IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ධාවන තරගෙන් පීසී දිනයි

කුලියාපිටිය නගරයේ හෙට්ටිපොළ මාර්ගයේ මිනිසෙක්  දිව්වේය.පොලිස් කොස්තාපල්වරයෙක් ඔහු පසු පසින් දිව්වේය.දිවු මිනිසා බසයකට නැංගේය. පොලිස් කොස්තාපල් බසය නවත්වා ඔහු අත්අඩංගුවට ගත්තේය.

කුලියාපිටිය රෝහලේ පොලිස් මුරපොළට රැගෙන  ගියේය.

රෝහල් අවන් හලෙන් රුපියල් 2870 ක බිස්කට් පෙට්ටියක් සොරකම් කළැයි කියන පුද්ගලයකු සොයා  කොස්තාපල් එසේ දිව්වේය.

10

12 11

13

 

 

 

 

 



අදහස් (0)

ධාවන තරගෙන් පීසී දිනයි

එරංග Friday, 18 July 2014 11:57 AM

පීසීට ජයවේවා! (නි)

:       0       0

විජේසිංහ Friday, 18 July 2014 12:09 PM

හොරකම අපට අනුමත කරන්න බැහැ. එහෙත්, ඇයි තෝරු මෝරු අහුවෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සමන් Friday, 25 July 2014 05:14 AM

රුපියල් 2870 ක බිස්කට් පෙට්ටියක් ??? මට නිකන් පිස්සු වගේ. (අ)

:       0       0

සත්‍යා Saturday, 19 July 2014 01:24 AM

මෙතැනදී බලන්න ඕනෑ සොරකම් කරනු ලැබූ විස්කෝතු පෙට්ටියේ වටිනාකම නොවෙයි. දෙනෝදාහක් බලා සිටියදී සොරකමක් කර පැනයන්න උත්සාහ කළ "සොරෙක්" ව අල්ලන්න පොලිස් නිලධාරියෙකු ගත් අවංක ප්‍රයත්නයයි. මෙවැනි නිර්භීත නිලධාරීන්ට ඉහළින් බාධා නොකරන්නේ නම් තක්කඩි වැඩ කරන ඇමති කෙනෙකුගේ වුණත් බෙල්ලෙන් අල්ලන්න තරම් එඩිතරකමක් මොහුට තිබෙන බවයි අපට හැඟෙන්නේ. (නි)

:       0       0

තරංග Monday, 21 July 2014 06:18 AM

මෙහෙම කුඩු ලොක්කොත් අල්ලන්න පුලුවන් නම් හොදයි (නි)

:       0       0

ටෙනිසන් Saturday, 19 July 2014 01:45 AM

ස්ටැන්ලි, හොරකමට අනුබල දෙනවා නොවෙයි.නමුත් කතාවේ ඇතුලාන්තය නොදැන ඒ පුද්ගලයාගේ ආත්මය කෙළෙසන එක හොඳ නැහැ. (නි)

:       0       0

රොහාන් Friday, 18 July 2014 08:29 AM

අනේ, මට පිස්සු වගේ (අ)

:       0       0

මොහාන් Friday, 18 July 2014 08:29 AM

අනේ අපේ පොලිසිය ,,,, මෙහෙම හොරු නම් අල්ලනවා තොග පිටින්. (අ)

:       0       0

ඉන්දික Friday, 18 July 2014 08:30 AM

ඔබ වගේ පොලිස් නිලධාරීන් තමා අපේ රටට අවශ්‍ය. පොලිසියේ කාට කාටත් හොඳ උදාහරණයක්. (අ)

:       0       0

හසන්ත Saturday, 19 July 2014 02:11 AM

අපේ පොලිසිය දක්ෂයි (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 08:35 AM

බිස්කට් පෙට්ටියක් මෙච්චර ගණන්ද? ඒක සුපිරි ගණයේ අවන්හලක් වෙන්න ඇති. (නි)

:       0       0

තෙෂාන් Friday, 18 July 2014 01:20 PM

ලොකු වුණත් පොඩි වුණත් හොරකම හොරකමමයි. ඒ හින්දා දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල Friday, 18 July 2014 08:36 AM

ඔය බිස්කට් හොරා ඇල්ලුවා වගේ මේ වීර පොලිස් නිලධාරීතුමන්ලාට බැරිද ඔය ලක්ෂ, කෝටි ගණන් හොරකම් කරන හොරුත් අල්ලන්න හැබෑටම? කරනවා නම් අන්න වැඩ. (නි)

