IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ධීවර සිරුරු දෙකක් ගොඩට

වැස්ස සහ තද සුළඟට හසුවී අනතුරට ලක් වූ බෝට්ටු වල සිටි ධීවරයන්ගෙන් දෙදෙනකුගේ සිරුරු ගිංතොට හා බලපිටිය වෙරළට ගොඩ ගසා ඇති බවත්, ධීවරයන් 15ක් පමණ අතුරුදන්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

බලපිටිය වෙරළට   හිස් බෝට්ටු අටක් පමණ ගොඩ ගසා ඇත.

ධීවරයන්ගේ ඥාතීහු වැසිද නොතකා වෙරළට ගොස් සිටිති.

(ඡායාරූප ජනත් ද සිල්වා)



අදහස් (0)

ධීවර සිරුරු දෙකක් ගොඩට

චන්දන Saturday, 08 June 2013 03:58 PM

විශ්‍රාම වැටුප් සටනුත් නෑ. වැටුප් වැඩිකරන්නෙත් නෑ. ජීවත ආරක්ෂකයන් තියා ආරක්ෂක කබාත් නෑ. රක්ෂණයක් නෑ. නැතිවුනාම දරුපවුලට වන්දියකුත් නෑ. රටේ දල දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන කොටස්කරුවන්....(ස)

:       0       0

ධමිත් Saturday, 08 June 2013 03:58 PM

වලක්වා ගන්න තිබුන මරණා.ඇයි අපේ කාලගුණ /නාවික හමුදා/ගුවන් විදුලිය මීට වැඩිය සංයෝගීව වැඩ කරන්නේ නැත්තේ.?(ස)

:       0       0

ඉන්ද්‍ර ලලිත් Saturday, 08 June 2013 04:25 PM

කෝ අපේ ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව? (නි)

:       0       0

පාලිත Saturday, 03 August 2013 06:13 PM

කරුණාකර මේ අහිංසක මිනිස්සුන්ට නිවැරදි කාල ගුණ අනා වැකි කියන්න (දී)

:       0       0

රංජනී Saturday, 08 June 2013 05:02 PM

ධීවරයෝ දන්නවා නේද මුහුදු රළ වැඩි වෙනකොට මුහුදට යන්න හොද නැහැ කියලා.අනේ මන්දා හරිම දුකක්. (නි)

:       0       0

චින්තක Saturday, 08 June 2013 05:28 PM

ධීවර සොයුරන්ට,මාගේ සාතිශය කණගාටුව.මොවුන් වෙනුවෙන් නිසි බලධාරින්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

සනත් Sunday, 09 June 2013 11:28 AM

ජීවිතාරක්ෂක කබා නැද්ද මේ මිනිස්සුන්ට (දී)

:       0       0

අනුරාධ Saturday, 08 June 2013 05:39 PM

හරිම අනුවේදනීය සිදුවීමක්. තෙරුවන් සරණින් විපතට පත් අයට සහනය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. මියගිය අයට පින් පමුනුවන අතර ඔවුන්ගේ පවුල් වලට අපගේ සාතිශය සංවේගය මෙයින් පළකර සිටින්නෙමු. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 08 June 2013 05:49 PM

කාගෙද වැරැද්ද? අහිංසක මිනිහටමයි හැම දේම. නිවන් සුව අත්වේවා ! (නි)

:       0       0

චතුර Sunday, 09 June 2013 11:35 AM

අනුෂ්කා ඔයා ඔය කියපු කතාවට සමාව ඉල්ලන්න. මොකද ඒ මිනිස්සුන්ට කරන්න වෙන රැකියාවක් නැති නිසා ඔය රැකියාව කරන්නේ. නැත්නම් සතුන් මරන්න තියෙන ආසාවට නෙවේ. ඒ මිනිසුන්ගේ බඩගින්න නිවා ගන්නයි.(නදී)

:       0       0

මිචෙල් Saturday, 08 June 2013 05:58 PM

අහිංසක අසරණ ධීවර සහෝදරයෝ පවු. අනිවාර්ය කළ ආරක්ෂක කබා වල තත්ත්වය මොකක්ද දැන්? (නි)

