IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි

(ළහිරු හර්ෂණ)

පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැසීය.

දළදා මාලිගාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේවරයා මේ බව පැවැසීය. මෙහිදී අදහස් දක්වමින් දියවඩන නිලමේ නිලංගදෑල මහතා මෙසේ ද පැවැසීය.

දළදා වන්දනාව සඳහා දෛනිකව සැලසුම්කරගත් ප්‍රමාණයට වඩා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. දළදා වන්දනාව අට වන දිනය වූ ඊයේ (24)  දිනත් බැතිමතුන් විශාල පිරිසකගෙන් මහනුවර පුරවරය පිරි තිබෙනවා. බැතිමතුන් වැඩි වීමත් සමග වන්දනා කරගැනීමට හැකි කාලය අඩුවක් තිබෙනවා.  මේ වන විට විශාල ජනකායක් මහනුවර අවට  රැඳී සිටීම නිසා  පාරිසරික වශයෙන්  මෙන්ම සනීපාරක්ෂක වශයෙන්  පහසුකම්  දෙන්න අවහිරතාවක් පවතිනවා.

 ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව,  සෞඛ්‍ය අංශ නගර සභාව මධ්‍යම පළාත් සභාව  විශාල සේවාවක් ඉටු කරනවා. අප එය අගය කරනවා. අම්පිටිය පාර කටුගස්තොට පාර යන ප්‍රදේශවල මේ වන විට විශාල ජනකායක් රැඳී සිටිනවා.  එම ප්‍රදේශවල සිටින ජනතාව, වෙළෙඳ ප්‍රජාව  විශාල සේවාවක් කළා.  අප ඔවුන්ගේ එම සේවාව අගය කරනවා.

ජනාධිපති අනුරකුමාර දිසානයක මහතා ඊයේ (24) පෞද්ගලිකවම මහනුවරට පැමිණ මල්වතු - අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාත් දියවඬන නිලමේ හැටියට මාවත් මුණ ගැසිලා සාකච්ඡා කළා.

ඒ අනුව කලින් නියම කරගත් පරීදි ශ්‍රී දළදා වන්දනාව අනිද්දා (27) දක්වා පමණක් පැවැත්වීමටත්  හෙට දිනයෙන් දළදා වන්දනාව අවසන් කිරීමටත් තීරණය කළා යැයි ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.



අදහස් (6)

දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි

යෝගා Friday, 25 April 2025 08:29 PM

2009දී ලක්ෂ ගණනක් කිසිම ප්‍රශ්නයක් නැතුව දළදා වහන්සේ වැන්දා. මෝඩ ආණ්ඩුවට මේ පාර ලක්ෂ තුනකටවත් වන්දනා කරන්න සංවිධානය කරගන්න බැරි වුණා. දින දීර්ඝ නොකරන එක හොඳයි. නැත්නම් තව කීපදෙනෙක් පෝලිම්වල මැරෙනවා. කුණු ගොඩ ගැහිලා මුළු නුවරටම වසංගත තත්ත්වයක් ඇතිවෙන්නත් තිබුණා. අන්දරේගේ ආණ්ඩුව මේකත් ෆේල් වුණා..

:       1       1

Toni Saturday, 26 April 2025 12:17 AM

දීර්ඝ කරන්න බැහැනේ... කඩේ චොරවෙලා ඉවරයි. මේ ආණ්ඩුව කරන කරන වැඩේ චොර....

:       1       1

Tharindu Saturday, 26 April 2025 03:56 AM

නැතිනම් බැහැනේ. දැනටමත් මහනුවර, විශාලා මහනුවර වෙලා ඉවරයි.

