IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ධනුෂ්කට ක්‍රිකට් තහනම්

(යොහාන් භාසුර සහ විමුක්ති එස් රොද්‍රිගු)

ලිංගික අතරව චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ  ක්‍රිකට් තරග වහාම ක්‍රියාත්මකවන පරදි  අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව කියයි. 

ධනුෂ්ක ගුණතිලක මහතා හට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් සිඩ්නි අධිකරණයේ පැවැත්වෙන නඩුවෙන් ධනුෂ්ක ගුණතිලක  වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වෙත අවශ්‍ය සියලුම සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (36)

ධනුෂ්කට ක්‍රිකට් තහනම්

Rasi Monday, 07 November 2022 12:22 PM

අය්යෝ ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ. තව මාස නවයකින් විතර බලමුකෝ. මේ යකා ආයේ සෙල්ලම් කරනවා.

:       0       77

JinnaTuesday, 08 November 2022 12:21 AM

අර ක්‍රිකට් දිනවපු දෙයියාට වත් කියවල මුකුත් කර ගන්න බැරි වෙයිද? කෝ පාස්ටර් උතුමා?

:       0       3

NissankaTuesday, 08 November 2022 08:08 AM

කෝ දැන් අර මෙයාලව බඳවගෙන ආගම ප්‍රොමෝට් කරන පාස්ටර් තුමා. කට්ටිය ඒවට නම් මීක් නෑ. ඒ ආගමේ අයට එහෙම ජාතික ක්‍රීඩාවක් විනාශ කරන්න දෙන්නේ මොන නීතියෙන්ද?

:       1       2

Perera Monday, 07 November 2022 12:32 PM

මාධ්‍යයට ඔහොම ප්‍රකාශයක් කරලා මූ ආපහු ලංකාවට ආව දවසක ෂේප් කරමු නේද ඇමතිතුමෝ ???

:       3       54

ලුම්බිණි Monday, 07 November 2022 12:34 PM

ජීවිත් කාලයටම ක්‍රිකට් තහනම් කල යුතුයි.

:       3       54

සමන් - ඕමානය Monday, 07 November 2022 12:35 PM

ඉතාම නිවැරදි තීරණයක්. තරාතිරම හෝ පුද්ගලයා කවුරු වුනත්, කාන්තාවන්ට ලිංගික අතවර කිරීම (හා ළමා අපචාර) බරපතල වරදක් සේ සැලකිය යුතුයි. එය ශ්‍රී ලංකාව පිළිගත් ජාතික ප්‍රතිපත්තියක්. ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම පියවර ඉනෙකුත් ආයතන (රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන) තුලද ක්‍රියාත්මක කල යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපගේ ස්තුතිය !!!

:       14       25

kamal Monday, 07 November 2022 12:50 PM

මහතා? මහත්මා කියන වචනයටත් නින්දාවක්.

:       7       44

'කඩ්ඩෙන්ම' අත්සනMonday, 07 November 2022 05:08 PM

මෙයා තමයි ඊලඟ ක්‍රිකට් පරිපාලන මහ පුටුවට සුදුසුම එකම තැනැත්තා...! මැච් දිනුවහම නයිට් ක්ලබ් එකක අනිවාර්‍යයෙන්ම පාටි දාන්නත් ඒ මුදල දිනපු මුදලින්ම වෙන්කරලා 'කඩ්ඩෙන්ම' අත්සන ගහලා දෙයි!

:       1       15

යෝගා Monday, 07 November 2022 12:57 PM

මහතා ??

:       0       0

pakeer Monday, 07 November 2022 01:17 PM

ක්‍රිකට් තහනම් කරලා දාපු එක හොඳ දෙයක්. මේක අනිත් අයත් පාඩමකට ගත යුතුයි. මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මුන් මෙතනට ගිහිල්ලා පිස්සු කෙළලා රටේ ගෞරවයත් නැති කරලා අනිවාර්යයෙන්ම මේ යකාට අවුරුදු 10කවත් හිර දඬුවමක් දෙන්න ඕනි .

:       9       45

sachith Monday, 07 November 2022 01:22 PM

තහනම මාස කීයකටද? කලි කී පාරක් ඕවගේ තහනම් දැම්මද? කෝ වැඩක් වුණාද?

