IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දළුක් ඔයේ ගසාගෙන යාමෙන් 4 ක් මරුට අයෙක් අතුරුදන්

(චමිල් රූපසිංහ)
මහනුවර පන්විල ප්‍රදේශයේ දළුක් ඔයේදී දිය නෑමට ගිය පස්දෙනකු දියේ ගසාගෙන යාමෙන් සිව්දෙනකු මියගොස් අයෙක් අතුරුදන්ව තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනකු සහ  පිරිමි අයෙකි. තවත් පිරිමි අයෙක් අතුරුදන්ව සිටී.

මහනුවර හුළු ගඟේ අතු ගංගාවක් වන දළුක් ඔයේදී දිය නෑමට ගොස් ඇති මෙම පිරිස කොළඹට ආසන්න ප්‍රදේශයක ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් බව දිගන පොලිසිය කියයි.



අදහස් (17)

දළුක් ඔයේ ගසාගෙන යාමෙන් 4 ක් මරුට අයෙක් අතුරුදන්

ජගත් ලියනගේ Saturday, 07 April 2018 12:02 PM

ළඟදී මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් ඇයි මිනිස්සු මෙච්චර මෝඩ. කොහේ හරි වතුර දැක්කොත් අපේ මිනිස්සු ඒකට පැනල නාන්නමයි හදන්නේ.. ඒකෙ තියන භයානක කම හිතන්නේ නැතුව. බලධාරීන් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ කාලය ඇවිල්ල තියෙන්නේ...

:       9       49

PJSaturday, 07 April 2018 10:33 PM

මේ සම්බන්ධයෙන් බලධාරීන් වන්නේ අපමයි.

:       0       9

ජගත් ලියනගේ Sunday, 08 April 2018 08:51 AM

මම අදහස් කළේ ඔය වගේ තැන් වලට, භයානක කම දක්වන පුවරු සවිකිරීම, ජීවිත ආරක්ෂක නිලධාරීන් එම ස්ථාන වල රැඳවීම වගේ දේවල් ඇති කිරිමට බලධාරීන් විසින් කටයුතු කිරීම වගේ දේවල්....

:       5       0

Thusha Saturday, 07 April 2018 12:49 PM

මාධ්‍යය මගින් කොපමණ රටේ මිනිසුන්ව දැනුවත් කළත් වැඩක් නැහැ. පත්තරවලින්, රූපවාහිනියෙන් කොතරම් නම් දැනුවත් කලත් මිනිසුන්ට ගානක් නැහැ. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ...

:       10       65

nihal Saturday, 07 April 2018 03:06 PM

තුෂා හරි .. මේ රටේ මිනිස්සු පත්තර, රූපවාහිනී මගින් ඉගන ගන්නේ නැත.. හරි හෝ වැරදි දේ පුරුද්දට වගේ කරති.. නිල් නැත්නම් කොළ ......කොළ නැත්නම් නිල්...

:       0       4

Chandima Saturday, 07 April 2018 04:00 PM

ඔන්න ඕකට තමයි කියන්නේ කේන්දරේ අට වෙනි ස්ථානයේ චන්ද්‍රයා ඉන්න අය කොච්චර කිව්වත් අහන්නේ නැහැ. වතුරෙන් මරණය සොයාගෙන යනවා කියලා. මේ අය ගැනත් පරීක්ෂණයක් කරලා බැලුවොත් එහෙම තියෙන අය බව සමහරවිට පෙනේවි..

:       145       2

Ranjith Silva Saturday, 07 April 2018 04:04 PM

කොහොම කොහේ හිටියත් කර්මය අනුව විපාක ලැබෙනවා. මේ වගේ රටක ඉන්න ලැබුණට නියම පල ලබන්න ශක්තිය අඩු වෙලා. සුවපත් වේවා !!!

:       5       0

Thiina Saturday, 07 April 2018 05:27 PM

ශ්‍රී ලංකාව වටේම සාගර ජලය, රට ඇතුලේ වටේටමත් මිරිදිය වලින් සපිරි ගංගා ඇළ දොළ වැව් අමුණු සාගර වන් ජලාශ උතුර උතුරා වාන් දමනවා. අපේ රට ඒ අතින් හරිම වාසනා වන්තයි . නමුත් ලංකාවේ පිහිනීමට ඇති හැකියාවේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව දැනෙන්නේ එදිනෙදා මාධ්‍ය හරහා ලැබෙන පුවත් මගින්. මේ තත්වය නම් හොඳ ප්‍රවන තාවක් නොවේ. දියේ ගිලී මිය යන යව්වන ප්‍රතිශතය ඉහල අගයක් ගන්නා බව පෙනේ. පාසල් පද්ධතියේ අනිවාර්ය විෂයක් ලෙස පිහිනීම් ක්‍රීඩාව හඳුන්වා දී එය සාර්ථකව ගැහැණු පිරිමි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රචලිත කරවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමේ කාර්ය අධ්‍යාපන බල ධාරීන් වෙත පැවරීමට සුදුසුම කාලය උදාවී ඇති බව කිව මනාය.

