(සුජිත් හේවාජුලිගේ )
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
මෙම තීරණය මහා නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පැවසීය
මේ අතර ජනතාව පෝලිම්වල තෙරපීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සමග එකතුවී ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දළදා වන්දනාව හැම වසරකම?
Ajantha Thursday, 24 April 2025 02:17 PM
ඉතාමත් හොඳ යෝජනාවක්. අවුරුදු ගාණකින් තිබ්බාම ගොඩක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලොකු පිරිසක් වන්දනා කරන්න එන නිසා...
කෞෂි Thursday, 24 April 2025 02:46 PM
හැම වසරකම නොවේ ප්‍රදර්ශනය හැමදාම තියන්න ඕනෑ. දළදාව හංගාගෙන ඉන්න කියලා බුදුන් කියලා නැහැ නේද...? ආගම ආදායමක් කරගෙන ඉන්න අය තමයි මේ එක එක බහුබූත කරන්නේ. ත්‍රිපිටක ධර්මය අවබෝධ කරගෙන පිළිපදිමු...
Chinthaka Friday, 25 April 2025 06:16 AM
නියම බෞද්ධයෙක් කිසිදාක බුදුරජාණන් වහන්සේට බුදුන් කියල අන්‍යාගමිකයින් වගේ අපහාස කරන්නෙම නැහැ .ඊළගට දන්තධාතූන් වහන්සේට වයස අවුරුදු 2568 ක් වෙනවා. එවැනි වටිනා වස්තුවක් සෑමවිටම එක්තරා උෂ්ණත්ව තත්වයක් යටතේ තැන්පත්කර තිබීම අත්‍යාවශ්‍යම වෙනවා. එනිසා වාර්ෂිකව නැත්නම් දිනපතා ප්‍රදර්ශනය කරන්න කියලා යෝජනා කරන්න දිනක්වත් මොන්ටිසෝරියකට නොගිය මෝඩයින්ට කියන්න පුලුවන් වුනත් එයින් සිදුවියහැකි අනතුර හා බැරෑරුම්කම තේරුම්ගන්න පුළුවන් කෙනෙකුට එහෙම යෝජනාවක් කරන්නවත් බැහැ
Nimal Thursday, 24 April 2025 02:44 PM
ඒ වාගේම ඉතාම විනීතව බෞද්ධාගමිකයෙක් ලෙස තමාට මෙන්ම අනෙක් අයටත් දළදා වඳින්න අවස්ථාවක් ලැබෙන්න ඕනෑ බව සිතා කටයුතු කිරීමට සැමට යෝජනා කරමු.
prasanna Thursday, 24 April 2025 02:55 PM
දළදා වහන්සේ පෙන්වමින් හැමදාම බලයේ ඉන්නද මේ ආණ්ඩුවේ කල්පනාව?
කපුරු හාමිThursday, 24 April 2025 07:45 PM
කලින් හිටපු නායකයින්ට ඔය දේ කරන්න පුළුවන් වුණා නම් තවමත් බලයේ ඉන්නවා ඇති. අපිත් ආසියාවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කිව්වම ඡන්දේ දුන්නා.
සකියම Thursday, 24 April 2025 03:05 PM
මොකටද ඕක හංඟන්නෙ? මේ රටේ ජනතාවට අයිති දෙයක් හංගගෙන ඉන්න ඕන නෑනෙ. හැමදාම බලන්න වෙලාවක් වෙන් කරල තිබුණනම්, ඔහොම පොරකන්න ඕන නෑනෙ. හැබැයි ඉතිං දැන් වගේ කල්ල මරේ වෙන්නෙ නම් නෑ.....
wasantha Thursday, 24 April 2025 03:12 PM
බොහෝ යහපත් දේ තිබුනත් එකම පුද්ගලයන් සෑම වසරකම නැවත නැවතත් පැමිණීමට ඉඩ තිබෙනවා. එය නම් හොඳ දෙයක් නොවේ.
randil dunuwille Thursday, 24 April 2025 03:44 PM
ලංකාවේ මිනිස්සුන්ට මොකක් කොහොම කළත් මොකක් හරි දෙයක්... වසරකට සැරයක් පෙන්වන තීරණය ගොඩක් හොඳයි. සිරිපා වන්දනාව වගේ ඒකත් තියේවි. බුදුන්ගේ දළදාව දවස ගානේ පෙන්නන්න ඕන කෙනෙක් නෙවේ...
කෞෂිThursday, 24 April 2025 04:51 PM
ඔයාද ඒ ගැන තීරණය ගන්නේ..? මෝඩ කතා වෙන තැනක කියන්න. වෙළෙන්ඳන්ට, අවස්ථාවාදී දේශපාලකයින්ට, දියවඩන වගේ රස්සාවක් කරන ගිහියන්ට වාසියි හංගගෙන ඉන්න කොට....
JVP(NPP) Thursday, 24 April 2025 03:50 PM
පුළුවන් ද බලමු.
