IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න‘

ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දිනෙන් දින වර්ධනය වන බැවින් ඒවා වැළැක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දියා මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ලබාදීමට කාලය එළැඹ ඇතැයි ඇය එම ලිපියේ සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රීලංකා මුහුදු සීමා නීති උල්ලංඝණය කළ ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු හා ධීවර යාත්‍රා 30 ක් ශ්‍රීලංකා බලධරයින්ගේ අත්අඩංගුවේ පවතින බවද ඇය කියා ඇත.



අදහස් (0)

‘ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න‘

සෙනෙවි Saturday, 03 October 2015 06:25 AM

අදහස් දැක්වීමේදී කාන්තාවක වශයෙන් මදක් සංවරව වචන බාවිතා කරන මෙන් රුපවතී නම් කාන්තාවට මතක් කරන්නට කැමති.ලංකාදීපය දෙස්, විදෙස් සියලු දෙනාම මහත් අශාවෙන් කියවන පුවත් පතක් බැවින්.(අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 03 October 2015 06:45 AM

ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවට එන්නේ මාළු අල්ලන්නම පමණක් නොවේ. ඒ හරහා එදා සිට මේ දක්වාම හොරබඩු, කේරළ ගංජා, කුඩු ඇතුළුව අවිආයුධ, මිනිස් ජාවාරම් ඇතුළු මහා පරිමාණ නීතිවිරෝධී ව්‍යාපාර රැසකට උපයෝගී කරගන්නා ගමන් මාර්ගයක්. රටේ ආරක්ෂාවට තව තවත් නාවික හමුදා යාත්‍රා සේවය තරකළොත් ඔය හුඟක් දේවල් පාලනය කරගන්න පුළුවන් වේවි.ජනක, ඔබ හරි.එහෙම හිතපු හැමකෙනාම අපේ අහිංසකකමින් අනිසි ප්‍රයෝජන ගත්තා. ඉදිරියටවත් ඒක නොවුණොත් හොඳයි (නි)

:       0       0

නලින් Friday, 02 October 2015 06:35 PM

අම්මෝ,රූපවතීට තරහා ගිහිල්ලා තියෙන තරමක්! ඒක එයාලා බලාගනීවි. (නි)

:       0       0

ගජේන්ද්‍ර Sunday, 04 October 2015 04:41 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

සුජා Saturday, 03 October 2015 08:32 AM

අපි මේ ප්‍රශ්නයේදී ඉන්දියාව තරහා කරන්නේ නැතුව දෙපැත්තටම සාධාරනයක් වෙන විදිහට වැඩ පිළිවෙලක් දියත් කලොත් හොඳයි නේද? මේකත් අර හිඟන්නාගේ තුවාලය වාගේ ඔඩු දුවන ප්‍රශ්නයක් වෙලා. යහපාලන ආණ්ඩුවටවත් බැරිද මෙය සාමකාමිව නිරාකරණයකර කර ගැනීමට. (ර)

:       0       0

වසන්ජය Friday, 02 October 2015 09:16 PM

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නේ ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරන නිසයි.ඒ වෙනුවෙන් නාවික හමුදාවට අපේ උත්තමාචාරය පිරිනමමු.ඉතින් ජයලලිතා ඔයාගේ වැසියන්ට කියන්න ශ්‍රී ලංකාවේ සීමා කඩකරන්න එපා කියලා. ප්‍රශ්නය ඒ විදිහට බේරාගනිමු. (නි)

:       0       0

දුමින්ද Saturday, 03 October 2015 09:41 AM

රාජ්‍ය තාන්ත්‍රික ගැටළු විසදිය යුත්තේ රජයන් විසිනි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 02 October 2015 10:36 PM

මගේ අම්මෝ රූපවතී, සැර වැඩි නැද්ද? (නි)

:       0       0

සමන්ති Friday, 02 October 2015 11:51 PM

ඔය ධීවරයින්ට කියන්න මුහුදු සිමාවේ මාළු අල්ලන්න කියලා. වැඩේ ඉවරයිනේ. (නි)

:       0       0

ජනක Saturday, 03 October 2015 03:25 AM

රූපවතී සැර නැහැ. ඒත් අපේ මිනිස්සු අහිංසක වැඩියි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 03 October 2015 03:36 AM

ඇති යන්තම් ඔය තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනවා කියලා පිළිගෙන තියෙන එක. ධීවරයින් නිදහස් කරන්නයි කිය කියා ඉන්නවාට වඩා හොඳම දේ තමයි එවැනි දේවල් සිදුනොවීමට ධීවරයින් දැනුවත් කරන එක. නමුත් ඒවා කිරීමට ඇයි එතරම් උනන්දුවක් නොදක්වන්නේ? (නි)

:       0       0

අමල් Sunday, 04 October 2015 11:45 AM

මේ ප්‍රශ්නෙට ඉක්මනින්ම විසදුමක් දුන්නොත් හොදයි. (ර)

:       0       0

ප්‍රීටර්ස් Saturday, 03 October 2015 05:26 AM

මෙයාව දන්නේ නැද්ද? (අ)

:       0       0

රූපවති Friday, 02 October 2015 04:10 PM

ඔව් ඔව් ..ඔයාට තමයි ඕනෙත් අර පාලම හදාගන්න..මුහුද යටින් උමන් මාර්ගයක් ..සීපා ගිවිසුම ..? මෙහෙට හෙම එන්නේ නැහැ ..එකෙක්වත් ඉන්දියාවෙන් ? අපිට තියන තරම අපේ ලංකාවේ මේ ඇති ..? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1184 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1684 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1220 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1293 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1881 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 767 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site