IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ධර්ගා නගරයට කඳුළු ගෑස්

අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.

බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.

ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.

 



අදහස් (0)

ධර්ගා නගරයට කඳුළු ගෑස්

සංජිවනි Sunday, 15 June 2014 10:30 PM

ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිමගින් කටයුතු කරලා සාධාරණී කරණයකට පැමිණෙන්න (දී)

:       0       0

ශ්‍රීනාත් Sunday, 15 June 2014 10:33 PM

මිනිසුන් විශාල ලෙස කලහා කාරී ලෙස හැසිරිලා තියෙනවා එකනේ කඳුළු ගෑස් ගහන්නේ (දී)

:       0       0

චින්තක Sunday, 15 June 2014 10:58 PM

අධිකරණය කියලා එකක් තියෙන්නේ මෙවන් ප්‍රශ්න විසදන්න තමයි (දී)

:       0       0

අනුත්තරා Sunday, 15 June 2014 11:24 PM

පිට රට පුවත් පත් මාධ්‍ය මේවා දිහා ඇහැ ගහගෙන ඉන්නේ මතක තියා ගන්න (දී)

:       0       0

ඉසුරු Sunday, 15 June 2014 11:50 PM

මේක ජාත්‍යන්තරයම ලංකාව දිහා බලාගෙන ඉන්න මොහොතක්. මේවට උත්තර දෙන්න වෙනවා කියලා ඇයි හිතන්න බැරි? (නි)

:       0       0

අසිත් Sunday, 15 June 2014 11:51 PM

කඩ ගිනි තියලා, වාහන වල‍ට ගිනි තියලා මොනවද මේ කරන වැඩ? ඇයි මිනිසුන්ට හිතන්න බැරි? (නි)

:       0       0

සමරේ Sunday, 15 June 2014 11:54 PM

අපි කාටවත් බැනල වැඩක් නැහැ ,අපි හිතන්න ඕන අපි අපේ ජාතිය කොහොමද වර්දනය කරගන්නේ කියල (අ)

:       0       0

ඖසි Monday, 16 June 2014 03:37 PM

අනේ ශලනි ඔය දන්නා තරම. (දී)

:       0       0

ෂාම් Monday, 16 June 2014 12:07 AM

රටේ ජාති වානද පතුරන්න එපා (අ)

:       0       0

විජේසිංහ Monday, 16 June 2014 12:08 AM

ප්‍රචණ්ඩත්වය අපට අනුමත කරන්ට බැහැ. (අ)

:       0       0

චින්තක Thursday, 19 June 2014 09:13 PM

ලංකාවේ අපි ලංකාවේ ඉන්නේ නැති කොහේ යන්නද (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 16 June 2014 12:15 AM

චින්තක මල්ලි, ඔයාගේ කතාව හරි. ඒත් නීති තිබුනත් ඒ නීති ක්‍රියාත්මක නොවෙනවා නම් වැඩක් වෙන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ලසන්ත Monday, 16 June 2014 12:51 AM

සාමය, සමගිය නොවේද වැදගත් වන්නේ? ඇයි මිනිසුන්ට එය නොතේරෙන්නේ? (නි)

:       0       0

රවී Monday, 16 June 2014 01:47 AM

නීතියක් නැති රටේ තවත් සාදරනයක් කාගෙන් බලාපොරොත්තු වෙන්නද (අ)

:       0       0

ශලනි Monday, 16 June 2014 03:00 AM

මෙවන් ප්‍රශ්න නිසා බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා.එනිසයි මේවා දුරදිග යන්නේ (නි)

:       0       0

ශලනි Monday, 16 June 2014 03:02 AM

අපි අන්‍ය ආගම් වලට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ. නියම බෞද්ධකම කියන්නේ ඒකටයි (නි)

:       0       0

ගුනවති Monday, 16 June 2014 05:52 AM

මෙහි ප්‍රතිචාර දක්වා ඇති අය බොහොම සාමකාමී අය බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

නිමේෂ Monday, 16 June 2014 06:12 AM

අපි අන්‍ය ආගම් වලට ගරු කරමින් සියලු දෙනා සමඟ සාමයෙන් සමගියෙන් සිටිය යුතුයි (නි)

:       0       0

අෂාන් Monday, 16 June 2014 06:42 AM

ලෝකය දියුණුවෙමින් ඉදිරියට යන විට ඇතැම් පිරිස් ආපස්සට යන්න හදනවා. (නි)

:       0       0

නයනා Monday, 16 June 2014 06:45 AM

දෙපාර්ශවයම ඉවසීමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

සමන්ති Monday, 16 June 2014 06:49 AM

මුල් දිනයේදීම නීතිය ක්‍රියාත්මක කර මෙම ගැටලුව විසඳීමට කටයුතු කළා නම් මෙහෙම වෙන්න තිබුණු ඉඩකඩ බොහෝදුරට අඩුවෙන්න තිබුණා (නි)