:       2       37

රටවැසියෙක් Monday, 07 November 2022 01:49 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ....... වැරදි කීයක් කෙරුවද. ඇයි ඒවාට නිසි දඬුවම් දුන්නේ නැත්තේ. එහෙම දුන්නනම් මේවා වෙන්නේ නෑ. මේ කරන වැඩ නිසා මුළු රටක් නින්දාවට අපහාසයට ලක්‌ වෙන්නේ. මෙහේ ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජයි. ඔය ක්‍රීඩකයට නම් ලජ්ජාව කියලා දෙයක් නැතුව ඇති. හැදියාව නොබල හැකියව ගැන හිතුවම ඕක වෙන්නේ. මෙච්චර වැරදි කරද්දීත් නිසි දඬුවමක්, සොයාබැලීමක් නොකරපු පාලක මණ්ඩලයත් අයින් කරන්න ඕනේ හරිනම්. මේවා බලන්නත් ජනාධිපතිම ඕනේද. මෝඩ හරක් මුළු රටක් නින්දාවට, අපහසුවට පත් කෙරුවා. මූ මොකට ගත්තද මන්දා කීයක් මැච් ෆේල් උනාද. පව් අර දෙමව්පියෝ. දැන් කොහොමද ඒ අය සමාජයට මුහුණ දෙන්නේ.

:       1       40

"නිරුවතේ කප්-එක" Monday, 07 November 2022 02:22 PM

ක්‍රිකට් පරිපාලනය මුදලට යටවෙලා එම තත්ත්වයෙන් මිදෙන තෙක් ක්‍රිකට් පරිපාලන හෝ ක්‍රීඩකයන් හෝ විනය ගරුකව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බව මුලු කැන්ගරු දේශයේ වෙසෙන ශ්‍රීලාංකිකයින් පවසයි. 96 ලෝක ශූරතාව දිනූ රටේ කීර්තිනාමයට ධනුෂ්ක කල අපචාර ක්‍රියාවලිය නිසා අද හෑල්ලුවට පත්වී ඇත. මොහුගේ මේ නොකඩවා හැසුරුනු බේබදු හැසිරීමට ක්‍රිකට් පරිපාලන දැනුවත්ව කෙරුනු බව බොහෝ අයගේ කථාබහට ලක්වෙයි! මෙය දැනගත් බෙංගාලි රටේ ක්‍රිකට් ලෝලින් 'නයා නටවන' රැඟුම වෙනුවට දැන් අලුත් දෙයක් නිර්මානයක් කර ඇත. . මෙතැන එය සඳහන් කරන්න බැරි නිසා එය ඉදිරි තරඟවලදි දැකගත හැක...! මොහු හත්වතාවක්ම ක්‍රිකට් පරිපාලන දැනුවත්වම පිටරටවලදී මෙසේ රටේ නාමය විනාශකර ඇත. මෙයින් ක්‍රීඩාලෝලී ක්‍රිකට් ලොවටම පෙන්වූයේ ධනුෂ්කගේ වරදද නැතිනම් පරිපාලන පුටුවල ඉන්න අයගේ නිර්වස්ත්‍ර බවද මේ කියවන ඔබටම වැටහෙනු ඇත.

:       2       40

Rohana Monday, 07 November 2022 02:29 PM

මේවගෙ වරදක් අනාවරණය වුනොත් පමණයි නීතියෙන් සහ සදාචාරයෙන් වරදක් වෙන්නෙ. හැබැයි මේවගෙ වැඩකරල අසුනොවී නිවැරදිකරුවන් වගේ ඉන්න අය සමාජයේ අනන්තවත් ඉන්නවා.

:       5       24

Shantha - Qatar Monday, 07 November 2022 02:35 PM

මොකද මේ මහතා කියන්නේ. මහෙමනම් කෙලින්ම හිස ගසා දැම්මයි එච්චරයි.

:       4       6

ශම්මි Monday, 07 November 2022 02:37 PM

ඒ රටේ ගැණියෙකුට ලිංගික අතවර කිරීම ඒරටට ‌‌බෝට්ටුවෙ යනවට වඩා වරදක්ද?

:       21       5

Prabha Monday, 07 November 2022 02:39 PM

වරදකරු වුණොත් ආපහු එන්න වෙන්නේ හැරමිටියෙන් තමයි.

:       0       14

ගැමියෙක් Tuesday, 08 November 2022 12:48 PM

ඇයි ඒ කකුල් කඩනවද?

:       1       0

Roshan Monday, 07 November 2022 03:19 PM

කව්ද යකෝ මුට මහතා කියලා දාපු බූරුවා

:       0       1

Rexi Monday, 07 November 2022 03:23 PM

අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා සහයෝගය දෙනවලු. ඔස්ට්‍රේලියාව කියන්නේ ලංකාව වගේ කාලකන්නි විදියට පක්ෂව නඩු දාන රටක් නෙවෙයි. බොරු බයිලා ගහන්න එපා. SLC එකට කිසිම දෙයක් කරන්න බැහැ.

