IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආගමික විශ්වාස වලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක්  බව ද අධිකරණ අමාත්‍යවරයා කීය.

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තෙක් අපහාස කරනවා නම් ඒ ලබ්දිය විශ්වාස කරන අයගේ හද පෑරෙන ලෙස කටයුතු කරනවා නම් දන්ඩනීය වරදක් ලෙස සඳහන් වෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීය.



අදහස් (20)

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම්

Rocky Thursday, 05 January 2023 02:28 PM

එක එක පුද්ගලයන් , ආගමික විස්වාසයන් ලෙස කෙලින ‌කෙබරවලට විරුදව කතා කොරන්නත් බැරිඩ? ආගමික මත්‍යයා විස්වාස? ඒ් විවෙචනය කොරන්නත් බැරිඩ ? "ක්‍රිටිසම් වලට" කතෝලි පල්ලියෙනුත් ලබා දීල තියනව.. ඇමතිතුමෝ , බුද්ධාගමත් `ඇයතුල්ල` ගෙ ජාතියෙ එකක් කොරන්න හදන්නෙ ? බුදුන්ටත් වඩා මෙ ගොල්ලො බෞද්දයො වගෙයි නෙ!

:       92       10

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 January 2023 02:32 PM

දළදා වහන්සේට අපහාස කිරීම ගැන අප එකඟ නැහැ.ඒත්, තමන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස හා බොහෝ කරදර හිරිහැර කළ අයට බුදු පියාණන් වහන්සේ පිය රජතුමා ලවා දඬුවම් කළේ නැහැ.හිත් පිත් නැති සුනාමියේදී බුදු පිළිම වහන්සේ නමකට හෝ හානියක් සිදු වූයේ නැහැ.දළදා වහන්සේට බෝම්බ ගැසූ හා මේ රටේ මහා ජන සංහාරක කළ ත්‍රස්තවාදී නායකයෙකුට පක්ෂයක උප නායක කමක් හා ඇමතිකමක් ද දුන්නා.ඒත්,ඒවා කාට හෝ පෙනී නැහැ. දූෂිත දේශපාලකයන්ගේ හා දුසිල්වතුන්ගේ වැරදි පෙන්වා දීම නරකයි කියන්න පුළුවන්ද ? රටම හොරා කා රට බංකොලොත් කළ දූෂිතයන් ඇල්ලීමට මෙතරම් උනන්දුවක් නැත්තේ ඇයි ? රජ වාසළ සිටින සුදු හැඳගත් සැමදෙනා අද හැසිරෙන්නේ බෝසත්වරුන් මෙනි.සුදු වතින් සැරසී බොරුව වංචාව හා දූෂණය සිදුකිරීම බුදු දහමට කරන අපහාසයක් නොවන්නේද ?

:       64       17

මාවිල්මඩ වජිර හිමිThursday, 05 January 2023 04:27 PM

උමංදාවේ සමන්තබද්‍ර හාමුදුරුවෝ දළඳාව ඌරු දතක් කියලා කියපු එකට නීතිය ක්‍රියත්ත්මක වෙන්නේ නැතිද​?

:       24       20

SenakaThursday, 05 January 2023 05:07 PM

අවිස්සාවේල්ල ආසන්නයේ ගමක පැරැණි පවුලක කලකට පෙර දරුවෙක් අසනීප වුනාලු .ඉතින් හැම තැනින්ම බෙහෙත් කරලා බැරුව හාමුදුරුවෝ කෙනෙක් කැදවා ගරාජයේ නවතාගෙන බෙහෙත් කලාලු. ලමයා මලා කියනවා ඔය අස්සෙ පල්ලියකින් පැමිණි පිල්ලියක් මොවුන්ගේ මොළ හෝදලා ආගමට හරවා ගත්තා .ගමේ හාමුදුරුවෝ වුනත් අසරණ මොවුන් ගැන බැලුවෙ නැහැ කියලා තමයි ගමේ මිනිස්සු කියන්නෙ .ඉතින් අලුත් ආගමේ හැදියාව නිසා මේ පවුලේ අයත් කියන්නෙ මිනිස්සු දතක් බලන්න යනවා කියලා තමයි. සසර ගමන දික්කර ගන්නා මෝඩ මිනිස්සු කියලා තමයි කියන්න වෙන්නෙ

:       0       0

Athula Thursday, 05 January 2023 02:33 PM

දළදාවට බෝම්බ ගහපු එකා උඹලා ඔඩොක්කුවේ තියාගෙන වචනයක් අල්ලාගෙන කර තියන් යන්නෙ දළදාවට තියෙන ගෞරවයටද ?

