IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


දිගටම සහය දෙන බව ජපානය කියයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA)  උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei)  මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ  සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජයිකා ආධාර යටතේ  මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද  සඳහන් විය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට  ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන  "Clean Sri Lanka"  වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා  එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව පැවසීය.



අදහස් (1)

දිගටම සහය දෙන බව ජපානය කියයි

sam Wednesday, 08 January 2025 03:09 AM

හොඳයි, ජපානයට ස්තූතියි. කරුණාකරලා මේ වැටී ඇති ආර්ථිකය දියුණු කිරීමට මේ රජයට උදව් කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බස් - ත්‍රිරෝද රථ වැරදි හදාගන්න සහන කාලයක්
2025 ජනවාරි මස 08 43 0

බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මී


යුද හමුදාපති - ආරක්‍ෂක ලේකම් අතර හමුවක්
2025 ජනවාරි මස 08 129 0

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8) ශ්‍රී ජයවර


ක්‍රම පහකට සෞඛ්‍ය සංවර්ධනය කරනවා
2025 ජනවාරි මස 08 188 0

ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය ක


අනංග කතාවට මැතිසබේ ගිනි ගනී
2025 ජනවාරි මස 08 796 1

මැතිසබයේ ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.


ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න
2025 ජනවාරි මස 08 446 0

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්)


ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්
2025 ජනවාරි මස 08 295 0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 478 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 248 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 239 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site