IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි

රංජන් කස්තුරි 

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් පැවතුණ ද මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සීමා වාසික පුහුණුව අවසන් කර ඇතත් ඔවුන්ට පත්වීම් ලබාදීම මාස  8 ක් තිස්සේ ප්‍රමාද වී තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

පුරප්පාඩු නොමැති බව සඳහන් කරමින් එම නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු නොකරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර හයකින් යාවත්කාලීන වී නොමැති බව ද රට පුරා මෙතරම් වෛද්‍ය ‍හිගයක් පවතීදීත් නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදීම බරපතළ ගැටලුවක් බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.



අදහස් (3)

දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි

ajith Wednesday, 29 May 2024 11:35 PM

ඇත්ත හේතුව වැටුප් ගෙවීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැති වීම විය හැක.

:       1       0

kaushalya Thursday, 30 May 2024 08:59 AM

දවල්ට කෑම පැය 2 යි. ඒ පැය දෙකෙත් සමහරු පුද්ගලික සේවයේ. නමුත් ඒ පැය දෙකට අතිකාල පැය දෙකක් රජයෙන් ගෙවනවා. හවස 2 න් පස්සෙ හොයා ගන්නත් නෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නෙත් නෑ. උපාධිය ගත්තට පස්සෙ රට පනිනව. හරියට නියාමනයක් සහිතව කරනවනම් දැනට ඉන්න දොස්තරල ප්‍රමාණවත්

:       6       9

amila Thursday, 30 May 2024 09:07 AM

දොස්තරල මදි ඇති තමා. සමහරු කාබනික වගාව කරනවා. දොස්තරලා හැමෝම වගේ දැන් යු ටියුබ් නාලිකා කරනවා. ඔක්කොම වගේ රාජකාරි වේලාවෙදිත් පුද්ගලික කඩවල. අනිත් අය ටික එකෙ මීඩියා වල.

:       4       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 131 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 85 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 199 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 156 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 328 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 603 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1556 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site