:       157       21

NimsaraThursday, 05 January 2023 04:29 PM

ඌ කරපු වැරදි පිලි අරන් යුද්ධයේ අන්තිම කාලේ හමුදාවට සහයෝගය දුන්නා. ඊට පස්සේ කරපු වැරදි වලට දළඳා වහන්සේ ඉදිරියේ සමාව ගත්තා. ඒත් අන්‍යගමික තක්කඩි රැලක් මේ රටේ බෞද්ධයන්ට බුදු දහම උගන්නන්න එනවා. ඒ තමන්ගේ ආගමට ඇති ආදරේකට වඩා එන්ජීඕ වලින් එන සල්ලි වලට කෑදර කමට. ඒවට ඉඩ දෙන්න බැහැ. ඒකෙන් වෙන්නේ ආගම් අතර ප්‍රශ්ණයක් ඇති වෙන එක විතරයි.

:       10       68

Ariyathilaka Thursday, 05 January 2023 02:35 PM

ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමික මතවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ දණ්ඩ නීති සංග්‍රහයට එකඟද? ජාතිවාදයට හා ආගමික ප්‍රචංඩත්වයට අපි ඉඳුරා විරුද්ධ වෙමු; ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගමික ග්‍රන්ථ වල, ආගමික කතෘ පාඨ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ "කිසිම තැනැත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නො කළ යුත්තේ ය." යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

:       3       58

Ariyathilaka Thursday, 05 January 2023 02:37 PM

මෙහි කියවෙන 10 වන ව්‍යවස්ථාව "සැම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්දියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය ශාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය." යනුවෙන් ද 14 .(1)(ඉ) ව්‍යවස්ථාව, "14.(1) සෑම පුරවැසියකුටම - (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය." යනුවෙන් ද දක්වා ඇත මෙම ව්‍යවස්ථා අනුව, රටේ සෑම පුරවැසියකුට ම රටේ ජනතාව අදහන සියලු ආගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇති කර ඇත. විශේෂයෙන් 10 වන ව්‍යවස්ථා ප්‍රකාරව තමන් අභිමත ආගමක් ඇදහීමට සහ වැළඳ ගැනීමට හෝ පිළිගැනීමට නම් ඒ ඒ ආගම් විමර්ශනයට භාජනය කළ යුතු ය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම ද රැකවරණය ද සලසා ඇත.

:       1       51

Ariyathilaka Thursday, 05 January 2023 02:47 PM

අල්-කුරානයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. 9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111, 123 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට දණ්ඩ නීති සංග්‍රයට පටහැනි පවතී. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනවිත් එකී වගන්ති ඉගැන්වීම, හැදෑරීම, ව්‍යාප්ත කිරීම සහ බල ගැන්වීම, වාරණයට ලක් කළ යුතු බව අවධාරණය කරමු

:       18       47

mewan Thursday, 05 January 2023 03:11 PM

ඊළඟ චන්දෙට බය්යන්ට අලුත් බ්ය්ට් එකක්. මිනිස්සුන්ට කන්නවත් නෑ මුන්ට තියන ප්‍රශ්න.

:       124       19

sugathThursday, 05 January 2023 03:46 PM

නිරාගමික ජේ.වී.පී එක කොහොමත් බෞද්ධ ශාසනයට බනින එක තමා කරන්නේ

:       17       122

සෙනෙවිරත්න Thursday, 05 January 2023 05:22 PM

බැනපු එකාගෙ පක්ෂය පවා දන්න පුදුම සහගත මහත්මයෙක් නේ ඔයා මෙතන දේශපාලනය ඇදපු පලවෙනි කෙනා ඔයා. අනෙක ආගම ඇදහීම නොඇදහීම තමන්ගෙ වැඩක්, නිරගමිකයො සේරම ජවිපෙද? යම්තාක් බුද්ධියක් ඇති ඕනම කෙනෙක් ඉබේම නිරාගමික වෙනව ආගම් වල නාඩගම් දැක්කම.

