IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ධීවර හිසරදයට ඉන්දියාවෙන් බේත්

ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දීයා ධීවරයින් ඉක්මනින් මුදා ගැනීමට හැකි නව වැඩපිළිවෙළක් ඇති කරන බව ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යංශය පවසයි.

‘‘ද හින්දු‘‘ වෙබ් අඩිවියේ දැක්වෙන පරිදි ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දිය මසුන් මරන්නන් ඉතා දිගු කාලයක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවීම සැළැකිල්ලට ගෙන ඇති ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය දෙරටටම වැඩදායක වන සේ මෙවන් වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවන් වැඩපිළිවෙලක් දැනට කි‍්‍රයාත්මකය.එයට අනුව ඉන්දීය වෙරළ සීමාවට අනවසරයෙන් ඇතුළු වන පාකිස්තාන මසුන් මරන්නන්ව ඉන්දීය ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගෙන පාකිස්තාන ආරක්ෂකඅංශ වලට වහාම භාර දේ.එලෙසම පකිස්තාන ආරක්ෂක අංශද පාකිස්තානයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වන ඉන්දීය මසුන් මරන්නන් අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාර කරයි.

වැඩපිළිවෙළට අනුව දෙරටේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා මසුන් මරන්නන් රදවා තබා ගැනීමක් සිදුනොකරන අතර අත්අඩංගුවට ගත්තවුන් වහාම දෙරට අතර හුවමාරු කර ගැනේ.

ඉන්දියාවේ වෑයම මෙවන් වැඩසටහනක් ශී‍්‍රලංකාවද සමග කි‍්‍රයාවට නැංවීමයි.

 



අදහස් (0)

ධීවර හිසරදයට ඉන්දියාවෙන් බේත්

කරුණා Friday, 11 October 2013 12:53 PM

වඩේ.. වඩේ වඩේ වඩේ...(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 12 October 2013 04:39 AM

ඉන්දියාවට ඕනෑ විදියට පුලුවන්ද ජාත්‍යන්තර මුහුදු සිමා නීති වෙනස් කරන්න?අහුවෙන සියල්ලෝම අධිකරණයට ඉදිරිපත් කරලා රු.100000ක දඩයකට යටත් කරලා දඩ ගෙවන්නේ නැත්නම් මස 6 ක සිර දඩුවමකට යටත් කරමු. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 11 October 2013 01:10 PM

ඉන්දියාව කියන්නේ හරිම කපටි රටක්. හැමවෙලේම අපේ නායකයෝ බුද්ධිමත්ව වැඩ කළොත් තමා හොද. (නි)

:       0       0

සන්ජය Friday, 11 October 2013 07:15 PM

මාලු අල්ලන එකටත් වෙච්ච දේ? (නි)

:       0       0

අල්විස් Saturday, 12 October 2013 07:36 AM

මම නම් හිතන්නේ ඉන්දියාව ගහන ගහන බෙර පදයට අපි නටන්න ඕනෑ නැහැ.අපේ රටේ නීතියක් තිබෙනවනේ ..... (නි)

:       0       0

ඉන්දු මෙල්බෙන් Friday, 11 October 2013 02:36 PM

තමන්ට වාසි වෙන විදිහට තමයි එයාල හැම බෙහෙතක්ම හදන්නේ, අතුරු අබාධ ගැන අපිට කල්පනාවෙන් ඉන්න වෙනවා.(දිල්)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 12 October 2013 09:27 AM

ශිරාණි, ප්‍රශ්නයක් නැහැ.අරගෙන යන්නේ නැහැනේ (නි)

:       0       0

කරාපිටිය ජයලත් Friday, 11 October 2013 03:06 PM

කොහොමත් ඉන්දියාව කියන දෙයට හිස නමනවා. ඉන්දියාව ඔවුන්ට වාසි වන සෑම දෙයක්ම ඉදිරිපත් කලාම එය ඉස මුදුනින් පිළිගන්නවනෙ අපේ කට්ටිය.... (ස)

