යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේදී විදෙස් සමාගමක නමින් ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කර වංචාවක් කළැයි චෝදනා ලැබ සිටින ධනූන තිලකරත්නට එරෙහි චෝදනා පත්‍රය ඉවත් කර ගන්නවාද නැද්ද යන්න ගැන නීතිපතිගේ තීරණය ලබන 15 වැනිදා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය අද (6) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නාය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධනුනට එරෙහි චෝදනා ඉවතට?
පාරා Wednesday, 06 May 2015 06:38 PM
එතකොට අනිත් අයගේ චෝදනා ඉවතට දාන්නේ නැද්ද? එ්කත් යහ පාලනයේම කොටසක්ද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ එ්කත් හොදයි හාමුදුරුවනේ සාදාරන යහ පාලනය.(නදී)
සඳුන් Wednesday, 06 May 2015 09:50 PM
ඇයි එයාට වෙනම නීතියක්ද? මාමණ්ඩිය ෆීල්ඩ් මාෂල් වුන නිසා ඒ පවුලට රටේ නීතිය බලපාන්නේ නැතුවද. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු. (බ)
දිගාමඩුල්ලේ විමලානන්ද හිමි Wednesday, 06 May 2015 10:38 PM
පාලක පක්ෂයේ හිතවතුන්ට එරෙහි සියලු චෝදනා වලින් ඔවුන් නිදහස් කර මහින්දගේ හිතවතුන්ට එරෙහි චෝදනා බොරු වුණත් ඔවුන් අත් අඩංගුවට ගත යුතුයි (බ)
චමීර Thursday, 07 May 2015 12:00 AM
නඩුවක් කොහොමද ඉවත් කරගන්නේ ඔහුට විරුද්ධව බැංකු අනකරයක් ව්‍යාජ ලෙස සාදා ඉදිරිපත් කිරීම. බැංකු මුද්‍රාව යොදා එය සාදා ඉදිරිපත් කළේය. (බ)
ඉඳුනිල් Thursday, 07 May 2015 04:15 AM
දේශපාලන ගනුදෙනුවක්ද (බ)
අබේරත්න-ටෝකියෝ Thursday, 07 May 2015 04:40 PM
දේශපාලකයන්ට ඔවුන්ගේ නෑයන්ට වෙනම නීතයක් ලංකාවේ තියනවනේ . මෙහෙමත් රටක් (බ)
අබේරත්න - ටෝකියෝ Friday, 08 May 2015 02:37 PM
එත කොට රවී ගේ චෝදනා ? (බ)
දහම් Wednesday, 06 May 2015 04:25 PM
ඒවා ඉල්ලා අස් කර ගන්න. මහින්දගේ කට්ටියට නඩු දාන්න. එහෙම නැතිනම් මේක යහ පාලනය වෙන්නේ නැහැනේ.(නදී)
ප්‍රකාශ් Thursday, 07 May 2015 11:40 AM
නඩුයි, බඩුයි,හොරුයි ඔක්කොම එක් කෙනෙක්ගේ වෙයිද කියලයි අපිට බය (නි)