:       0       1

ganegoda Thursday, 05 January 2023 03:34 PM

දළඳා හිමිට අපහාස කරන්නේ ,විකුණාගෙන කන්නේ ,ඒ පිටිපස්සට වෙලා තම තමන්ගේ දූෂණ හා අත්‍යවශ්‍යකම් සපුරා ගන්නේ චීවරදාරියෝ නොවේද?

:       132       22

ලුම්බිණි Thursday, 05 January 2023 04:07 PM

ඇත්ත.

:       53       17

ජයන්තThursday, 05 January 2023 04:23 PM

කතෝලික පල්ලියට ගිය අවුරුද්දේ ආපු ඩොලර් මිලියන 10 ට මොකද වුනේ කියලා හෙව්වාද? දැන් පාස්කුවේ පලිගැනීම අමතක වුනාද? කෝ අර හැමදාම මාධ්‍ය සාකච්ඡා තියපු අගරදගුරු ?

:       7       130

ganegodaThursday, 05 January 2023 05:10 PM

මම ආගම් විවේචකයෙක් නෙමෙයි.මම බුද්ධ ධර්මය අගයකරන ආරක්ෂා කරන බෞද්ධයෙක් පමණයි

:       0       0

නිර්මලී Thursday, 05 January 2023 04:33 PM

ඔය සේපාල අමරසිංහ කියන එකා මහ එපාර් කරපු එකෙක්, අල්ලලා හිරේදාන්න ඕන

:       13       8

සේපාල් අමරසිංහ Thursday, 05 January 2023 05:09 PM

මම බුදුදහමට අපහස කලා මගේ යූටියුබ් නාලිකාවෙන්. අනේ මට බෞද්ධ ඔබ සියලුදෙනා සමාව දෙනුමැන.

:       1       0

Hafeel Thursday, 05 January 2023 05:29 PM

Ariyathilaka මහත්තයෝ, අල් කුරානයේ අඩු පාඩු හොයන්නට පෙර, වත්මන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් යහපත්ද සහ ගැලපෙනවද කියල බැලුවුත් හොඳයි නේද? අද රටේ මැති ඇමතිලාට අසීමිත වරප්‍රසාද. පරාජිතයන් පාර්ලිමේන්තුවට එවිල්ල ජනවරමක් හෝ නොමැතිව රටේ ජනාධිපති වෙනවා. කොටි ගණන් මහජන මුදල් වියදම් කරලා, අවුරුදු ගානක් විභාග කරලා අධිකරණයෙන් දඬුවම් දීපු මිනීමරුවන් තත්පර ගානකින් ජනාධිපති සමාවෙන් නිදහස් කරනවා. මේකෙන් අගතියට පත් වුවන්ට යුක්තිය ඉටු වෙනවද? අදටත් මේ දුප්පත් ජනතාව විසින් හිටපු ජනාධිපතිලා දෙදනක්, එක් පරාජිත ජනාධිපති කෙනක්ව, දුරය හැර දාල පෙනල ගිය ජනාධිපති කෙනක්ව නඩත්තු කරන, හිටපු ජනාධිපති බිරිඳක්ව සහ තව නොබෝ දිනකින් වත්මන් ජනාධිපතිවත් නඩත්තු කරන්න ව්‍යවස්ථාව රටේ තියන්නේ. ඒ තරමට රටේ ජනතාව අවාසනාවන්තයෝ. ඒ නිසා අල් කුරානයේ අඩු පාඩු සොයන්නට පෙර, රටට සහ ජනතාවට සුදුසු ව්‍යවස්ථාවක් හදන්න අපි උත්සාහ කරමු. නැත් නම් මගෙත් ඔබෙත් අනාගත දරුවන්ටත් අපි මේ බර ඉතුරු කරලා යන්නේ.

:       0       1

saliya Thursday, 05 January 2023 05:38 PM

දළඳා මැදුරට පහර දීමටත් දළඳාවහන්සේ පැහැර ගැනීමටත් 1988 පෙබරවාරි 8 දින දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගත් උත්සාහය ව්‍යර්ථ විය​.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1228 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1073 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1009 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 670 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 572 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5185 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25378 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site