IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න

(අංජුල මහික වීරරත්න)

කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.

වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

"කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන .මටත් නිකන් කන්න බෑ. මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු"යැයි ජනාධිපතිවරයා පැවැසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවකුටත් නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමා ව එක්වන්නැයි  සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (56)

නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න

පිටිගල මිලානෝ Sunday, 21 August 2022 05:24 PM

නිකං දුන්නම පිං කියලා අපිට පුරැදු කරලා තියෙන මහා බොරැව නිසා කොටසක් පිනට දෙන්නත් නිකමො කොටසක් පිනට ගන්නත් සැදී පැහැදී සිටින මානසිකත්වයක් ගොඩනගාගෙන සිටිනවා. මේ නිසාම අපි මහා කම්මැලි ජාතියක් වුනා.

:       15       146

විනිවිදSunday, 21 August 2022 07:30 PM

ලංකාව කුඩා රටකි. රට වටේම සාගරයෙන් වටවී තිබේ. හිම වැටීමක් නොමැත. වසර පුරාම ගිනි කඳු නොමැත. විශාල වැවු ප්‍රමාණයක් සහ ගංගා ප්‍රමාණයක් සහ වික්ටෝරියා, රන්දෙනිගල, මින්නේරිය,මොරගහකන්ද ජලාස රට තුළ තිබේ. කෘෂිකර්මනත්යට අවශ්‍ය ජලය තිබේ. සත්ත්ව පාලනය මගින් කිරි නිෂ්පාදනය ප්‍රවර්නධය කළ හැකි පරිසරයක් තිබේ. නීතිය සැමට පොදු විය යුතුවේ, කිසිදු රාජ්‍ය ආයතනයක් දේශපාලනීකරණයකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතුවේ. එවිට එම රජයේ ආයතනයේ ප්‍රධානීන් ආයතනය තුළ සිදුවන අවශ්‍ය සේවකයන් ප්‍රමාණය බඳවා ගැනීමේ සිට Checks and Balances දක්වා සියල්ලට වගකිව යුතු වේ. මේ වනවිට සියල්ල දේශපාලන මැදිහත්වීම් මගින් සිදුවන නිසා රජයේ ප්‍රධානින් සියල්ල දේශපාලකයා වෙත මත පවරා නිහඬව සිටි. වසරක් පාසා සෑම රාජ්‍ය ආයතනයකම auditi කිරීමක් සිදුවිය යුතුවේ. දේශපාලන බලපෑම් තොර ස්වාධීන විනිවිද රාජ්‍ය සේවයක් කාර්යක්ෂමව කරගෙන යාමට අවශ්‍ය system නිර්මාණය කර ගත යුතුවේ. ලංකාව දියුණු කිරීමට නම් ඒ සඳහාම කැපවන අවංක කළමනාකරණයක් කළහැකි කණඩායමක් පාර්ලිමේන්තුව තුළද සිටිය යුතුවේ.

:       2       105

NimalSunday, 21 August 2022 11:11 PM

දශක ගණනාවක් කිසිඳු ආදායමක් නොලබන මහජන මුදලින් නඩත්තු වන්නාවූ සියලු රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලීකරණය කරමු...

:       1       17

සංකා Monday, 22 August 2022 07:37 AM

පිටිගලගේ කතාවේ එක පැත්තක් හරි කිවුවට... මේ සමස්ත රට කරපු දේශපාලුවෝ ලංකාවට මේ වෙනකොට ඩොලර් බිලියන 55ක් විදේශ රටවල් වලින් නය අරන් තියෙනවා. මේ ගත්ත ඩොලර් හොරා කන්නේ නැතුව නිසි කළමනාකරණයකින් රට කලා නම් අද ලංකාව සිංගප්පුරුවට එහා ගිය දියුනු රටක්.ඒවාට මේ දේශපාලුවෝ අද වග කියනවද???

:       1       30

Lasanthi-MilanoMonday, 22 August 2022 09:20 AM

පව්කාරයා..................

