sharm warn Tuesday, 01 November 2022 09:31 AM

අඩෙ බෝලේලේ. අපිත් එහෙට්ටම යමුකො.. අපිත් කන්නෙ මාලුපිනි 2 ක් එක්ක. . මෙ වගෙ තුප්පහි නිලධාරියො අර රනිල්වත් පත් කරවන්න ඇති. . රට දියුනු වෙලා කියල ඔප්පු කරවන්න.. අනේ ටයි කාරයිනි.. අනුන්ගෙ පව් වලට කර ගහල මිනිස්සු මුලා කරන්න එා.. අඩු ගානෙ තමන්ගෙ යන තැන ැන හිතපල්ල..

:       1       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 266 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 770 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 457 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2062 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1661 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 660 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1884 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site