:       0       18

Sk Monday, 07 November 2022 04:01 PM

අයියෝ SLC කියන කිසිම දෙයක් පිළිගන්න බැහැ. ගියපාරත් මොකද වුණේ . මේ පාරත් ඒ වගේම තමයි.

:       0       15

Senarath Monday, 07 November 2022 04:26 PM

මෙවැනි වැරදිවලට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් දිය යුතුයි. එසේ කළොත් පමණයි අනෙක් ක්‍රීඩකයන් විනයානුකූලව හැසිරෙන්න ඉගෙන ගන්නේ. මෙයාලත් හිතාගෙන ඇති මෙයාලගෙ ක්‍රිකට් වලට ලැබෙන සල්ලිවලින් ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා.

:       1       8

de silva Monday, 07 November 2022 04:32 PM

මේ චෝදනා හරියට ඔප්පු වුණොත් මෙයාට අනිවාර්යයෙන් අවුරුදු 4-10 අතර කාලයක් සිර දඬුවමක් ලැබෙනවා. අර කලින් දීපු දඬුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළා නම් මොයු ලංකාවේ මොහුට වර්ල්ඩ් කප් ගහන් ලැබෙන්නේ නැහැ. මොහු මෙහෙම අමාරුවකට වැටෙන්නේ නැහැ. මම කුඩා කාලයේ දකුණු අප්‍රිකා ගිය කණ්ඩායමකට අවුරුදු 20 පමණක් ක්‍රිකට් තහනම් කළා. ඊට පස්සේ කවුරුවත් එම වැරදි වැඩ කළේ නැහැ. එංගලන්තෙදි විනය කඩ කළ වෙලාවේ අවම වශයෙන් අවුරුදු 2 ක්වත් තහනම් කරලා ඒක ක්‍රියාත්මක කළා නම් විනය හැදෙනවා.

:       0       12

Senjee Monday, 07 November 2022 05:51 PM

ධනුෂ්කට ක්‍රිකට් තහනම් කිරීම ගැන කිසිත් නොකියමි. එහෙත් මෙවැනි ක්‍රීඩකයෙක් හදන්න තව කොපමණ කලක් ගතවේද ? දුසිමක් විතර ඉන්න, මිලියන් ගණන් පඩි ගන්න මැනේජර්ලා, පුහුණුකරුවෝ මේ ගැන නොදැන සිටියාද නැතිනම් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයක් හරි වෙන සෙල්ලමක් හරි හින්දා මේවා බලන්න වෙලාවක් නොතිබ්බද? මෙයා මාට්ටු උන හින්දා එයාට බෝලේ දාලා ශේප් වුනාද, එහෙමනම් ඔතරම් වියදමක් කරලා ක්‍රීඩකයෝ නොවන අය යවන්නේ පොල් ගාන්නද ? ඔලිම්පික් තරඟ වගේ ආදීයෙත් වෙන්නේ මේකම තමයී. අනවශ්‍ය අය ඕන තරම් යනවා ඒ යන්නේ ෂොපින්.

:       0       14

කිරි-කට් බිල Monday, 07 November 2022 06:52 PM

ධනුෂ්කට ඇප දෙන්න උසාවිය බෑ කියයි....ඒ වුනාට ධනුෂ්කට කථාකල ලෝයර් සෙට් එක මාධ්‍යයේ මුහුන පෙන්වලා ඉන්න රට කොහෙද කියලා මුලු රටටම දැනුවත් කරලා ජීවිතයටම සැප විඳින්න බිලක් කිරි-කට් මන්ඩලයෙන් ඉල්ලයි.හා.. නැතිද මම කියන්නේ ..!!

:       1       9

" $ $ කල්ල මරේ..!Tuesday, 08 November 2022 01:16 AM

ඔසිවල අධිනීතීඥ ගාස්තුව පැයකට රු ලක්‍ෂ තුනහමාරකි...!

:       0       1

විජේ Monday, 07 November 2022 07:16 PM

පෙලපත් නාමය හත්පොලේ ගාගත්තගේ වගේ.

:       1       9

de silva Tuesday, 08 November 2022 03:52 AM

සුනඛයෝ ක්‍රිකට් ගහන්න ගියාම ක්‍රිකට් සුනඛයන්ට යනවා කියන්නේ මේකට තබා. සිදත්, දුලිප්, රෝයි, අර්ජුන ලගෙන් පස්සේ ආපු මිනිස්සු ගැන කතාකරලා වැඩක් නැහැ.