:       0       0

ඵහාඩ් අහමෙඩ් Sunday, 09 June 2013 12:07 PM

මේ සියලු අඩු පාඩු වලට හේතුව රජයයි. මෙවැනි අහිංසක ජීවිත වලට වග කිව යුත්තේ රජයයයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 08 June 2013 06:42 PM

ධීවර සොහොයුරන් මේ වගේ විපතට පත්වෙන්නේ නැහැ හරි හමන් කාල ගුන අනාවැකි ලැබෙනවා නම්. පව් ඒ අසරණ පවුල්. මට නම් ඔය දෙපාර්තමේන්තුව වැහුවත් කමක් නැහැ.(නදී)

:       0       0

හිමාෂ Saturday, 08 June 2013 07:16 PM

මාර පව්.(නදී)

:       0       0

ගයාන් Saturday, 08 June 2013 09:58 AM

කෝ අපේ පෙර අනාවැකි? හරිම කණගාටුයි අපිට (නි)

:       0       0

නීල් Saturday, 08 June 2013 10:03 AM

මෙතරම් දැඩි කාලගුණ විපර්යාසයක් සිදුවෙද්දී කල්තියා අනාවැකියක් කීමට නුපුළුවන් වුයේද? (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 08 June 2013 10:20 AM

මිගිය ධීවරයින් වෙනුවෙන් වන්දියක් ,ජීවිත රක්ෂණයක් ලැබෙනවද? දැන් මේ පවුල් වලත්, අතුරුදන් වූ අයගේ පවුල් වලත්දරුවන් ජීවත් වෙන්නේ කොහොමද?වැස්ස,අව්ව,රාත්‍රිය,වාරකන්,ජීවිත අවධානම නොබලා කරන මේ බැරෑරුම් වෘත්තියේ වටිනාකම නොබලා තහංචි දමන රටේ වගකිවයුත්තන් ධීවරයින්ගේ වගකීම ගැනද සැලකිලිමත් විය යුතු වේ (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 08 June 2013 10:48 AM

පව් අහිංසක මිනිස්සු. දරු පැටව ජීවත් කරන්න නේ මේ ගියේ. (ස)

:       0       0

චමිල Saturday, 08 June 2013 10:00 PM

අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව නිදියගෙනද ඉන්නේ ? අහිංසක ජනතාවගේ සල්ලි වලින් පින් බත් කන්නේ නැතුව රටට සේවයක් කරලා පඩි ගන්න. එතකොටයි ගන්න පඩිය ගැන සතුටු වෙන්න පුළුවන්.(නදී)

:       0       0

මලී Saturday, 08 June 2013 11:04 AM

ලංකාවෙ කාළගුණ දෙපාර්තමේනතුව මොකට තියෙනවද දන්නේ නෑ. (ස)

:       0       0

වසන්ත Saturday, 08 June 2013 11:24 AM

කණගාටුදායක මරණයක්, නිවන් සුව පතමු. (ස)

:       0       0

ඉන්දික Saturday, 08 June 2013 11:29 AM

අසරණ මිනිස්සු,මේ අය‍ට අලුත් තාක්ෂනය අදුන්නලා දෙන්න ඇමති වරු දැන් වත් කටයුතු කරන්න ඕන, රටේ නිෂ්පාදනයට උරදෙන අසරණ මිනිස්සු ගැන මීට වඩා උනන්දු වන්න ඕනි. (ස)

:       0       0

ටාර්ස් Saturday, 08 June 2013 11:29 AM

කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ සුළි සුලන් වලට නම් දාන්න විතරමද? (නදී)

:       0       0

පහන් Saturday, 08 June 2013 11:34 AM

වේදනාවයි අපිට. හරිම වේදනාවයි. තරහත් යනවා මේවා දකිනකොට. සුනාමි අනතුරු සයිරන් ගහලා හරි මේ බව දන්වන්න තිබුණා නේද? අපරාදේ වටිනා නිර්භීත ජිවිත. (නි)