:       16       15

hewaTuesday, 23 August 2022 03:38 PM

ඔව් .විශේෂයෙන්ම නිකමො කොටසක් පිනට ගන්න සැදී පැහැදී සිටින මානසිකත්වයක් ගොඩනගාගෙන , එම බණ මහා ලෙස පතුරවා තිබීම මහත් පාපයක්.. අපගේ දුපත් මනසට එම පටු න්‍යායන් ගෙන් මිදීම මහත් වෙහෙසක් යනු ඇත..!!!!!!

:       0       1

samaadi Sunday, 21 August 2022 05:34 PM

අම්මේ දැන් මෙයාගේ සැර? හරිනම් මේ වෙලාවේ බන්ධනාගාර ගතවෙලා ඉන්න ඕනි කෙනෙක්.

:       135       148

daminiSunday, 21 August 2022 08:11 PM

ආ... හිත රිදිලා වගේ නේ. තවත් පිං පඩි කාරියක්

:       27       11

samaadi Monday, 22 August 2022 07:54 PM

ඔය දාගෙන ඉන්න බොරු කොණ්ඩෙ ගලවලා අතට දෙන්නේ හොඳද..!

:       1       1

කිරි පුතා Sunday, 21 August 2022 06:29 PM

මසුරං කතාව. වැඩ වැරීමටම ඇබ්බැහි වෙලා ඉන්න රාජ්‍ය සේවකයින්ට ටොක්කක්. හැබැයි නැවත නැනතත් සුපුරුදු වැඩ වැරීමම කරනව නම් දඬුවමක් දිය යුතුයි ඇස් ඇරෙන්න. නැත්නම් ඔය කාලකන්නි සෙල්ලම නතර වෙන්නෙ නෑ.

:       5       12

ලලිත් අම්බලන්ගොඩ Sunday, 21 August 2022 06:36 PM

නිකම්ම කන එවුන් ඉන්නෙ පාර්ලිමේන්තුවේ. අන්න අන් ටික පලමුව ගෙදර යැවිය යුතුයි.

:       0       31

ජයකීර්තිMonday, 22 August 2022 06:12 PM

රජයේ කාර්යාල තුළ එකම කටයුත්ත තුනට හතරකට බෙදා වැඩකරන ක්ෂේත්‍ර නිලධාරින්, කෘපනිසලා, සමෘධි නිලධාරින්, සමුපකාර පරීක්ෂකලා ළමා හිමිකම් ප්‍රවර්ධන හා ළමා කටයුතු නිලධාරින්, පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරින් හා මෑතකදී ගෝඨාභය විසින් පත්කල නූගත් පිරිස. පළාත් පාලන ආයතනවල විවිධ තනතුරුවල පිරිස් ආදී විවිධ තනතුරු දරන්නෝ රාජ්‍ය අංශයෙන්ද සංස්ථා හා මණ්ඩලවල නිකරුණේ සිටින පිරිස්... ලලිත් ඉන්නේ පාර්ලිමේන්තුවේද නැත්නම් මම කියපු අය අතරද?

:       1       6

අම්බලන්ගොඩ ලලිත් Sunday, 21 August 2022 06:41 PM

ඔය බහුතරයක් දේශපාලකයින් නිකං කනවා විතරක් නොවෙයි, එතැනත් ඉඳන් කරන්නේ හොරකම්. බලන්න නගර සභා සහ පළාත් සභා. කරපුතරම් කරලා තියෙන්නේ මගඩි වැඩ... මේ රටේ නිකං කන්න පුරුදු කළේත් දේශපාලකයෝම තමයි. නැත්නම් මිනිස්සු කිසිවක් නිකම්ම ඉල්ලුවේ නැහැ...

