IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ

(සුජිත් හේවාජුලිගේ)

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා 2022 වර්ෂයේ අතුරු අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් කෝටි විස්සක් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබූ අතර ඉන් රුපියල් කෝටි 19ක් වැයකර දුම්රිය මැදිරි පහක් අලුත් වැඩියා කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ අවසානයට පැවැති  රුපියල් කෝටි 797ක තොග ලිහිසි තෙල් සහ දුම්රිය ඉංජින අමතර කොටස් තොගයෙන් රුපියල් කෝටි 33ක් වටිනා තොග අයිතම වසර හතරක කාලයක් තුළ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය කර ආරම්භ කරන ලද ව්‍යාපෘතිය අවසන් කර තිබූ නමුත් එම පද්ධතිය ප්‍රායෝගිකව භාවිතා නොකිරීම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණු ඉටු නොවී දරන  ලද වියදම සම්පූර්ණයෙන්ම නාස්ති වී තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවේය



අදහස් (3)

දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ

vernon Saturday, 11 January 2025 03:47 PM

මේ විගණන විමසුම් වලට ඒ ආයතනයේ පිළිතුර නැත්තේ ඇයි?

:       0       55

Perera Saturday, 11 January 2025 04:09 PM

ඔය දුම්රියේ එළවළු ප්‍රවාහන ව්‍යාපෘතිය, රනිල්ගේ තව එක් අසාර්ථක ව්‍යාපෘතියක් නේද?

:       31       16

KapSaturday, 11 January 2025 06:32 PM

මේකේ රනිල්ගේ අසාර්ථක බවක් නැහැ. ප්‍රොජෙක්ට් එක බාරව ඉන්න අය හරියට කරන්නේ නැහැ. ඉන්දියාවේ 90% භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ දුම්රියෙන්. මොවුන් ලොරි කාරයින්ගෙන් සල්ලි අරන් මේවා කඩාකප්පල් කරවනවා..

:       2       32

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මෙන්න අලුත් වාහන ආනයන බද්ද
2025 ජනවාරි මස 11 104 0

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.


බිඳුණු අලියා එකතුවන ලකුණු
2025 ජනවාරි මස 11 114 0

නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සහ වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙ


‘‘පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩ වී නෑ‘‘
2025 ජනවාරි මස 11 30 0

බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉ


අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි
2025 ජනවාරි මස 11 209 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරක


යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට
2025 ජනවාරි මස 11 208 0

රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ්‍ රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැ


කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 11 379 0

ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 122 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 521 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 277 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site