:       0       0

චානක Tuesday, 17 June 2014 04:12 PM

ලංකාවේ ජිවත් වීම මට ආඩම්බරයක් (දී)

:       0       0

ශාන්ත Monday, 16 June 2014 07:06 AM

සමන්ති,ඔයා හරි. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක විය යුතුයි (නි)

:       0       0

අනුර ශාන්ත Monday, 16 June 2014 07:55 AM

සාමාන්‍ය අපට නම් ඔය කියන කිසිම ආගමික ගැටලුවක් හෝ ජාතීන් වශයෙන් බේදයක් නැහැ. ඔය සේරම තියෙන්නේ එක එක සංවිදාන වලටයි සමහර දේශපාලකයන්ටයි පමණයි. (නදී)

:       0       0

කල්ප Sunday, 15 June 2014 07:11 PM

මිනිස්සු ඉල්ලන දේ දුන්නානම් මෙවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ (දී)

:       0       0

සාමා Tuesday, 17 June 2014 12:15 AM

මේ ප්‍රශ්න ඉක්මනින් විසඳුවේ නැත්නම් සිද්ධවෙන්න යන දේ ගැන හිතාගන්න අමාරුයි (නි)

:       0       0

පාල Sunday, 15 June 2014 07:21 PM

සිංහල මුස්ලිම් බර්ගර් කියලා වෙනස් වෙන්නේ කොහොමද අපි ඔක්කොම මිනිස්සු ලේ මස් ඇට නහර වලින් හැදුනු ජාතියක් (දී)

:       0       0

දිලිනි Tuesday, 17 June 2014 12:34 AM

අනේ මන්දා! මේ මොනවද රටේ වෙන්නේ? (නි)

:       0       0

ගුණපාල Sunday, 15 June 2014 07:22 PM

අන්‍ය ආගම් වලට මම ගරු කරනවා (දී)

:       0       0

තුෂාර Sunday, 15 June 2014 07:26 PM

මේදවස් වල අහන්න ලැබෙන්නේ දශක ගණන් හිතන්න වෙන ප්‍රශ්නද මන්ද? (දී)

:       0       0

ලංකාතිලක් Sunday, 15 June 2014 07:27 PM

ජාත්‍යන්තරය බලා ඉන්නවා අපි දෙස (දී)

:       0       0

නුවන් Sunday, 15 June 2014 07:29 PM

මේක තවත් ඉස්සහරට අරන් යන්න දෙන්න එපා . (දී)

:       0       0

සිසිර Sunday, 15 June 2014 07:30 PM

සහෝදරයෝ වගේ ජිවත් වෙමු මේ ටික කාලේ (දී)

:       0       0

කුමුදු Sunday, 15 June 2014 07:35 PM

මගේ මගේ කියලා අල්ලා ගත්තු නිසා තමයි මේ සියල්ල (දී)

:       0       0

ලක්මාල් Sunday, 15 June 2014 07:38 PM

හැම දේකම සාධාරණයක් තියෙන්න ඕනේ, (දී)

:       0       0

ලක්මාල් Sunday, 15 June 2014 07:38 PM

මෝඩ වැඩ කරලා ලංකාව ලෝකේ ඉදිරියේ ලජ්ජා කරන්න එපා (දී)

:       0       0

සජිත් Sunday, 15 June 2014 07:39 PM

මොකක් බෙදා ගන්නද මේ කලබල කරන්නේ (දී)

:       0       0

රුවන් Sunday, 15 June 2014 07:40 PM

ජාති වාදී ප්‍රශ්නයක් මෙතන නැහැ මෙතන තියෙන්නේ බුද්දීමත්ව කටයුතු නොකිරීමේ ප්‍රශ්නයක් (දී)

:       0       0

ජිවහර්ෂ Sunday, 15 June 2014 07:47 PM

අපේ ළමයින්ට ජිවත් වෙන්න වෙන්නේ ප්‍රශ්න පිරුණු රටක (දී)

:       0       0

අමල් Sunday, 15 June 2014 07:51 PM

"පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය" මොකද්ද ඒ කතාව (දී)

:       0       0

ප්‍රසාද් Sunday, 15 June 2014 07:52 PM

මට නිකන් පිස්සු වගේ (දී)

:       0       0

නුවන් Sunday, 15 June 2014 08:01 PM

මේවට වග කියන්න ඕන තනිකරම ශ්‍රී ලංකා පොලිසිය,,,,,,,,,ඔවුන් නිතිය සෑම පුද්ගලයකුටඑක හා සමානව නිතිය ක්‍රියාත්මක කල යුතුයි ,,,පහර දුන්න අය අත්අඩංගුවට ගත්තනම් නියම වෙලාවේදී මෙවන් දේවල් වෙන්නේ නැහැ (දී)

