IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට

(රෝෂන් තුෂාර)

මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින්  රුපියල් මිලියන  233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන  පුද්ගලික සමාගමක  අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය.

කඳානේ සමරනායක නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුට එරෙහිව  දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2016,2017 හා 2019 වසර සඳහා නොගෙවා පැහැර හැරී  බදු මුදල් ගෙවන ලෙසට පහුගිය මැයි මස 6 වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර තිබූ අතර  එම නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රිසාඩ් අමීන් මහතා දීර්ඝ ලෙස කරුණු  දක්වමින් කියා සිටියේ වග උත්තරකරුවන් මේ වන විට සමාගමේ අධ්‍යක්ෂවරුන් නොවන හෙයින් අදාළ දඩය ගෙවීමට නිත්‍යානුකූලව බැඳී නොමැති බවය.

දේශිය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දැක්වීය.

වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් බදු නොකවා පැහැර හැරී කාලයේදී  සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර ඇති බවත්,නඩු පැවරූ පසු අදාළ සමාගමෙන් ඉවත්ව ගොස් ඇති බවත්  නීතිඥ දිනේෂ් පෙරේරා මහතා  කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා (17) දින සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ වග උත්තරකරුවන් බදු ගෙවීමට බැඳී සිටින බවය. එසේ නොගවන්නේ නම්  මාස හයක ලිහිල් වැඩ සහිත  සිරදඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.

වග උත්තරකරුවන් විසින් ඊයේ පස් වරුව වනෙක්  හිඟ බදු ගෙවීමට කටයුතු නොකළ හෙයින් බන්ධනාගාර අධිකාරිය මගින් වගේ උත්තරකරුවන් තිදෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.



අදහස් (2)

දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට

Kapila Tuesday, 18 March 2025 03:38 AM

මෙයින් අදහස් කරන්නේ, මාස 6 ක් පමණක් බන්ධනාගාරයේ රැඳී සිටීමෙන් රටේ ජනතාවගෙන් එකතු කරගත් රුපියල් මිලියන 233 ක වැට් බද්ද ඔවුන්ට ගෙවීමට අවශ්‍ය නැති බවද?

:       1       2

maalaka Tuesday, 18 March 2025 09:41 AM

මේ අයගේ දේපල විකුණලා බදු අය කර ගත යුතුයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා
2025 මාර්තු මස 18 4 0

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ


බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි
2025 මාර්තු මස 18 180 0

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජ


වන අලියා දෙදරු මවට මරු කැඳවයි
2025 මාර්තු මස 18 445 0

මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


ජනපති කාර්යාලයට අනුයුක්ත රියක පුපුරණ ද්‍රව්‍ය
2025 මාර්තු මස 18 775 1

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු


කෝටි 12 ක සිගරැට් රේගු දැලේ
2025 මාර්තු මස 18 427 2

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රක


පළාත් තුනකට තරමක තද වැසි
2025 මාර්තු මස 18 221 0

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 862 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 316 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site