IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?

(සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ බලය  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති  හෙයින් ඔහු  නොදරන  පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එසේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට  හෝ  ඒ පිළිබඳව කතා කිරීමට  මන්ත්‍රීවරුන්  ස්ථාවර නියෝග මගින්  වළකා ඇති තත්වය යටතේ  කතානායකවරයාට එවැනි යෝජනාවක් බාර ගැනීමට බලයක් නොමැති බවද  ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක්  පොලිස්පතිවරයාගේ කටයුතු නතර කර ඇති හෙයින් කමිටුවක සභාපති ධූරය දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දරන්නේය යන පදනම මත හිද  ඔහු ඉවත් කිරීම  සුදුසු බවට නිර්දේශ කළ හැකිදැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කළ නොහැකි නමුත් ඉහත යෝජනාව අනුමත කළහොත් ඉන් අදහස් වන්නේ දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ  පත්වීම නිවැරදි බව  යැයි  පැවසූ රාජපක්ෂ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණයද  පාර්ලිමේන්තුව නොපිළිගන්නා බව  ඉන් ගම්‍ය වන්නේ යැයි  ප්‍රකාශ කළේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ රාජකාරී කටයුතු අත්හිටවනු ලැබූ  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.



අදහස් (9)

දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?

උකුස්සා Monday, 31 March 2025 06:07 PM

මෙයා එන්නේ හොඳකට නෙමෙයි, අහුවෙන්න එපා...!

:       18       47

කෞෂි Monday, 31 March 2025 07:16 PM

හැමදේම දන්න, නමුත් කිසිදෙයක් නොකරන, ඔක්සිජන් අපරාදේ වැයවන අපේ කාලයේ ප්‍රාඥයා...

:       13       42

Perera Tuesday, 01 April 2025 05:06 AM

මේ ඩීල් දාසගේ පණ්ඩිතකම් වලින් අපිට වැඩක් නැහැ.

:       0       6

wimal Tuesday, 01 April 2025 05:26 AM

ටයි කෝට් බලල්ලුත් සාක්කි! ඒවා මිනිස්සු ගැලෙව්වනෙ.

:       0       7

kamal Tuesday, 01 April 2025 05:38 AM

මේ දවස්වල හැමදේම රටට් සාපයක් .ඒකාලේ මේගොල්ලෝ නීතිය භාවිතා කළහැටි මතකද

:       0       5

සොරිසේන Tuesday, 01 April 2025 07:38 AM

මූ නීතිය නැට්ටෙන් අල්ලගෙන වනනවා වගේ.

:       0       8

කොරලගේ Tuesday, 01 April 2025 07:41 AM

මෙයා හැමදාම කලේ චන්දයක් එනකොට දිනන පැත්තට පැන පැන ඇමතිකමක් අරගෙන මහජනතාවට කොකා පෙන්නල කපටිකමින් හම්බුකර ගත්ත එකයි.අමු කපටියෙක්.

:       1       7

Wimal Tuesday, 01 April 2025 07:56 AM

බලල්ලුත් සාක්කි කිව්වලු.

:       0       8

කපුරු හාම් Tuesday, 01 April 2025 01:03 PM

දූෂිත පවුල් පාලනේ උන්ව රකින්ඩ තමුන් ගහපු ඩීල් ගැනත් දන්නෝ හොන්දාකාරවම දනිති .එතකොට කිසිම අවුලක් නැතුව ඇති?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 02 128 0

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්
2025 අප්‍රේල් මස 01 310 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි


ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 707 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 962 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 1344 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 813 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 167 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 747 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 768 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site