:       0       3

Demuni Uduwara Tuesday, 08 November 2022 06:15 AM

දනුශ්ක පිළිබඳව හොඳින් දන්නා බැවින් ඔහුව ක්‍රීඩා කිරීමට තබාගැනීම සුදුසු නොවෙයි.

:       0       2

jayath Tuesday, 08 November 2022 07:22 AM

මේකට තමයි ආදා යවා වලපත ගත්තා සේ කියන්නේ. මූ කෙලිය තරම් කෙලියේ පිස්සු. ඒ කාලේ මීක් නැතුව ඉඳල දැන් පිට රටකදී මාට්ටු වෙලා බෙල්ලටම හිරඋනාට පස්සේ තොත්ත බබාලා වෙන්න හදනවා. කොහොමත් අපේ team එකේ ඉන්න උන් දැන් ක්රිකට ඇරෙන්න අනිත් ඔක්කොම ගහනවා. පච්ච කොටපු උන් බීල අහිංසක බස් කොන්දොස්තරලා මරපු මිනීමරුවෝ තමයි දැන් cricket ගහන්නේ. ඊයේ මේරටේ ප්‍රකට ක්‍රීඩා මාද්යවෙදියෙක් twitter සටහනක් තියල තිබුන මුගේ නඩුවේ ඔක්කොම වියදම් cricket boad එකෙන් ගෙවන්න කියල. v v i p කෙනෙක් උපදෙස් දීල කියල මේක එහෙම වෙන්න බැරි රටකුත් නෙමි ! අහෝ අනුර තෙන්නකෝන් ල රෝයි ඩයස් ල වෙත්තමුනිල , හයින්ලා වගේ මහත්වරු හිටිය team එකකට කරපු හදිය

:       0       1

randil Tuesday, 08 November 2022 08:36 AM

ලකුණු 50ක් ගහගන්න බැරි වුනාට අනිත් ගේම් නම් ඉහටත් උඩින් අනිත් කෙනා චාමික කෙල්ලන්ගෙ වීරය.

:       0       1

P.D Goonawardene Tuesday, 08 November 2022 09:17 AM

ඔය ජහමනයාට ආතල්දීම සදහා කරන සිත නිවන කථා. ඔහොම තමා ඔලුවේ අත ගහල ඉස්සෙල්ල පාරත් කිව්වේ......ඕක ඕස්ට්‍රේලියාවෙන් කිව්ව නම් ඇත්ත කියල පිලිගන්නවා....

:       0       1

Marsipala Tuesday, 08 November 2022 09:33 AM

අන්තිමට කෙසෙල් ගහට කොටලා වගේ.

:       0       5

Chinthaka Tuesday, 08 November 2022 09:53 AM

මේ පලවෙනි එක නෙවේ, එදා ලංකාවේදී දඩුවම් කලානම් මේ රටේ නම කන්න ඔස්ට්‍රලියාවට යවන්න වෙන්නේ නැ.

:       0       2

sam Tuesday, 08 November 2022 10:46 AM

අපරාදේ මේ යකා යවනකොටම ඕනි කරන තැන්වලට ලොක් එකක් දාලා යතුර ලංකාවෙ තියාගෙන යැව්ව නම් මෙයාට හිරේ යන්නේ නැතුව බේරෙන්න තිබුණා. මෙයාගේ පෙර වැරදි බොහෝයි. හැම එකකටම වගේ ගැහැණියක් සම්බන්ධයි. ඒත් ලංකාවේ නිසා සර්ව සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. මේ පාර ලංකාව වගේ නැති නීතිය සැමට සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙන රටකදි ලංකාවෙ දි වගේ සෙල්ලං දාන්න ගිහිල්ලා ගිරේට අහුවුණා. නියමයි. වැරදි වැඩ කරන ඕනිම කෙනෙකුට දඬුවම් ලැබිය යුතුමයි. උඹ මෙච්චර කල් බේරිලා හිටියේ ලංකාවෙ නිසා. දැන් ඉතින් කාලා වරනේකෝ. අනේ පවුු. ඉබ්බෝ කවදද ටොනික් බිව්වේ.

:       0       4

sampath Thursday, 10 November 2022 10:33 PM

මමනම් හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ දුර්වලතාවය දන්නා නිසා මේ වගේ පැණි උගුල් වලට හිතාමතාම අහු කරලා කියලයි .කෙසේ උනත් නියෝජනය කරන්න යන ඕනෑම කෙනෙක් මේ වගේ තකතීරු වැඩ කරලා ආවම පිළිගන්න එකයි වරද .මේ මනුස්සයා විනාශ කරන්නේ ලංකාවේ යන්තම් හරි තියෙන ප්‍රතිරූපය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1653 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3619 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 951 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2523 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1331 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6780 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 404 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site