(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි ද පවසයි.
යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා
ජයනාත් Saturday, 22 March 2025 08:08 AM
සාක්ෂි වහනවා.. ඒත් අතාරින්න එපා.. බටලන්ද කාලේත් මේ වගේ සාක්ෂි වැහුවා.
යෝගා Saturday, 22 March 2025 09:02 AM
අනුර අංකල්, මොකක්ද හලෝ මේකේ තේරුම? මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැරි හාල්පාරුවෝ ටික අයින් කරලා පුළුවන් මිනිහෙකුට ඕක බාර දෙනවාකෝ...! මේවා ජාත්‍යන්තරයට නිව්ස්. බැරිවෙලාවත් සංචාරකයෙකුට වැදුණොත් තමුන්ගේ අයවැයට යන්න වෙන්නේ හොම්බෙන්...
Aslam Saturday, 22 March 2025 09:25 AM
මේ රටේ නීතිය හා සාමය කොහේද? සෑම දිනකම මිනීමැරුමක් සිදුවෙනවා. AKD විහිළුකාරයෙක් පමණයි. කතා කරනවා විතරයි. නමුත් ප්‍රායෝගිකව කිසිවක් නැහැ...
Sameera Saturday, 22 March 2025 10:01 AM
මට මතකයි මගේ ළමා කාලයේදි කිසියම් ඝාතනයක් සිදුවූ විට ඕක ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වැඩක් කියලා කටකතා පැතිරිමක් වුණා...! අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ කිසියම් අත්වැරැද්දකින් ජනාධිපතිවරයා ඝාතනය වූ බවට කටකතාවක් පැතිරුණා! පාස්කු ප්‍රහාරය සිදුවන විටදීද මෙය හා සමාන කටකතා පතුරුවා ISIS වෙනුවට වෙන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් කටකතා පතුරුවා හරියි! මෙය ඉතාමත් අබුද්ධික ආකාරයෙන් ජනසමාජයේ ගිලාබසිමින් පවතී. තවද මේවැනි ඝාතන රැල්ලක් පැවැතීමට හේතුව වන්නේ පවතින රජය විවිධ ආගමික ජනසමූහය සදහා නීතිය නැවීමට පහසුකම් සපයා දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කරමින් පුහු චෝදනා ඉදිරිපත් කිරීමයි! මෙය තවත් ප්‍රහාරයක් සඳහා බූමරංග රජයක් නොවේවා...!
Krishna Saturday, 22 March 2025 10:07 AM
ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද?
Dhayalan Saturday, 22 March 2025 10:20 AM
ගරු ජනාධිපතිතුමනි, මේවා බංකලොත් දේශපාලකයින් මෙච්චර කල් හුරතල් කර හදාවඩා ගත් පාතාලයින් නැවතත් එම බංකලොත් දේශපාලකයින්ව බලයට ගෙනඒම සඳහා කරන වැඩ. එම නිසා වහාම මෙයට විසඳුමක් දිය යුතුයි. එලෙස පොලිසියෙන් අත්අඩංගුවට ගනුලබන පාතාලයින්ව එල්ලා මැරිය යුතුයි. එසේ කරනවා නම් මින් ඉදිරියට පාතාලයින් හිස ඔසවන්නේ නැත. එනිසා කරුණාකර මරණ දණ්ඩනය නීතිගත කරන්න.