:       0       0

හ‍‍ෆ්සල් Friday, 11 October 2013 11:42 AM

ඒ වුනාට මෙයට දඩුවමක් තිබිය යුතුයි. තවත් රටක මුහුදේ මසුන් මැරීම නීති විරෝධී. හරි එවෙලේම බාර දෙමු. නමුත් මොවුන් අල්ලපු මාලු සහ ධිවර ආම්පන්න රාජ සන්තක කරලා. ඒක අපේ රටේ දුප්පත් අයට නොමිලේ ලබා දෙනවා. (ස)

:       0       0

සේනාරත්න Friday, 11 October 2013 11:56 AM

ලංකාවේ ධිවරයින් ඉන්දීය වෙරළ සීමාවට කිසි දිනෙක ඇතුල් නොවන්නේ නම් එවිටත් ලංකාවේ අත් අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයින් භාරදිය යුතුද? නිකම් භාර දීමක් නොව සමාන සංඛ්‍යාවක් එක වර හුවමාරු කර ගත යුතුය. (ස)

:       0       0

ශිරානි Friday, 11 October 2013 12:00 PM

අපේ පොල් වත්තට එහා වත්තේ එකා හැමදාම හොරෙන් පොල් කඩනවා. (දිල්)

:       0       0

ඉන්දික Friday, 11 October 2013 12:03 PM

ඊට වැඩ පහසු නැද්ද ලංකාවේ සීමාවට එන්න එපා කියන එක? (නි)

:       0       0

ටිරෝන් Friday, 11 October 2013 12:03 PM

ලොවටම හිසරදයක් වූ මොවුන්ට අපි පමණක් 'ලොකු අයිය‍ා' යැයි කියමින් ආවඩමු (නි)

:       0       0

ග්‍රිෂාණි Friday, 11 October 2013 12:31 PM

කෝ මේවාට විරුද්ධව කථා කරන්න කෙනෙක් නැද්ද? සිංහල මිනිස්සුන්ගේ නෙමෙයි, දෙමළ මිනිස්සුන්ට අල්ලන්න තිබෙන මාලු ටික මේ හොරු අල්ලාගෙන යන්නේ. ඉතින් ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හලන අයට පුලුවන්නේ මේක නවත්වලා ලංකාවේ දෙමළ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න. බැරිවෙලාවත් දකුණේ මිනිස්සු උතුරේ මාළු ඇල්ලුවා නම් බලන්න තිබුණා තත්ත්වය. කවුරුවත් මේ ගැන කථා කරන්නේ නැහැ, ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා මිසක්. (නි)

:       0       0

ලානක Friday, 11 October 2013 12:47 PM

ඔවුන් බෙහෙත් දී ඇත්තේ ඔවුන්ගේම හිසරදයට මිසක අපගේ ධීවර ජනතාවගේ හිසරදයට නොවේ. ජයලලිතා තමුන්ගේ ජනතාවට කන්න දෙන්නේ අපේ සම්පත් වුවත් අපටම මැර බලය පෙන්වයි. දැනට ඔවුන්ට නැත්තේ කන්න පමණක් වුවද තව දශකයක් යනවිට ජල හිගයට මුහුණ දීගන්නට නොහැකි වනවා නොඅනුමානය. එයට පිළිතුරු සොයනු ඇත්තේද මේ ආකාරයෙන්ම වේ. එම නිසා උතුරේ හමුදා ශක්තිය මෙන්ම දේශපාලන කොඳුඇටපෙලේ ද ශක්තිය වැඩිකළ යුතුව ඇත. (අ)

:       0       0

ජගදීශ් Friday, 11 October 2013 12:50 PM

හුවමාරු කරනව නම් ප්‍රතිපලේ ඒකමනේ හරි ඊට භයානක හරි වේවි. මොකද ඉන්දියාවෙ වගේ හොරු මෙහේ නෑනේ. ඉදල හිටල යන 1ක් 2ක්. ඉතින් ඉන්දියාවෙ එවුන්ට හුවමාරු වෙන්න අවුරුද්දක් වත් බලං ඉන්න වේවි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 446 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 477 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10531 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3080 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3859 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6143 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19497 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site