බද්රානි Thursday, 24 April 2025 04:06 PM
ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමිවෙලා මං මුලාවී සිටින බැතිමත්තු පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ කියලා ඔප්පු උනා... හරියට පෝලිමක් හදා ගන්න බැරි, නිසි ලෙස කසල බැහැර කිරීමට කසල බඳුන් නොමැති, වැසිකිලි පහසුකම් නිසිලෙස සපයා දීමට නොහැකි ජාතියක් තමයි මෙවැනි දේ සංවිධානය කරන්නේ...කිසිවකට ඇස්තමේන්තු ගත උපකල්පනාත්මක පෙර සුදානමක් නැහැ...දුවන්නන් වාලේ ඉබාගාතේ දුවන පිස්සෝ රැලක් දළදා වන්දනාවේ ගොස් නන්නත්තාර වී සිටින ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ....හොරා කාළා ගාණක් පොකට් එකට දාගන්න මොලේ තිබුණට කිසිම දෙයක් නිවැරදිව සංවිධානය කරගැනීමට අපොහොසත් ජාතියක් බවට අප පත්වී සිටිනවා. පාලකයින්, පරිපාලකයින්, පුජකයින්, ගුරුවරුන්, පොලිසිය ඇතුළු අනෙකුත් ආයතන තුළ මෝඩයින් රජකරද්දී, මීට වැඩ වැඩි යමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක මේ අවස්ථාවට පමණක් හදිසියේ ඇති වූ තත්වයක් නොවෙයි. හැමදාමත් මෙහෙම තමයි. එක අතකට, ආයතනයකට පැමිණෙන ජනතාවගේ පෝලිමක් හරිහැටි කළමනාකරණය කරගන්න බැරි ජාතියක් කොහොමද මෙවැනි දෙයක් කරන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනයත් සම්ප්‍රදායට අනුව ජනතාව රස්තියාදු කරන පිළිවෙතක්නේ තියෙන්නේ.
NadunThursday, 24 April 2025 05:01 PM
මට හිතෙන්නේ භද්‍රානි වැදගත් කමෙන්ට් එකක් දැම්මද කොහේද? සුබපැතුම්...!
Perakum Thursday, 24 April 2025 04:45 PM
දිනපතා නියමිත වේලාවක ප්‍රදර්ශණය කරන්න. ඒ සඳහා සුදුසු මිලකට ටිකට් පතක් නියම කරන්න. මාළිගාවේ ආදායමටත් හොඳයි...
prasanna Thursday, 24 April 2025 04:47 PM
බැතිමතුන් විඳින දුක් කන්දරාව දැක්කාම අපිට යෝජනා කරන්න තියෙන්නේ ගෞරවයෙන් සහ බැති සිතින් ඉවත් වන ලෙසට...
Shobha Thursday, 24 April 2025 05:26 PM
වාර්ෂිකව දළදාව පෙන්වීම වඩා හොඳය. හැඳුනුම්පත් අංක භාවිතයෙන් Online link (මාර්ගගත සබැඳියක් හරහා ) ලියාපදිංචි වීමට ජනතාවට උපදෙස් දිය හැකි අතර එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ලියාපදිංචි කිරීමට අවසර දිය හැකිය. එක් නමකට එක් QR කේතයක් බැගින් එක් දුරකථන අංකයකට QR කේතයක් උපරිම පහක් නිකුත් කළ හැකිය. ලියාපදිංචි කිරීමේදී අවුරුදු 17 ට වැඩි පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් විස්තර ලබා ගත යුතුය. දළදා ප්‍රදර්ශනය කරන විට දිනකට සීමිත පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර දිය හැකිය. අනාගත දළදා ප්‍රදර්ශන සඳහා, හැඳුනුම්පත් විස්තර නිරීක්ෂණය කිරීමෙන්, අවුරුදු 2ක හෝ 3 ක පරතරයකින් නැවත නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට අවසර දිය හැකිය.
ajithThursday, 24 April 2025 07:02 PM
ඔය වැඩේ කරන්න වෙනම කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන්න වෙයි.
ජිල්බු Thursday, 24 April 2025 07:12 PM
හැබැයි අළුත් ගාථාවකුත් හදන්න වෙයි වගේ කිව් ආර් එකට. ඒ වුණත් ඩිජිටලයිසේෂන් ඔෆ් රිලිජන් හොඳ වැඩක්...
sugath Thursday, 24 April 2025 06:32 PM
මහනුවර නගරයට දැරිය හැකි සෙනගක් තියෙනවා. මොන සංවිධායකයාටවත් ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් අසීමිතව සැපයිය නොහැකි බැවින්, දැන් වන්දනාව සඳහා පැමිණෙන සියලු දෙනා නගරයට ඇතුල්වීමට ප්‍රථම නැවත හරවා යැවිය යුතුයි. මේ තත්වයට සංවිධායකයින්ට දොස් පැවරීමේ ඵලක් නැහැ.
Bunny Preena Friday, 25 April 2025 10:04 AM
මුළු ලංකාවෙම හැම බෞද්ධයෙක්ටම එක වරක් හෝ දළදා වන්දනා කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කළ හැකියි හොඳ සැලැස්මක් එක්ක වැඩ කළොත්.