IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ධම්මාලෝක හිමි රෝහලේ : රහස් පොලිසිය රෝහල ළඟ

බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් අද (13) රාත්‍රී කොළඹ නවලෝක රෝහලට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

රාත්‍රී 10.30 වන විටත් ධම්මාලොක හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොතිබුණු අතර රහස් පොලිස් නිලධාරීහු රෝහල අසල සිටියහ.

බලපත් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධ නඩුව බ්‍රහස්පතින්දා  (14)ට කැඳවීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අද (13) උදේ ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කැඳවූ බවත්, අසනීප තත්ත්වයක් නිසා බෙහෙත් ගෙන ප්‍රකාශයක් දීමට එන ලෙස ඒ හිමියන් දැනුම් දුන් බවත්, ධම්මාලෝක හිමියන් නොපැමිණි නිසා රහස් පොලිසිය නවලෝක රෝහලට ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලංකාදීපයට කීවේය.



අදහස් (0)

ධම්මාලෝක හිමි රෝහලේ : රහස් පොලිසිය රෝහල ළඟ

මහින්ද සෞදි Thursday, 14 January 2016 05:10 AM

පෞද්ගලික රෝහලුත් තරු පහේ හෝටල් හා සමානයි.(ම)

:       0       0

දුමින්ද Thursday, 14 January 2016 05:19 AM

ලංකාවේ ජාතික ගැටලුවක්ද ? (ම)

:       0       0

අනුර Thursday, 14 January 2016 06:03 AM

නිකරුනේ මිනිසුන්ගෙන් වෙඩි කාලා මැරෙනවට වඩා කවුරුහරි රැක බලාගන්නවා නම් හොඳයි. හැබැයි කිසිදු හිංසාවක් නොකර (නි)

:       0       0

රංග Thursday, 14 January 2016 06:10 AM

අලියා තියාගන්න ඇත්තේ මොකක්හරි අරමුණකින් වෙන්න ඇතිනේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 13 January 2016 05:52 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

තලගුණේ Thursday, 14 January 2016 06:28 AM

කහපාට වස්ත්‍රයකින් සිරුර වසා සිටි පමණින් කෙනෙකු ශ්‍රමණයෙක් වත් සිල්වතෙක් වත් නොවේ. (කෞ)

:       0       0

නිහාල් Wednesday, 13 January 2016 07:36 PM

අලි ප්‍රශ්නයක් නොවී විසඳුනොත් හොඳයි. (නි)

:       0       0

යසරත්න Wednesday, 13 January 2016 08:29 PM

කවදා වෙනතුරු මෙහෙම ඉන්නද ඉතින්? (නි)

:       0       0

සෑම් Wednesday, 13 January 2016 09:03 PM

ජීවත්වීමේ අයිතිය සෑම සත්වයෙකුටම සමානව තිබිය යුතු බව කියවෙන එකම ආගම (මා දන්නා තරමින් ) බුද්ධාගමයි. පොලිසියට සහ උසාවියට තම රාජකාරිය කරගැනීමේ පහසුව තකා මෙහිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 13 January 2016 09:21 PM

අපේ රටට ආවේණික අලි පරපුර නෂ්ට කිරීමේ පාපයට සම්මාදම් වෙන්න එපා හාමුදුරුවනේ. අලි ඇතුන් හරි සංවේදී සතුන්. අලි මව මොනතරම් වැළපෙනවා ඇද්ද? (නි)

:       0       0

අබය Wednesday, 13 January 2016 09:44 PM

බුදු පුතෙකුගේ කාර්යය ධර්මය පිළිපැදීම සහ ධර්ම ප්‍රචාරයයි. (නි)

:       0       0

රොකී Thursday, 14 January 2016 03:42 PM

හා..හා.. බලාගන. අන්න අහරේ හාමුදුරුවෝ වගයක් කියනවා උන්නාන්සේලට නීති දමන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි කියලා! උන්නාන්සේලට විරුද්ධව කතා කරන්න එපා. අපායේ යන්න පුළුවනි. (බ)