:       0       0

ravin Sunday, 21 August 2022 06:58 PM

ඔය කියන විදිහ දැනට අවුරුදු ගණනාවකට ඉස්සර ක්‍රියාත්මක කළා නම් මෙරට මීට වැඩිය සෑහෙන දායුණු වෙන්න තිබුණා. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ආණ්ඩුව මාරුවෙන ගණනට ක්‍රමවේදයන් වෙනස් කළාම වෙන්නේ ඕක තමයි.

:       0       0

sunimal Sunday, 21 August 2022 07:00 PM

මැස්සෙක් ගිය උඩ !!!

:       7       19

Asela Sunday, 21 August 2022 07:36 PM

ඕක කියන්න අනුරාධපුරේට ගියේ ඇයි කොළඹ ඉදන් කියන්න බයද. ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ ඉන්න නිකමෝ ටික අයින් කරන්න. අම්මෝ......... අම්මෝ......... එහෙම කොහොමද උන් නිසානේ මම ජනාධිපති වෙලා ඉන්නේ.

:       1       23

darman Sunday, 21 August 2022 08:09 PM

ඔව්.සමහර ආණ්ඩුවේ ඔෆිස් වල ඔය ඉන්නේ වැඩක් තියා අඩුගානේ වාඩිවෙන්න පුටුවක් වත් නැති ලිපිකරුවෝ. සමහර තැන්වල වැඩක් නැහැ කරම් කාඩ් විතරක් නෙමෙයි බූරුත් ගහනවා. හැබැයි ඔක්කොටම රජයෙන් සත පහක් නොගෙන රජයට බදු ගෙවන අපිම පඩිත් ගෙවනවා. එයාල පඩි අරගෙන තව ස්ට්‍රයික් පිකටිං

:       0       15

බයියා Sunday, 21 August 2022 08:12 PM

වැඩ බැරි නිසා රටේ මිනිස්සු ගෙදර යවපු කෙනෙක් , ජනමතයට පයින් ගහල හොර පාරෙන් පාර්ලිමේන්තු ඇවිල්ල දැන් කියන කතා බලන්නකෝ ?

:       9       25

Mo77 Sunday, 21 August 2022 08:45 PM

බොහොමයක් රජයේ සේවකයෝ දැන් බලාගෙන ඉන්නේ රජයේ සේවයෙන් අයින් වෙන්න. ඕන කෙනෙක්ට තරහ තිරම නොබලා විශ්‍රාම යාමට ඉඩදෙන්න. විශ්‍රාම වැටුප නැතුව ගැන කැමති කට්ටියට vsr එකක් දෙන්න. අද රජයේ සේවයෙන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ. හොරුන් විතරක් අල්ලස් සහ කොමිෂන් අරගෙන ජීවත් වෙනවා.

:       7       103

SLMonday, 22 August 2022 09:41 AM

ඒ තත්වෙට රට පත් කලේ පිනට රස්සා ගත්තු, පෙන්ෂන් එක බලාගෙනම රැකියා ගත්තු උදවිය. ජපානේ රාජ්‍ය සේවයේ ඉන්නේ රටේ ජනතාවගෙන් 2% , ඔෆිස් එකකට ගිහින් බලන්නකෝ ඒ උදවිය වැඩකරන අපූරුව අපේ , රජයේ ඔෆිස් එකකට ගියොත් . නිකමට කියන්නේ NSB එකට යන්නකෝ. කොලේ ගන්න එක්කෙනයි, කොලේ දෙන්න තව එක්කනයි ,කොලේ බලල තීරණ ගන්න තව එක්කනයි....... සියල්ල දේශපාලන පත්වීම්. CPC ,CGR ,ලංගම, වෝටර් බෝඩ් ,කෘෂිකර්මේ, හැම එකේම ඉන්නේ දේශපාලන පත්වීම් නැතිනම් අනවශ්‍ය උපාධිධාරී පත්වීම්. මේ තත්වෙට,මිනිස්සුන්ට පිනට පඩි දෙන්න වෙන රැකියා දෙන්න කියල පොලවේ පස් කාපු , අන්තෙර් ඇතුල් ජවිපෙත් වග කියන්න ඕනේ. අනවශ්‍ය පත්වීම් ගොඩක් තියෙන ප්‍රාදේශීය සභාවකට ගිහින් බලන්නකෝ , ඉඩමක පොඩි වැඩක් කරගන්න මාස 6-7 යනවා.

