IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ධනවත්ම නළුවන් අතරට එක්වූ බොලිවුඩ් තරු

වාර්ෂිකව වැඩිම මුදලක් උපයන ලොවන ධනවත්ම නළුවන් 20 දෙනා අතරට එක්වීමට බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් සිවුදෙනෙකුට අවස්ථාව උදාවී ඇත. මෙසේ ලොව ධනවත්ම නළුවන් අතරට එක්වූ පළමු බොලිවුඩ් තරුව වන්නේ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 33කි. මෙම ලැයිස්තුවේ 10 වැනි තැන මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන 'රස්තම්' චිත්‍රපටයේ ප්‍රධාන නළු ආක්ෂේ කුමාර්ය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31කි.

ලොව ධනවත්ම නළුවා ලෙස නම් කර ඇත්තේ ලොව සුපිරිතම රෙස්ලින් ක්‍රීඩකයෙකු වු ඩිවෝන් ජොන්සන්ය. පසුගිය කාලයේ ඔහු රඟපෑ 'ජී.අයි.ජෝ', 'හර්කියුලිස්', 'ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්' හා 'සැන් ඇන්ඩ්‍රියාස්' චිත්‍රපට සාර්ථක වීම හේතුවෙන් ඔහු මෙසේ ලොව ධනවත්ම නළුවා අතරට පැමිණ තිබේ. වාර්තා වන අන්දමට ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 64කි.

මෙම ලැයිස්තුවේ පළමු 20 දෙනා අතරට එක්වීමට සුපිරි නළු සල්මාන් ඛාන්ට හා අමිතාබ් බච්චන් දෙදෙනාටද හැකිව තිබේ.  සල්මාන් මෙහි 14 වැනි තැන හිමිව තිබෙන අතර, ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 28.5කි. අමිතාබ් බච්චන්ට හිමිව ඇත්තේ 18 වැනි ස්ථානය වන අතර, ඔහුගේ වාර්ෂික ආදායම ලෙස සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 20කි.

පහත දැක්වෙන්නේ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය 10 සඳහා තේරුණු ලොව ධනවත්ම නළුවන් දස දෙනාය.

  1. Dwayne Johnson- USD 64,500,000
  2. Jackie Chan- USD 61,000,000
  3. Matt Damon - USD 55,000,000
  4. Tom Cruise - USD 53,000,000
  5. Johnny Depp- USD 48,000,000
  6. Ben Affleck- USD 43,000,000
  7. Vin Diesel- USD 35,000,000
  8. Shah Rukh Khan- USD 33,000,000
  9. Robert Downey Jr.- USD 33,000,000
  10. Akshay Kumar- USD 31,500,000

​​20160829Bollywood-1 20160829Bollywood-2



අදහස් (0)

ධනවත්ම නළුවන් අතරට එක්වූ බොලිවුඩ් තරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 173 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2374 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 887 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2590 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1557 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2842 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site