:       1       2

Buddika Saturday, 26 April 2025 08:22 AM

මේක හොඳයි. ආන්ඩුවේ කයිවාරුව සහ නොහැකියාව හොඳට දැනුණා. ස්ටේජ් උඩ විසිල් ගැහුවාට බල්ටි නෑ. විවේචනයට වඩා වැඩකිරීම අසීරු බව මාස ගාණකදී ආන්ඩුවම ප්‍රායෝගිකව ඔප්පු කළා. ඒවා ගැන පොත් ගණන් ලිවිය හැකියි. ඊට වඩා දළදා වහන්සේ අපේ උතුම්ම වස්තුව. ඇයි මේ ප්‍රදර්ශනය පවත්වන්න වසර 16ක් ගියේ? ඒ නිසාමයි මේ අධික තදබදය. ඒක නොකළ එකේ වගකීම නිලමේවරයා, මල්වතු, අස්ගිරි හිමිවරු මෙන්ම පැවැති ආණ්ඩුත් ගතයුතුයි. වසරක් පාසා මේක කළා නම් මේ තදබදය නෑ. මේ දැඩි තදබදය නිසාම නුවර අද අපායක් වෙලා. අපු පන්සල් යන්නේ, ගෙදර බුදු පහන තියන්නේ පිරිසිදුව... ඒත් අපේ මිනිස්සු ගැන විලිලැජ්ජයි. දවස් ගානක් පෝලිමේ ඉඳලා නස්ගන්න, ඇඳුමක් මාරුකර ගන්න, වොශ් රූම් එකට යන්න නැහැ. පාරවල් ගානෙ මල ජරාව. මේක උතුම් දළදා වහන්සේට අගෞරවයක්. වසරක් ගානේ කළා නම් ප්‍රශ්නයක් නෑ. එලෙස කරන්නට නොහැකිවීමට කිසිම හේතුවක් නෑ. උතුම් දළදා වහන්සේ බෞද්ධයින්ගේ උරුමයක් මිස මල්වත්තේ, අස්ගිරියේ හෝ නිලමේගේ පුද්ගලික බූදලයක් නොවෙයි...

:       1       2

චන්දිම Saturday, 26 April 2025 08:36 AM

බුදුරජාණන් වහන්සේ කවදාවත් මිනිසුන්ට තමන් වහන්සේ හමුවන්නට එන වෙලාව ගැන එකඑක තහංචි දැම්මේ නැහැ. මේ ගොල්ලෝ ඔය එක එක කතා කියාගෙන දන්ත ධාතුන් වහන්සේ තමන්ගේ රදල උරුමයක් කරගෙන තමන්ට ඕන වෙලාවට විතරයි පෙන්නන්නේ. අඩු ගානේ මේ වගේ වර්තමාන කාලයක බැරි මොකද තීරණයක් අරගෙන සවස තේවාවෙන් පසු රාත්‍රි කාලයේ සිට පාන්දර තෙක් ප්‍රදර්ශනය කරන්න. එහෙම කළා නම් ඔය මිනිස්සුන්ට රෑ තිස්සේ පෝලිමේ නිකම් බලාගෙන ඉන්න වෙන්නේ නැහැනේ. එහෙම කළා නම් ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයිනේ...

:       0       5

ගමේ එකාලා Saturday, 26 April 2025 04:13 PM

අවුරුදු 16 ක් තිස්සේ ප්‍රදර්ශනය නොකර හිටියේ මහනායක හිමිවරුන්ගේ සහ දියවඩන නිළමෙගේ උවමනාවට වෙන්ඩැ. උතුම්වූ දළදා වහන්සේ සියලුම බෞද්ධයින්ට උරුම දෙයක් නිසා, අඩුම තරමින් වසරකට වරක්වත් ජනතාවට ප්‍රදර්ශනය කිරීම වටිනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 183 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
2025 අප්‍රේල් මස 28 170 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 282 0

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


රනිල් අල්ලස් කොමිසමට එයි
2025 අප්‍රේල් මස 28 1501 11

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
2025 අප්‍රේල් මස 28 615 2

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්


තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 98 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 974 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 423 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 573 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site