IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට

( මහින්ද   නිශ්ශංක )

ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම  කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55 ට බදුල්ල බලා ධාවනය කෙරෙන පොඩි මැණිකේ සහ පෙරවරු 8.30 බදුල්ල බලා යන උඩරට මැණිකේ සහ පස්වරු 3.45 ට තලෙයිමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රියවලද බදුල්ල සිට කොටුව හා තලෙයිමන්නාරම සිට කොටුව දක්වා ධාවනය කෙරෙන එම දුම්රියවලද තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමෙන් පසු එම මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩි . ඒ.සමරසිංහ මහතා පැවසීය.

මෙම දුම්රියන් සදහා තිබූ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීම හේතුවෙන් සාමාන්‍ය හා අඩු ආදායම් ලාභී ජනතාව අපහසුතාවයට පත් වන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කරති.

 



අදහස් (0)

දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 559 0

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
2025 පෙබරවාරි මස 06 527 1

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 499 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි
2025 පෙබරවාරි මස 06 303 0

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය


අණ නොතැකූ වැලි ට්‍රැක්ටරයට වෙඩි
2025 පෙබරවාරි මස 06 267 0

යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්


වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු
2025 පෙබරවාරි මස 06 688 4

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 797 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site