IMG-LOGO

2025 මාර්තු මස 07 වන සිකුරාදා


දළදා දැක්ම රාත්‍රි කාලයටත්?

(ෂේන් සෙනෙවිරත්න)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ.

අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ.

එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට බවයි.

කෙසේ හෝ දිනකට ලක්ෂයක බැතිමතුන් පිරිසකට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබුණත් ලක්ෂ 12ක ප්‍රමාණයකට වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මගහැරී යන බැවින් රාත්‍රී කාලයේදී ද පෝලිම්වල බැතිමතුන් රැඳී සිටින හෙයින් රජයේ ඉහළ නිලධාරීන් රාත්‍රී කාලයේ දළදා දැක්ම පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. දළදා සමිඳුන්ගේ සවස තේවාවෙන් පසු එසේ දළදා දැක්ම පවත්වන්නැයි ඉල්ලා ඇත.

 



අදහස් (0)

දළදා දැක්ම රාත්‍රි කාලයටත්?

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දළදා දැක්ම රාත්‍රි කාලයටත්?
2025 මාර්තු මස 06 364 0

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරු


සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි
2025 මාර්තු මස 06 720 0

නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මි



ත්‍රිරෝදයක් ගිනි ගනී
2025 මාර්තු මස 06 99 0

හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.


වගා හානි වන්දි ඉක්මනින් දෙන්න නියෝග
2025 මාර්තු මස 06 48 0

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා


රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව උණුසුම් වෙයි
2025 මාර්තු මස 06 1231 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 147 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 484 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 551 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site