IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ධීවරයන්ට ටැබ් පරිගණක

ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට 2017 වර්ෂය සඳහා රජය රුපියල් කෝටි 18ක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (1) පැවසීය. 

ලබන වසර සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කරුණු කීවේය. 

යුරෝපා සංගමය විසින් මෙරටට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම පැනවීම සඳහා බලපාන ලද කරුණු තුනක් වූ බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස ධීවරයන්ට ටැබ් පරිගණක දීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි කීය.

නීති විරෝධී, නියාමනය නොකරන සහ වාර්තාගත නොකෙරෙණු ධීවර කටයුතු පිටුදැකීමේ අරමුණින් යුරෝපා සංගමය පනවන ලද නීති රීති පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීම නිසා යුරෝපා සංගමය අප රටට එරෙහිව මත්ස්‍ය තහනමක් පැනවූ බව ද ඔහු කීවේය. 

 



අදහස් (0)

ධීවරයන්ට ටැබ් පරිගණක

ඉසුරු Friday, 02 December 2016 01:53 PM

කටින් බතල කොළ හිටවමු (නි)

:       0       0

ගමගේ Thursday, 01 December 2016 09:24 PM

ඔය ටැබ්ද මොකක්ද එකට ලුණු වතුර හොඳයිද මන්දා. (නි)

:       0       0

ශාන්ත Thursday, 01 December 2016 09:48 PM

කලබල වෙන්න එපා. මේ ධීවරයෝ කියන්නේ මුදලාලිලාට. එයාල මාළු අල්ලන්නේ ගොඩ ඉඳලා. (නි)

:       0       0

අසෝකා Thursday, 01 December 2016 11:02 PM

ඇයි කාටත් අමතකද එක ආණ්ඩුවකින් ගොවියන්ට දෙන්න කියලා ටැක්ස් අඩුකරලා පැජරෝ වාහන ගෙන්නුවා. දියවන්නාවේ ඉන්න සේරම ගොවි මහත්හොරු ටික එහෙ වවන නිසා ඒ ගොල්ලන්ටම ගෙන්නවා ගත්තා. ගිහින් බලන්නකෝ බොරු නම් අර දුෂ්කරයි කිව්වට දඹුල්ල පැත්තේ ගොවි මහතුරු , ඔය ඈත පැතිවල ගොවිමහත්තුරු යන්නෙම පැජරෝ වලින්. ඒ වගේ මාළු ටික ඉන්න තැන හරියට බලා ගන්න ඒගොල්ලට ටැබ් එකෙන් පුළුවන් වෙයි. රට පෙරට අපි වළට කියලා (නි) ඉරිසියකරන්නේ නැතිව අපි සතුටු වෙමු.\n

:       0       0

ප්‍රදීප් Thursday, 01 December 2016 11:11 PM

කවුරුහරි දන්නවද මේ හැමදේටම ටැබ් ගෙන්නන්නේ පිටරටින්ද කියලා? (නි)

:       0       0

සිරි Friday, 02 December 2016 07:35 AM

යුරෝපයට ඕනෑ පදයටද අපි නටන්න ඕනෑ? අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

සිළිඳු Thursday, 01 December 2016 11:30 PM

මාළුන්ට අයිෆෝන් එක ගානේ දුන්නොත් වැඩේ තවත් ලේසි වෙනවා! (ර)

:       0       0

ටෙනිසන් Friday, 02 December 2016 12:15 AM

මාළු අල්ලන්නද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 02 December 2016 12:34 AM

ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට වඩා අවශ්‍ය දෙයක් එම අය වෙනුවෙන් කරන්න ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ලක්විදු Friday, 02 December 2016 01:01 AM

කවුරුහරි ටැබ් කොම්පැණියක් එක්ක ඩීල් එකක් ගහලා වගේ (නි)

:       0       0

සුසන්ත Friday, 02 December 2016 01:07 AM

එහෙනම් ඉතින් ඒකත් හරි (නි)

:       0       0

සුමේධ Friday, 02 December 2016 01:07 AM

මුහුද මැදට ගිහින් ටැබ් එක ඔන්කරලා ඇමට දාන්න. ගජමෑන් කාටුන් වලටත් වැඩිය හොඳයිනේ පාර්ලිමේන්තු කාටුන් (නි)

:       0       0

අනුර Friday, 02 December 2016 01:43 AM

ටැබ්, වයිෆයි සීනි බෝල කවලා රටේ දැවෙන ප්‍රශ්ණ විසඳන්න බැහැ.(ර)

:       0       0

පිටිගල මිලානෝ Friday, 02 December 2016 01:51 AM

හරක් බලන කොල්ලොන්ටත් ටැබ් ටිකක් දුන්නොත් නරකද (ර)

:       0       0

පහන් Friday, 02 December 2016 02:41 AM

වෙන් කරනවා පමණි. කිසිම දෙයක් ක්‍රියාත්මක නැත. ඊළඟ අයවැයේදී අායෙත් වෙන් කරනු ලැබේ. මුදල් නොව වෙන්කරනුයේ වචන පමණි (නි)

:       0       0

මිනෝලි Friday, 02 December 2016 03:03 AM

අවශ්‍ය තැනට අවශ්‍ය දේ කලානම් හොඳයි (ර)

:       0       0

සෙනිත් Friday, 02 December 2016 03:35 AM

ඕවට වඩා ප්‍රශ්න නැද්ද විසදන්න (ර)

:       0       0

දසුන් Friday, 02 December 2016 08:46 AM

කාලයක් බ්‍රේස්ලට් සහ චේන් දුන්නා. දැන් ටැබ්ලට් දෙනවා. පරිණාමයේ ලකුණු. (නි)

:       0       0

නන්දිමිත්‍ර Thursday, 01 December 2016 04:11 PM

ධීවරයන්ට නවීන ධීවර උපකරණ සහ හොඳ විධිමත් පුහුණු වැඩ සටහන් පෙළක් නොවෙයිද අවශ්‍ය ටැබ් පරිගණක වල කලින්? නොදන්නා කමටයි ඇහුවේ.(බ)

:       0       0

සන්ජය Thursday, 01 December 2016 05:58 PM

රටේ මිනිසුන්ට මාළු ටික දෙන්න, ෆෝමලීන් දාපු කුකුල් මස් නැතුව. ඔක්කොම විකුණාගෙන කන්න ඕනෑ මොවුන්ට (නි)

:       0       0

සිල්වි Thursday, 01 December 2016 06:10 PM

දැන් ඔය යුරෝපා සංගමය අපේ අපනයන තහනම් කරලා තිබුනේ ඔය ටැබ් නැති නිසාද? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 01 December 2016 06:36 PM

ඉන්ටර්නෙට් සිග්නල් වලින් මාළු අල්ලන්න වෙන්න ඇති ටැබ් පරිගණක ධීවරයන්ට දෙන්න යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 103 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5394 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1171 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 354 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2117 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2055 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40051 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site