ලී මින් හෝ කියන්නෙ ඔබට අමුත්තෙක් නෙමෙයි. බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ටෙලිනාට්‍යයේ ගුන් ජින් පියෝ විදිහට රඟපෑවේ ඔහුයි.
හැබැයි පාර්ක් ෂින් හයි නම් අපිට එච්චර හුරු නැහැ. මොකද ඇය රඟපෑ යූ ආ බියුටිෆුල්, හාර්ට්ස්ටි‍්‍රන්ග්, ෆ්ලවර් බෝයිස් නෙක්සස් ඩෝ සහ පීනෝකියෝ කියන ටෙලිනාට්‍ය තාම සිංහලෙන් හඬ කැවිලා නැති නිසා. ඒ කොහොමවුණත් එයර්ස් ටෙලිනාට්‍යයේ ලී ගෙයි පැක්ගෙයි රංගනය හුඟාක් කතාබහට ලක්වුණු රංගනයක්. ඒකට හේතුව තමයි මේ දෙන්නගෙ අපූරු හාද්ද.
මේ නළු නිළි යුවල පළමු වතාවට මුණ ගැහිලා තිබෙන්නෙත් එයර්ස් දර්ශන තලයෙදි. ඒ ගැන ලී මින් හෝ කතාකරන්නෙ මේ විදිහට.
‘‘පාක් ෂිං හයි මට මුණගැහුණෙ පළමුවෙනි වතාවට 2013 සැප්තැම්බර් 7 දා. හැබැයි ඇය දැකපු පළවෙනි වතාවෙම මගෙ හිතේ ඇය ගැන පැහැදීමක් ඇතිවුණා. ඒකට හේතුව ඇය මට වඩා වයසින් අඩු නිලියක් වීම වෙන්න ඇති. ඊට කලින් මම රඟපාලා තිබුණෙ මගෙ වයසට වඩා වයසින් වැඩි නිලියන් සමගයි. බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ටෙලිනාට්‍යයේ මා එක්ක රඟපෑවේ මට වඩා අවුරුදු තුනකින් වැඩිමහලූ නිළියක්.
කොහොම හරි පාක් දැකපු ගමන්ම මගෙ හිතේ සුන්දර සිතිවිලි අවදිවුණා. අපි දෙන්නා ගොඩාක් සමීප වුණා. සෙට් එකේදී අපි දෙන්න තරම් සමීපවුණූ දෙන්නෙක් හිටියෙ නැතිතරම්. අපි පුදුම විදිහට සතුටු වුණා. හැබැයි රඟපාද්දි අපි දෙන්නම වහාම අදාළ චරිතයට සමවැදුණා.
පාක් කියන්නෙ මට වැඩියෙන් ජ්‍යෙෂ්ඨයෙක්. නමුත් ඇය උඩඟු නොවී මගෙත්තෙක්ක සුහදව රංගනයට එකතුවුණා. අර මතබේදයට ලක්වුණු හාද්ද පවා මට සාර්ථකව දෙන්න පුළුවන් වුණේ ඇගේ ඒ නිහතමානීකම සහ ලෙංගතුකම නිසාමයි.’’
ඔය හාද්ද ගැන පාක් ෂිං හයි පවා කතාකරලා තිබුණා. ඇය නම් ඒ හාදුව ලැබෙද්දී පුදුමාකාර විදිහට සසල වුණාලූ.
‘‘ඒ මුළු කාලය පුරාම මං හිටියෙ ලීගෙ කමිසය තද කරල අල්ලගෙන. ඇත්තටම ඒ මොහොත මට නම් හිතාගන්නත් බැරිතරම්.’’
පාක් ඒ ගැන කියන්නෙ එහෙම.
පාක් උපන්නෙ 1990 පෙබරවාරි 18 වෙනිදා දකුණු කොරියාවේ පේවන් ගියු පළාතෙදි. මුලින්ම ගායිකාවක් විදියට ෆ්ලවර් කියන මියුසික් වීඩියෝවට එකතු වුණු ඇය ඊට පස්සෙ ගායනය, නර්තනය හා රංගනය යන ක්‍ෂේත‍්‍ර තුන ගැනම හැදෑරීමක් කළා. චන්ග් ඇන්ග් සරසවියෙන් වේදිකා නාට්‍යය හා චිත‍්‍රපට රංගනය ගැන උපාධියක් ගත්තු ඇය හා හා පුරා කියල රඟපෑවෙ ස්ටෙයාවේ ටු හෙවන් කියන ටෙලි නාට්‍යටයේ. ඊට පස්සෙ ටි‍්‍ර ඔෆ් හෙවන් නාට්‍ය මාලාවෙ රඟපෑවා. ඇය පේ‍්‍රක්‍ෂකයන් අතර ආදරණීය චරිතයක් වුණා.
ඇය ගායනා කළ ලව්ලි ඬේ හා විතවුට් වර්ඞ්ස් කියන ගීත දෙකක් මේ වනවිට අතිශයින්ම ජනප‍්‍රිය වෙලා ඉවරයි.
ලී මින් හෝ උපන්නෙ 1987 ජුනි 22 වැනිදා සියොල් අගනුවරදී. සිනමාව ගැන උපාධියකුත් ලබාගත්තු මේ තරුණයා ඉගෙන ගත්තෙ කොන්කුක් සරසවියෙදී.
නිරූපකයෙක් විදියට ක්‍ෂේත‍්‍රයට ආපු ඔහු ගායකයෙක් වගේම නළුවෙක් බවටත් පත් වුණා. බෝයිස් ඕවර්ෆ්ලවර්ස් සිටි හන්ටර්ස් පෙන්, කියන නාට්‍ය නිසා ජනප‍්‍රියත්වයට පත්වුණු ලී මුලින් සිතාගෙන සිටියෙ ක‍්‍රිස්ටිනෝ රොනාල්ඩෝ වගේ පාපන්දු ක‍්‍රීඩකයෙක් වෙන්නයි. ඒත් පිටියේදී සිදුවුණු තුවාලයක් ඔහුගේ මාර්ගය වෙනස් කළා.
ඒ තුවාලය සිදුවුණේ වාසනාවකට කියලයි අද නම් ලී විශ්වාස කරන්නෙ.
තවත් අපූරු වැඩක් වුණා. එයර්ස් ටෙලිනාට්‍යයෙන් රංගනයට පස්සෙ ලී ගෙයි, පාර්ක් ගෙයි, අතර ඇත්තම ඇත්ත පේ‍්‍රමකතාවක් තියෙන බවට කටකතා ගියා. ලංකාවේදී වගේම සමහර වෙබ් අඩවි වලත් ඔය කතාව ගිහිල්ල තිබුණ. මේ පෙම්වතුන්ගෙ චරිතය ඒ තරමටම තාත්වික වෙලා තිබීම මේ කටකතාව පැතිරයන්න හේතුවක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් දෙන්නට දෙන්න ආදරේ බව නම් ක්‍ෂේත‍්‍රයම දන්න දෙයක්.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ද එයර්ස්’ ටෙලිනාට්‍යයේ ලී මින්-පාක් ෂිං අතර පෙම් දමක්
අසංක Thursday, 08 January 2015 06:02 PM
ගොඩක් ලස්සන කතාවක් (නි)