(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට අද (10) රාත්‍රි ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එම මහතා පදිංචිව සිටින රත්මලානේ පිහිටි නිවසට අද (10) රාත්‍රී 8.15 පමණ කඩා වැදුණු පාතාලයට සම්බන්ධය යැයි කියන කණ්ඩායමක සිටි අයෙකු විසින් හිසට එල්ල කරන ලදැයි කියන කඩු පහරින් බේරීම සඳහා සාවිත්‍ර මහතා එක් අතක් එසවූ අවස්ථාවේ එම කඩු පාර එම අතට වැදී තුවාල සිදුවී ඇතැයි දැන ගැනීමට ඇත.
මෙම පාතාල කණ්ඩායමටද ඒ මහතා පහර දී ඇතැයි පැවසෙන අතර එම පහර දීම හමුවේ පාතාල කණ්ඩායම පලා ගොස්ඇතැයිද කියති.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.
ධනංජය ද සිල්වා මහතාගේ සහ සාවිත්‍ර මහතාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදු ජන පෙරමුණේ නාගිරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් ද සිල්වා මහතාද 2018 වසරේ දී පාතාල වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වීම මියගොස් තිබිණි.
කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතු
උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිද
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිට
පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්