:       0       0

අනුෂ්කා Saturday, 08 June 2013 11:17 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය. දරු පවුල් රකින්න අහිංසක සතුන් ගේ ජීවිත නැති කිරීම හරිද? අහිංසක සතුන් ගේ ජීවිතය නැතිකරන්නන්ට මෙලොවදීත් එලොවදීත් විපාක විදීමට සිදුවේ. අහිංසක සතුන් මරන්නන්ට දෙවියනේ ආශීර්වාදය ලැබෙනවා? එහෙනම් ඒ දෙවියෙක් නොවෙයි, යක්ෂයෙක්. සියලු සත්වයෝ දුකින් මිදේවා!(නදී)

:       0       0

ජෙෆ් Saturday, 08 June 2013 11:41 AM

1. කාලගුණ දෙපාර්තමේන්තුව මිට වඩා සැළකිලිමත් විය යුතුයි. එසේම ධීවර දෙපාර්තමේන්තුවත්, ධීවර සමිතිත් කාලගුණ දෙපාර්තමේන්තුව සමග මීට වඩා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්විය යුතුයි. 2. සියලුම ධීවරයන්ව රක්ෂණය කිරීමට යම් වැඩ පිළිවෙලක් රජය (ධීවර දෙපාර්තමේන්තුව ) විසින් ගත යුතුයි. 3. සෑම ධීවරයකුම මුහුදට යන්න ප්‍රථම ජිවිත ආරක්ෂක කබා රැගෙන යන්නට වග බලාගත යුතුයි. එම වගකීම ධීවර බෝට්ටුව පදවන (ස්කිපර්) කෙනා බාරගත යුතුයි. (නි)

:       0       0

නිර්මාල් ප්‍රදීප් Saturday, 08 June 2013 11:40 AM

ධිවර සහොදරයින්ට වුන විපත පිලිබඳ අපගේ සංවේගය. (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 08 June 2013 11:45 AM

ලංකාවේ කාලගුනේ තියෙන්නේ රටේ ලොක්කන්ට අනාවැකි කියන්න විතරයි නැතුව අනේ අපට නෙවේ .(නදී)

:       0       0

සම්පත් Saturday, 08 June 2013 11:46 AM

ඇත්තටම අපේ රටේ පව්කාරයෝ නිසා සොබාදහමෙනුත් අපට දඬුවම් දෙන්නේ. අපේ දුප්පත් මිනිසුන්ට සම්බුදු සරණයි. (ස)

:       0       0

අශාන් Saturday, 08 June 2013 11:50 AM

මේ වගේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම්, නව තාක්ෂණය වගේ දේවල් හඳුන්වලා දෙන්න තියෙන සල්ලි වලින් අද මොකද වෙන්නේ? සමහර ඇමතිලාගේ පුත්තු මුද්දර එකතු කරනවා වගේ කෝටි ගණන් වටිනා කාර් එකතු කරනවා. ඒත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට කාගේ සරණක්ද? (නි)

:       0       0

චන්දි Saturday, 08 June 2013 12:02 PM

අහෝ ,දෙවියනි !!මේ මොන අපරාදයක්ද ?..විපතින් අතුරුදන් උන අය නිදුකින් සොයා ගැනීමට ලැබේවා !!! මිය ගිය අයට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ! (ස)

:       0       0

ජයන්ත Saturday, 08 June 2013 12:05 PM

ධීවරයන්ට අනතුරු කලින් දැනුම් දුන්නේ නැද්ද? (නි)

:       0       0

ගුණරත්න Sunday, 09 June 2013 02:12 AM

කාලගුණය කියන්නේ තත්පරෙන් වෙනස් වෙන දෙයක්.කිසිම දවසක කාලගුණය ගෙන කිසිම කෙනෙකුට අනවැකි කියන්ට බැහැ.ඇමෙරිකාවේ කොපමණ ගානක් මැරෙනවද සුලිසුලන් නිසා,ගංවතුර නිසා? මේකේ වැරැද්ද ආණ්ඩුව නෙමෙයි.මේ රැකියාවට යන මිනිස්සු තමුන්ගේ ජීවිත අවදානම් ගැන නෙමෙයි බලන්නේ, වැඩිපුර මාළු ටිකක් අල්ලගන්නේ කොහොමද කියලයි.අඩු ගානේ ප්ලාස්ටික් කෑන් එකක් වත් ගෙනියනවා නම් ජීවිතේ බේරගන්න පුළුවන්. (නි)