:       0       0

සිසිර Friday, 18 July 2014 08:41 AM

පරණ සින්දුවක් මතක් වුණා. " සරා ගොයියා හරි මිනිහා" (නි)

:       0       0

රොෂාන් Friday, 18 July 2014 08:41 AM

හොරකම හොඳ නැති වුණත් මේ මිනිසා කර තිබෙන්නේ ඒතරම් ලොකු හොරකමක් නෙමෙයි. රාළහාමි කළ වැඩේ අගය කරමි (නි)

:       0       0

දිනූෂ Friday, 18 July 2014 01:40 PM

පව්. පොඩි දරුවන්ට දෙන්න වෙන්න ඇති. පී සී හොඳයි. ඒත් පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම සෙල්ලම් (නි)

:       0       0

සිල්වා Friday, 18 July 2014 08:46 AM

ඔහොමම දුවලා අර කුඩුත් අල්ලන්නකෝ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 02:04 PM

පහන්, "මනුතාපය"කියවා නැතුව ඇති ලංකාවේ බොහොම පිරිසක්. (නි)

:       0       0

රුවන්ත Friday, 18 July 2014 08:55 AM

හරිම සතුටුයි. හොර පැටියෙක් අල්ලාගෙන... (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 18 July 2014 02:05 PM

මොනවාද ඒ බිස්කට් වර්ගය? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 18 July 2014 02:06 PM

වරෙන්තු තිබෙන යකඩ හොරෙක් එළිපිට ඉන්නවා පොලිසියට පුලුවන් නම් අල්ලලා පෙන්වන්න. (නි)

:       0       0

ඉනෝකා Friday, 18 July 2014 08:58 AM

ඔබතුමාට ස්තූතියි! (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 02:09 PM

ඔබගේ ධෛර්යයට ජයවේවා! (නි)

:       0       0

සුමිත් Friday, 18 July 2014 09:04 AM

මේක නම් අදහන්න වටිනා ක්‍රියාවක්. අද කාලේ පොලිසියේ අය පිස්තෝලයක්වත් නැතුව පාරට බහින්නේ නැහැ. මෙම නිලධාරියා වහාම අගය කර උසස්වීමක් දෙන්න ඕනෑ. රාජකාරිය නොපිරිහෙලා ඉටුකරන අය ඉහළට ඔසවා තැබුවොත් අපරාධ කියන දේවල් අපේ සමාජයෙන් නැත්තටම නැතිකරලා දන්නා පුළුවන්. ඔබතුමාගේ ක්‍රියාවට බොහොම ස්තුතියි! (නි)

:       0       0

ඉසුරු එදිංසිංහ Friday, 25 July 2014 06:18 PM

මම මෙයාව මගේ කුඩා කාලයේ සිට දන්නවා. ඔවුට 10 ක් එක්ක උනත් ෆයිට් කරන්න පුලුවන්. ඔහු ශක්තිමත් (නදී)

:       0       0

සිතුමිණි Sunday, 20 July 2014 02:02 PM

පොඩි හොරකමෙන් තමා ලොකු හොරකමට පුරුදු වෙන්නේ. හොරු ඇල්ලුවත් සමහරු බනිනවා, නැතත් බනිනවා. මේ රාළහාමි කළේ එයාගේ රාජකාරිය. (නි)

:       0       0

දනුෂ් Saturday, 19 July 2014 04:16 AM

ඔච්චර දුවන්නේ මොකටද? ඔළුවට වෙඩි තිබ්බා නම් ලේසිනේ අල්ලා ගන්න. (නදී)

:       0       0

සුරංජන Friday, 18 July 2014 09:27 AM

අහිංසක කෑම හොරෙක්. (නි)

:       0       0

පැරා Friday, 18 July 2014 03:00 PM

රාළහාමි මන් පොලිසියේ රාළහාමි මං සාමය අරක්සා කරන නිලදාරිය මං .(අ)

:       0       0

ස්ටැන්ලි Friday, 18 July 2014 03:03 PM

මේකේ තියෙන අදහස් දෙහා බැලුවහම තේරෙන්නේ හොරකම අනුමත කරනවා වගෙයි. මීගමුවේ මකොල්ල කාපු කෙනත් ඡන්දෙන් දිනපු රටක් නේ මේක - පුදුමවෙන්න දේකුත් නැහැ (අ)

