IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරන ජයකොඩි)

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපසදස් මත ගම්පහ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා , සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම වාහන අත් අඩංගුවට ගනු ලැබීය. 

ලොරි රථ දෙකක් හා වෑන් රථ දෙකක් බාදුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන කම්හලක සේවයේ යොදවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී ලොරි රථයක් ද මීරිගම ගරාජයක තිබූ ලොරි රථයක් ද මරදගහමුල ප්‍රදේශයේ විකිණිමට තබා තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගනු ලැබීය.

මෙම වාහන මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් මුදල් වලින් ලබාගත් ඒවා දැයි සැකකරන බැවින් ඒ සඳහා මුදල් උපයා ගත් ආකාරය හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් වාහන වේයන්ගොඩ පොලිසියේ රඳවා තැබීමට පියවර ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් එක් ලොරියක් අත්අඩංගුවේ පසු වන පොලිස් සැරෙන්වරයාට අයත් එකක් බවත් වෑන් රථ දෙක උප පොලිස් පරීක්ෂකවරයාගේ මස්සිනාට අයත් බවත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් මේ ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ඇතැයි යන සැකය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (3)

නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 02:23 AM

මේ දූෂිත නිලධාරීන්ගේ වාහන ඇතුළු සියලු වත්කම් සොයා බලා අල ගිය තැන්, මුල ගිය තැන් අල්ලා ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්... ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ටත්, රහස් පොලිස් නිලධාරින්ටත් ජාතියේ ප්‍රණාමය...!!! මේ සිද්ධිය මුල් කරගෙන සමස්ත පොලිස් ප්‍රජාවටම දොස් නැගීම වැරැදි දෙයක්... සත්‍ය වශයෙන්ම මේ දේවල් අල්ලා ගත්තේද පොලිස් නිලධාරින්ම බව සැවොම තරයේ සිහිතබා ගත යුතුයි. අවංක නිලධාරීන් නැතිනම් කෙසේ මේවා අල්ලා ගන්නද? මෙවැනි දේ ඇල්ලීමට තරම් දක්ෂ, අවංක නිලධාරින් සිටීම සැබවින්ම භාග්‍යයකි. තමන්ගේ හා අඹුදරුවන්ගේ ආරක්ෂාවද නොතකා ඔවුන් සිදුකළ හා සිදුකරන සේවය අති මහත්ය. මේ නිලධාරින්ගේ හා ඔවුන් හා සම්බන්ධ අයගේ සියලු ආරක්ෂාව දැඩි කළ යුතුයි. මේ ඔවුන් ගල්ගසා ඇත්තේ දෙබරයකට බව සිහියේ තබාගත යුතුයි. මේ අවංක නිලධාරින් හෙවත් පොලිස් හා රහස් පොලිස් විරුවන් රටේ ජීවනාලිය බඳුයි.. ඔවුන් කුඩ්ඩන් හා පාතාලයින්ගේ ඉලක්කයන් විය නොහැකිද? ඔවුන් සමග කෙතරම් වයිරයක් ඇතිද? එබැවින් මේ අවංක නිලධාරින් ගැන සුළුවෙන් සිතිය යුතු නොවේ.

:       1       337

PereraFriday, 10 July 2020 08:10 PM

ඔබ කියන පරිදි ඕවායේ ‘‘අල ගිය තැන්, මුල ගිය තැන්‘‘ හොයන්න ගියොත් කෙළවර වෙන්නේ පාර්ලිමේන්තුවෙන්... !!! 

:       0       0

Bandujeewa Sunday, 12 July 2020 01:38 AM

දේශබන්දු නම් එහෙම නෑ. බෝ පැලයක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 80 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 60 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 99 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 182 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 197 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site