IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහියකින් කපා තුවාල කර දේපොළ පැහැරගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

ශාන්ති කර්ම සිදුකරන බව කියන කාන්තාවගේ හැට හතර හැවිරිදි සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදීම නිසා ඔහුද තුවාල ලබා ඇති අතර අඹුසැමි යුවළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසු වෙති.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවට තර්ජනය කර ඔවුන් දෙදෙනාටම පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බව පොලිසිය කියයි.

පසුව මෙම පුද්ගලයන් දෙදෙනා කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ල කාගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේවාට අමතරව රුපියල් 73 ,000ක මුදලක්ද පැහැර ගෙන ඇතැයි පොලීසිය කියයි.

පැහැරගත් මුළු දේපොළ වල වටිනාකම රුපියල් 409,000 වන බව ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

 

 



අදහස් (2)

දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්

Pradeep Kumara Sunday, 13 October 2024 04:34 PM

දෙයියන්ටවත් පෙනුනේ නැද්ද මේ විපත?

:       1       0

දෙයියොSunday, 13 October 2024 04:53 PM

අපිට කොරන්න දෙයක් නෑ ප්‍රදීප්. අපිත් සීසීටීවි ගහගෙන ඉන්නේ. මනුස්ස ලෝකෙ වගේමයි මෙහෙත් දැං හරියට හොරු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 60 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3111 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 564 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1058 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 766 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 811 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site