:       0       122

abaran Sunday, 08 April 2018 01:27 AM

මිනිස්සු කොයි ආකාරයෙන්වත් දැනුවත් කරන්නට බැරි නිසා තමයි රටට හේනේ වැදිලා තියෙන්නේ...මොනවා කරන්නද රටේ අවාසනාව...

:       0       18

ajithkaru Sunday, 08 April 2018 02:12 AM

නුතන තරුණ තරුණියන් බොහොම දෙනෙක් නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් තමයි මේ. අපේ තරුණ කාලේ ගැහැණු ළමයිනට ඔය වගේ තරුණ කණ්ඩායම් එකතු වෙලා විනෝද ගමන් යන්න දෙමවුපියන් ඉඩ දුන්නේ නැහැ. ගැහැණු ළමයි පිරිමි ඉදිරියේ දිය රෙද්දක්වත් ඇඳගෙන නානවා තියා ඉස්සරහට එන්නෙත් නැහැ. ඒක ඒකාලේ මේක මේ කාලේ කියල අපහාසයෙන් බලන මේ කාලේ මෙවැනි මරණ දකින කොට හිතෙන්නේ නැද්ද ඒකාලේ අපේ සංස්කෘතිය මොනතරම් වටිනවද කියල. එහෙම වුනානම් මෙහෙම වෙයිද?

:       237       307

Sanath Sunday, 08 April 2018 02:16 AM

මේකට තවත් හේතුවක් වෙන්නේ කට්ටියක් එකතුවෙලා විනෝද සවාරි ගියාම වතුරට බහින්න භය ඈයොත් බලෙන්ම අදලගන්නවා නාන්න. ඉතින් පීනන්න බැරි අය කරවටක් ගැඹුරු වතුරේ උනත් බයටම වැටිලා ගිලෙන්න පුළුවන්. මාත් ඉස්කෝලේ ට්‍රිප් එකකදී යාලුවෝ එකතුවෙලා මුහුදට ඇදල දාල තියෙනවා.

:       0       18

Semapala Sunday, 08 April 2018 02:55 AM

සොබා දහමට නොගැලෙපන විට අපව අසරණ කරන දඩුවම් ලැබේ.

:       0       6

kalum Sunday, 08 April 2018 03:09 AM

මේකත් සසර සැඩපහර වගේ තමයි. බුදුහාමුදුරුවෝ කොයිතරම් එහි භයානක බව කිව්වත් ඒකටම පැනල වැනසෙනවා.

:       0       11

t.n.j.kumara Sunday, 08 April 2018 03:45 AM

මම නම් කියන්නේ මේ මැරෙන වුන් විහින් ම තමා මේ දේ කරගන්නේ . ඒ නිසා මේවා ගැන එච්චර එලවන්න ඕන නෑ. පත්තර , රුපවාහිනිවල කොච්චර මේ වගේ සිද්දීන් දැම්මත් පාඩමක් ඉගෙනගන්නැති එවුන් මැරුණට දුක් වෙන්නේ මෝඩයින් පමණයි.

:       128       17

Dayan Sunday, 08 April 2018 04:03 AM

වතුරට බැසීමට ප්‍රථම ජිවිත ආරක්ෂක කබා පැළඳීම අනිවාර්ය කිරීමෙන්, මෙවන් ජිවිත හානි යම්තාක් දුරකට පාලනය කර ගත හැකි වනු ඇත.

:       30       0

ravi Sunday, 08 April 2018 07:16 AM

සැලකිලිමත් සහ වගකීමකින් යුතු ජීවන රටාවක අධ්‍යාපනයක්, අපේ රටට අනිවාර්යෙන්ම අවශ්‍යයි.

:       0       2

ravi Sunday, 08 April 2018 07:16 AM

සැලකිලිමත් සහ වගකීමකින් යුතු ජීවන රටාවක අධ්‍යාපනයක්, අපේ රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site