:       0       0

සාමා Wednesday, 13 January 2016 09:59 PM

ඇත්තටම උන්වහසේ අසනීපයෙන්ද? නැත්නම් දේශපාලයකයන්ට හැදෙන ලෙඩේද? (නි)

:       0       0

සිරි Thursday, 14 January 2016 07:12 AM

මේ ඉන්නෙ ධර්මයට ආලෝකයක් වූ කෙනෙක්. උන්වහන්සේ අසරණව ඉන්න සත්තු ගෙනල්ලා කවලා පොවලා ඇති දැඩිකරනවා. (නි)

:       0       0

පුක්කුස මිලානෝ Thursday, 14 January 2016 07:22 AM

මේ ළඟදි ලන්ඩනයටත් වැඩියනේ. මොකක්ද දන්නෙ නැහැ හදිසියේ හැදුනු අසනීපය? (නි)

:       0       0

සමන්ති Wednesday, 13 January 2016 11:05 PM

ඉක්මනින් නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! අපට දහම් දෙසත්වා! (නි)

:       0       0

දොම්පේ Wednesday, 13 January 2016 11:31 PM

බලපත්‍ර ඇතුව හෝ නැතුව අහිංසක සතෙකු සිරකර තබාගැනීම පවක් නොවේද? යතිවරයෙකු වශයෙන් පෘතග්ජන සමාජයට ආදර්ශයක් වියයුතුය. (නි)

:       0       0

පියල් Thursday, 14 January 2016 12:08 AM

දේශපාලකයින්ට හැදෙන ලෙඩේ උන්වහන්සේටත් හැදිලා වගෙයි. මේ අලි පැටියාව මමත් දැකලා තියෙනවා. ෆොටෝ එකක් ගන්න හැදුවහම පන්සලේ සේවකයො ඉඩදුන්නෙ නැහැ. අහිංසක අලි පැටියෙක් අම්මාගෙන් වෙන්කරලා අරගෙන ඇවිල්ලා මොකටද? (නි)

:       0       0

මංජුල Thursday, 14 January 2016 04:29 PM

අනේ මන්දා අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

ඉන්දික Thursday, 14 January 2016 12:17 AM

මොකක්ද මේ හදිසියේ ඇතිවුණ අසනීපය?? (නි)

:       0       0

විදානේ Thursday, 14 January 2016 12:18 AM

චෝදනා තිබෙන හැමෝම දේශප්‍රේමීන් වෙලා කෑගහනවා මේ දවස්වල. අනික මේ දවස් වල හැමෝම ලෙඩවෙනවානේ... (නි)

:       0       0

ජයාත් Thursday, 14 January 2016 01:37 AM

ඉන්දික, භික්ෂුන් වහන්සේට තිබෙන අසනීපය රටවැසියන් දන්නවා. උන්වහන්සේට ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 01:55 AM

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිතරම සටන්කළේ අයුක්තියට, අසාධාරණයට, දුෂණයට, ගසාකෑමට, මිනීමැරීමට විරුද්ධවයි. ඒ නිසාම ඒ හාමුදුරුවන්ට ජීවිත තර්ජන වලට මුහුණ දෙන්න සිදුවුණ අවස්ථාද එමටයි. ඒ හාමුදුරුවන්ගෙන් පසුව එවැනි හාමුදුරුවරු ඉන්නවා කියලා හිතන්නවත් බැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 01:56 AM

අද සමාජයේ සමහරු කරන තරමක් වැරදි කරන්නේ ඔය චීවරයට මුවාවෙලයි. ඔවුන් පස්පව් කරන්න බියක් නැහැ. එහෙත් ගිහි මිනිස්සු බයයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 01:51 AM

උන්වහන්සේලාගෙන් අපි බණත් අහනවනේ... අනේ දෙවියනේ! (නි)

:       0       0

ටෙනිසන් Thursday, 14 January 2016 01:54 AM

මොනවද මේ වැඩ? නීතියට සහය වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 02:04 AM