:       0       0

ලංකා Saturday, 08 June 2013 12:15 PM

ඇයි අපිට මේ වගේ පොඩි දෙයක්වත් කලින් දැනුම් දීගන්න බැරි. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සංජු Saturday, 08 June 2013 12:29 PM

මේ විනාශය පිළිබදව කලින් දන්නන්න තිබුනා නේද? බොහොම කණගාටුදායකයි (නි)

:       0       0

නන්දික Saturday, 08 June 2013 12:34 PM

මේවාට වග කිව යුත්තේ කවුද? (නි)

:       0       0

ජීවා Saturday, 08 June 2013 12:47 PM

අනේ දුප්පත් මිනිසුන්ටමයි ඔක්කොම කරදර. මියගිය සැමදෙනාටම නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 08 June 2013 12:53 PM

කාලගුණ දෙපාර්තුමේන්තුව මෙම තත්වයන් පිලිබඳ කල් ඇතුව දැනුම් දුන්නද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ලියන්න මෙම පිටුවට. (නි)

:       0       0

අමිල Saturday, 08 June 2013 01:08 PM

පව් මේ මිනිස්සු..ධීවර සංස්ථාව,කාලගුන දෙපාර්තමේන්තුව මේ මිනිස්සු දැනුවත් කරන්නේ නැද්ද මුහුදේ ස්වභාවය ගැන.. (ස)

:       0       0

මාධව Saturday, 08 June 2013 01:32 PM

අසරණ මිනිස්සු... මිය ගිය සැමට නිවන්සුව පතමි. අතුරුදහන් වූ සියළුදෙනාට කිසි අනතුරක් ජීවිතයට නොවේවා ! (ස)

:       0       0

දර්ශන Saturday, 08 June 2013 02:15 PM

අපේ කාලගුන දෙපාර්තමේන්තුව තමයි නියම. අනාවෙකිය කියන්නේ සකලමනාවම ගහගෙන ගියාට පස්සේ. අඩු ගානේ ආසන්නව වත් කියනවනම් කමක් නෑ. කියන්නෙම අනිත් පැත්තමනේ.(නදී)

:       0       0

ගාමිණී Saturday, 08 June 2013 02:20 PM

ගරු ජනපතිතුමනි සෑම ධීවරයෙකුටම ජීවිත ආරක්ෂිත ඇඳුමක් දෙන්න. (ස)

:       0       0

ශාන්ත Saturday, 08 June 2013 02:49 PM

ආණ්ඩුවෙන් මේ මියගිය අයගේ පවුල් වලට සහනයක් දෙන්න ඕන. ඒක එකපාරට දෙන දෙයක් නෙමේ ජීවත්වෙන්න පුළුවන් එකක්. (ස)

:       0       0

දුලිනි Saturday, 08 June 2013 03:04 PM

මෙච්චර දියුණු තාක්ෂනය තියෙන ලෝකේ ලංකාවේ විතරයි ඒකවත් නැත්තේ, වෙන රටවල මේවගේ නරක කාලගුණය ළඟ එනකොට රටේ ජනතාව බොහොම සරල විදියට දැනුවත් කරනවා. අපේ රට කවද දියුණු වෙයිද දන්නේ නෑ අනේ අපොයි.(ස)

:       0       0

සත්‍ය Sunday, 09 June 2013 09:37 AM

අනුෂ්කා එතකොට ඔයා එළ කිරි බොන්නෙත් නැතුව ඇති. වතුර බොන්නත් එපා. මොකද ජලයේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා උනුත් අහිංසක සත්තුනේ. වතුර උණු කරනකොට උන් කෝටි ගණනින් මැරෙනවා. (නි)

:       0       0

ධනුකේ Saturday, 08 June 2013 03:25 PM

අහිංසක දරු පවුල් ජීවත් කරවන්න කරන දේවල් දැක්කම ඇස් වලට කඳුළු එනවා. සියලු දෙවි වරුන් මොවුන් ආරක්ෂා කර දෙත්වා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 125 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 640 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 441 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3100 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site