(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළේය.
අදාල චෝදනාවන්ට වරද පිළිගන්නා බවට සැකකාර තරුණයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම දඬුවම නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් තුන්දහසක දඩයක්ද නියම කළේය.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා රහස් පොලිසියේ පරිගණක විශේෂ විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර වෛද්‍යවරයා ගේ සහායිකාව මාර්ගයෙන් වෛද්‍යවරයාගේ දුරකථන දත්ත ඇතුළත් චීපයක් සොරා ගෙන ඇති සැකකරු එම චීපයේ තිබූ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කොට කප්පම් ඉල්ලා ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකරුට චෝදනා දෙකක් ඉදිරිපත් කොට තිබූ අතර අදාල චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම මාස හය බැගින් වූ ලිහිල් දඬුවම නියම කර එය අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළ
පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 ව
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය.
ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැ
බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්
ඇහැලියගොඩ Friday, 20 December 2024 08:04 PM
ඇහැලියගොඩ කිව්වට මොන ප්‍රදේශයේ කෙනෙක්ද කිව්වා නම් අනෙකුත් අයගේ ප්රවේශමටත් හොඳයි නේද?