IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ධීවර ඇමැති මහින්දට බටර් ගායි

“හිටපු ජනපති මහින්ද රාජපක්ෂ   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන පුද්ගලයෙක්. ඔහුට එය පෙන්වීමට තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි දින රැලියට සහභාගී වීම.” යැයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

“ ඔහු අපේ මැයි දින රැළියට සහභාගී වනු ඇතැයි අපි තවමත් බලාපොරොත්තු වෙනවා. පළමු ආරාධනය යොමු කළේත් මහින්ද රාජපක්ෂ මහතාටයි. එය අත්සන් කළේ මමයි. අපි දැන් ඔහු හමුවීමට වෙලාවක් ඉල්ලා තිබෙනවා. එහිදි අපි ඔහුට නිල වශයෙන් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. මැයි දිනයට කල් තියෙනවා. මාස ගණන් තියලා ආරාධනා කරන සිරිතක් නැහැ. ඔහුගේ තාත්තාත් මේ පක්ෂයේ හිටියා. ඔහුට මේ පක්ෂය සම්බන්ධයෙන් සුවිශේෂී ඉතිහාසයක් තිබෙනවා. අපි අපේ යුතුකම අපි ඉටු කළා. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට සහභාගී වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා‘‘

මේ අතර යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කරන්නේ ද නැද්ද යන අවසාන තීරණය බ්‍රහස්පතින්දා (21) ගන්නා බව ධීවර අැමැතිවරයා පැවැසීය.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිටින යුරෝපා සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ හෙට (21) දිනයේදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වන බවත් ඒ අවස්ථාවේදීම මත්ස්‍ය තහනම ඉවත් කරන්නේ ද නැද්ද යන තීරණය ලැබෙනු ඇති බවත් ඔහු කීය.

ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම 21 වැනිදා ඉවත් කරන බවට යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඩබ්ලිව්.පී වන්නිනායක අඟහරුවාදා (19) නිකුත් කළ නිවේදනය අත්වැරැද්දක් යැයි ද ඒ සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා  එහිදි කියා සිටියේය.DSC_8676

 



අදහස් (0)

ධීවර ඇමැති මහින්දට බටර් ගායි

විදානේ Wednesday, 20 April 2016 10:00 PM

ඔබතුමාගේ පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

චන්දදාස Wednesday, 20 April 2016 11:32 AM

මහින්ද නැතිව පක්ෂය අතරමන් වෙලා(අ)

:       0       0

නන්ද Wednesday, 20 April 2016 11:54 AM

හැබැයි ඇමතිතුමෝ..බටර් මේ පායන හැටියට නිකම්ම උණුවෙලා දියවෙලා යනවා. (බ)

:       0       0

දහම් Wednesday, 20 April 2016 12:09 PM

පක්ෂයෙන් පැනල ගිහින් යූ එන් පී ආණ්ඩුවක් හදපු මිනිහව එලවල මහින්දට නායකත්වය දෙන්න. වෙන විකල්පයක් ඔහෙලට නැහැ.(බ)

:       0       0

සුසන්ත Wednesday, 20 April 2016 12:23 PM

මහින්දගේ නම විකුණන් කමින් මහින්දටම අංචි අදින මෙවන් උන්දැලා නිසා තමයි මහින්ද විනාශ වුනේ! (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 20 April 2016 01:39 PM

මහින්ද මොකටද මෛත්‍රී ඉන්නේ, නායකයන් දෙන්නෙක් අපිට එපා. අපිට ඕනේ එක්කෙනයි .ඒ මහින්ද තමයි. මහින්ද ඉන්නේ විරුද්ධ පක්ෂයේයි. රටට අදෙරේ කරන මිනිස්සු ඉන්නේ මහින්දත් එක්ක. එනිසා ඔබලාගේ රැලියට එතුමා එන්නේ නැහැ මහත්තයෝ. (අ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 April 2016 07:06 PM

මහින්දලා රට පාලනය කළ යුතුයි කියා අපි නම් දැන් කිසිවිටෙකත් කියන්නේ නැහැ (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 20 April 2016 07:52 PM

මේ කාලෙ කාගේත් කතා අහලා දැන්නම් අපිට ඇතිවෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 83 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2153 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 313 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 400 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1614 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1584 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site