අපිට බණ කිව්වට මොකද තව තව මොනතරම් දේවල් වෙනවද කියලා මහජනතාව වන අපි දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 02:06 AM

එයාලගේ ජීවිතය ගෙවෙන හැටි අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඩොනල්ඩ් Thursday, 14 January 2016 02:09 AM

මේ දේවල් කරන්නේ මොන අරමුණකින්ද හාමුදුරුවනේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 02:05 AM

බලනකොට ලංකාවේ දේශපාලකයොත්, සමහර සංඝයා වහන්සේලාත් දෙගොල්ලොම එකයිනේ. (නි)

:       0       0

සම්පත් Thursday, 14 January 2016 02:40 AM

සමහර පන්සල් තිබෙනවා අලි ඇතුන් කීප දෙනෙක් ඉන්න (නි)

:       0       0

ආනන්ද Thursday, 14 January 2016 02:53 AM

අලි ගැන සමහරුන්ට හරි අනුකම්පාව! ඇයි අලින්ට පෑගිලා මැරෙන අහිංසක මිනිස්සු ගැන කැක්කුම නැද්ද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 14 January 2016 02:48 AM

මට නම් කියන්න තියෙන්නේ, අන්සතු දෙය තමන් ළඟ තබා ගැනීමේ වරද සහ එහි ආදීනව ගැන සාධුකාර දිදී, මේ හිමියන්ගෙන් බණ ඇසු සැදැහැවතුනි, දැන් ඔබ කුමක්ද කියන්නේ? (නි)

:       0       0

විකී Thursday, 14 January 2016 03:11 AM

බොරු කියන කරන එක පස් පව් වලින් එකක්. අපි බලමු ඇත්ත මොකක්ද කියලා (නි)

:       0       0

මාකොළ Thursday, 14 January 2016 03:23 AM

සුමිත්‍රා, ඔයාලා වගේ අය නොහිතපු තව පුදුම හිතෙන දේවල් ඉස්සරහට එළිවෙයි. (නි)

:       0       0

රවී Thursday, 14 January 2016 03:30 AM

අනේ අපේ සොබිත හාමුදුරුවනේ ............ඔබ වහන්සේ ගේ අඩුව අපට දැනෙනවා................. ධම්මාලෝක හිමියනි ඔබට ඉක්මන් සුව පතනවා (ම)

:       0       0

සචිත් Thursday, 14 January 2016 04:23 AM

අල්ලගත්ත ඇත් දල පන්සල් වලට නිකන් බෙදල දුන්නොත් මේ වගේ සිවුරු පොරවගත්ත ව්‍යාපාරිකයෝ අප්‍රිකාවේ ඉන්න ඇත්තුන්ටත් වැඩේ දෙනවා. මොකද රේගුවෙන් නිදහස් කරගන්න පුළුවන් කියල දන්නවනේ. (බ)

:       0       0

දයානන්ද Thursday, 14 January 2016 04:44 AM

අතාරින්න සියල්ල උතුම් නිර්වාණය ශාක් ෂාත් කරගන්න.බුදුසරනම වේවා (කෞ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 14 January 2016 04:59 AM

ඩුබායි තිලක්ට අමතකද මුන්වහන්සේත් දේශපාලකයෙක් තමයි . මෙයත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේම රාජපක්ෂ රජයේ මහින්දට හුඟක් කිට්ටු දේශපාලකයෙක් .ඒ කිට්ටු සම්බන්ධය නිසා තමයි ඔය නීති විරෝධී අලි පැටිය උන්වහන්සේට ලැබුනෙත් . (කෞ)

:       0       0

ශාන් සෞදි Thursday, 14 January 2016 05:04 AM

අලුත් කලාවක් සොයාගත්තා මන් ..... ශේප් වෙන්න ඕනෑනම් බලා ඉන්නේ නෑ ලෙඩක් නැතත් වුනත්..රෝහල් ගත වෙනවා මන් .....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 247 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 340 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1875 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12651 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6237 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36630 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site