:       0       0

මානවී Friday, 18 July 2014 09:38 AM

අනේ! මේ වගේ රාළහාමිලා රටට වාසනාවන්. (නි)

:       0       0

උපුල් Friday, 18 July 2014 04:24 PM

කොස්තාපල් පුඤ්ඤසෝම මතක් වුණා මට (නි)

:       0       0

කුමාර් Saturday, 19 July 2014 05:36 AM

ඇයි මනුෂ්‍යාගේ ප්‍රශ්නේ කව්ද දන්නේ නමුත් හොරකම වැරදියි (නදී)

:       0       0

සමන් Friday, 18 July 2014 09:50 AM

නැති බැරි කමට කරන හොරකම් ඔවා නම්. වරෙන්තු තියන යකඩ හොරෙක් එළිපිට ඉන්නවා පොලිසියට පුලුවනම් අල්ලලා පෙන්වන්න. (අ)

:       0       0

සෑම් Friday, 18 July 2014 09:51 AM

පොලිස් කෝලමේ "සරා ගොයියා " මතක් උනා. (අ)

:       0       0

සෙනරත් Friday, 18 July 2014 09:58 AM

හොරකම් කල බිස්කට් පෙට්ටිය පෙනෙන්න නැහැනේ? නඩුව ඔප්පු කරන්න බැරි වෙයිද?(අ)

:       0       0

ෂෙරිෆ් Friday, 18 July 2014 10:00 AM

පොලිස් කොස්තාපල් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන වගෙයි (නි)

:       0       0

තරිදු Saturday, 19 July 2014 07:13 AM

රත්තරන් බිස්කට්ද? (අ)

:       0       0

සුජිත් Friday, 18 July 2014 10:05 AM

අයියෝ! අහුනොවී දුවන්නවත් දන්නේ නැහැ. (නි)

:       0       0

පහන් Friday, 18 July 2014 10:06 AM

පාන් ගෙඩියක් සොරකම් කළ ජනවර්ජනත්, ජන්තු ඉන්ස්පෙක්ටර් මහත්තයත් මතක් වුණා. (නි)

:       0       0

රවිනාත් Saturday, 19 July 2014 07:20 AM

පිස්තෝලෙ එලියට නොගත්තාට ස්තූතියි රාලහාමි. (අ)

:       0       0

නිශාන්ත Thursday, 24 July 2014 03:17 AM

පුලුවන් නම් අහිසක අපේ සල්ලි පිල්ල ගහන හොර ඇමතියෝ අල්ලලා ඔය විදියට ඇදගෙන යන්න පාරේ (නදී)

:       0       0

නිමල් Friday, 18 July 2014 10:22 AM

උත්සාහවන්ත පීසීට සුභ පැතුම්! (නි)

:       0       0

ධර්මේ Friday, 18 July 2014 10:22 AM

අනේ ඒකටත් එක්ක අපේ පැත්තේ පොලිසිය...? මම ඉන්නේ ලංකාව කියලා රටක. (නි)

:       0       0

අචිර Friday, 18 July 2014 06:40 PM

රාළහාමි, ඔහොම ටිකක් ඉඳලා, මම කියන දේ අහන්නකො. ලංකාවේ මිනීමැරුම් කරන පල් හොරුන් අල්ලගන්න බැරිද මේ විදිහට? (නි)

:       0       0

හේමන්ත Friday, 18 July 2014 10:27 AM

පීසී මහත්තයාට ජය වේවා! (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 18 July 2014 10:28 AM

රටේ ජනතාවගෙ මුදල් මංකොල්ලකන දූෂිත දේශපාලකයන් රාජ්‍ය නිලධාරින්ව දුවන්නෙ හෝ හතිදාන්නෙ නැතුව අල්ලලා ඔය විදිහටම පොලිසියට අරගෙන යන්න ක්‍රමයක් ඇත්නම්... (නි)

:       0       0

මාලි Saturday, 19 July 2014 08:11 AM

අධිවේගේ සිද්ධිය මතකද? (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 19 July 2014 08:14 AM

මේ වගේ අහිංසකයෙක් නම් අල්ලන්න දුවන්න පුළුවන්. මහා පරිමාණ ජාවාරම් අල්ලන්න නම් බැහැ (නදී)

:       0       0

රුචිර Friday, 18 July 2014 11:01 AM

මට මනුතාපයේ ජනවර්ජනගේ චරිතය මතක්වුණා. (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 09:48 PM

මෙවැනි පුවත් ඉස්සරත් අපි අහලා තිබුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2500 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1552 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site