:       0       0

ජීවක Sunday, 15 June 2014 08:07 PM

පිල්ලේ නෝනට කියන්නකෝ? (නදී)

:       0       0

ලෝචන Sunday, 15 June 2014 08:24 PM

හාමුදුරුවන් ගැහුවානම් ඒක වැරදියි කාටවත් ගහන්න අයිතියක් ලංකා නීතියේ නැහැ (දී)

:       0       0

දේවා Sunday, 15 June 2014 08:23 PM

ලංකාවේ දැන් දැන් ප්‍රශ්න වැඩියි (දී)

:       0       0

ලංකා Sunday, 15 June 2014 08:23 PM

මේආර්ථික ක්‍රමය තමයි මේ සියලු දේටම හේතුව (දී)

:       0       0

කමලා Monday, 16 June 2014 12:34 PM

යුද්ධය මොකටද සහෝදරා මේ යුද්ධය කාගේද සහෝදරා (දී)

:       0       0

නාලක බස්නායක Sunday, 15 June 2014 08:54 PM

ජාති වාදී සහ ආගම බේදයෙන් මේවා විසදන්නට බැහැ ලෝකයේ කිසිම රටක මේවා එසේ විසදුනේ නැහැ එනිසා මොලය පාවිච්චි කරලා සියලු දෙනා කටයුතු කිරීම ප්‍රකාශ කිරීම වටිනවා (දී)

:       0       0

නිම්මි Monday, 16 June 2014 01:03 PM

කලබල කර ගන්න එපා රට අරාජික වෙනවා (දී)

:       0       0

රත්නවීර Sunday, 15 June 2014 09:11 PM

මේවා කොහෙන් කෙලවරවෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ෂෙහාන් Sunday, 15 June 2014 09:23 PM

වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනේ රටින් පිටුවහල් කළා නම් හරි (අ)

:       0       0

පෝල් Sunday, 15 June 2014 09:25 PM

මේ රටට වෙලා තියෙන දේ යථාර්ථ වාදී ලෙස තේරුම් ගන්න හැගීම් වලට වහල් නොවී , රජය ඉහල ඉදන් පහලට ජිනීවා වලින් බේරෙන්න උත්සහ කරන අතරේ , මේ අය ජිනීවා වලට පෙට්‍රල් දානවා . වරද නිවරද නොවේ , ප්‍රතිපල ගැනත් හිතන්න (අ)

:       0       0

පෝල් Sunday, 15 June 2014 09:33 PM

නාලක ඔයා හරියට හරි , හොදම ප්‍රතිචාරය තමා , මේ විදිහට ප්‍රශ්න විසදන්න ගියොත් යුඑන් එකට බොහොම ලේසියෙන් අපිව අමාරුවේ දාන්න පුළුවන් . ඒක නිසා හැගීම වලට වහල් නොවී බුද්දියෙන් ප්‍රතිචාර දාන්න මොකද අපිට ඊට වඩා දෙයක් කරන්න බැරිනි නිසා (අ)

:       0       0

දිලිනි Sunday, 15 June 2014 09:58 PM

ඇයි අපි හැමෝටම මේ ප්‍රශ්න එකතුවෙලා විසඳාගන්න බැරි? (නි)

:       0       0

නුවන් Sunday, 15 June 2014 10:00 PM

පිල්ලේ නෝනාට හොද අවස්තාවක් (දී)

:       0       0

මහේෂ් Sunday, 15 June 2014 10:12 PM

මේ ප්‍රශ්නයේ මුලාරම්භය මොකද්ද (දී)

:       0       0

බණ්ඩාර Sunday, 15 June 2014 10:12 PM

ලෝකේ සියලුම මිනිස්සු එකම ආගමනේ නම් කොහොමට තියෙයිද ප්‍රශ්නයක් කියල එකක් නැත්තටම නැතිවෙයි (දී)

:       0       0

ප්‍රතිභා Sunday, 15 June 2014 10:16 PM

අපි සියල්ලන්ගේම අතේ වැරදි තියෙනවා ඒ නිසා අපි කාටවත් කාටවත් විරුද්දව ඇගිල්ල දික් කරන්න බැහැ (දී)

:       0       0

පියල් Sunday, 15 June 2014 10:15 PM

පිල්ලේ නෝනලා ජයලලිතලා මේවා දිහා බලාගෙන ඉන්නේ වාසි ගන්න (දී)

:       0       0

සුරංග Sunday, 15 June 2014 10:17 PM

මේ වෙලේ බොරදියේ මාළු බාන පිරිසක් ඉන්නවා ප්‍රවේසම් වෙන්න (දී)

:       0       0

පියුමි Sunday, 15 June 2014 10:20 PM

හිටි ගමන් මොකාක් හරි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ අපිට සකච්ඡා කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2100 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1355 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2180 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3097 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site