:       2       31

podi mole Sunday, 21 August 2022 09:33 PM

දේශපාලකයො කරපු හොර මගඩි වන්චා ගැන මෙ බබා මොකුත්ම දන්නෙවත් කියන්නෙවත් නැහැ.

:       2       10

lakvidu Sunday, 21 August 2022 09:38 PM

නිකන් ඉන්ලද ජනාදිපති කම් ගත්තට කමක්නැතෙයි?

:       2       13

sugath Sunday, 21 August 2022 10:05 PM

කලබල වෙන්න එපා. මෙයා මේ කියන්නේ 225 ගැනයි...

:       1       16

Ruwan R Sunday, 21 August 2022 10:57 PM

ඇති යන්තන්... දැන් ඔක්කොම යාවි ගෙදර..

:       0       8

Perera Sunday, 21 August 2022 11:58 PM

පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තොත් නරකද?

:       0       14

චතුරි Monday, 22 August 2022 01:14 AM

රත්තරන්. කියමන. හකි ඉක්මනින්. පර්ලිමෙන්තුව කැද්වන්න. මෙ ටික කියන්න. 250 බගයක්ම. බත් මොරු. බඩ බැලුවම කියන්න පුලුවන්. මෙ ක්ටියාව මහ තැනින් පටන් ගන්න රජයෙ සේවකයින් කන්නෙ එ ගොල්ලන්ගෙ වැටුපෙන්. නමුත්. මහා තැනෙ කට්ටියා දවල් කෑම. තේ වේලාව මෙ සේරම ජනතා මුදල්. රෑස් වුනාම නිකම් කාලා ඒකට්ටියගෙ. දිමන වැඩි කරගෙන. රජ සැප විදිනවා. රජයෙ සේවකයින් කොහොමහරි පොඩි සේවයක් හරි දවසකට කරනවා. නමුත්. බත් මෝරුන්ට. වාහනයට තෙල් නොමිලෙ දිලත් මුන්ගෙන් රටට වැඩක් නැහැ. කරුනාකරලා. 50 පැනපු. කල්දෙරම් ගෙදර අරින්න නවක තරුන බුද්දිමත් තරුන පරපුර. හිරකුඩුවට දාන එක නතරකරලා. ඔබගෙ ඩැනුම ඔවුන්ට ලබාදි. තනතුරු දෙන්න එ කට්ටියට. ඔබතුමා. මහින්ද්ගෙ. වචන අහන්නෙ නැතිව. ජනතාවට කිට්ටු වෙලා. මහින්දට පාර දෙන්න රට ගොඩගන්නවා කියන්නෙ. පිට රටින් නයට ගෙනත් මිනිසුන්‍ ගෙ බඩ පුරවන එක නෙමෙ. තරුනයින් නගා සිටුවන්න ලනකාවෙ කොල්ලො වැඩකරන්න හරි දක්ශයි. නාකි ඇමතිලා ගෙදර ඇරලා තරුනයින්ට තැන දෙන්න අවුරුද්දෙන් රට සවයම්පොශිත කරලා. රාජපක්ශලාට පෙන්වන්න. රටෙ ජනතාවට නිකම් කන්න දෙන්න බැහැ කියන එක කියන්න එපා. ඒ කට්ටිය ඉන්බෙ පාර්ලිමෙන්තුවෙ. උන්ගෙ මුලු ස්වර්‍යාන්ගයම රන් කරන්නෙ. ජනතා මුදලින්. පිනට

:       0       13

මැක්ස් Monday, 22 August 2022 06:46 AM

ජනතාව ගෝටා මහතා ගෙන් අපේක්ෂා කළ දේ (දෙමළ සහ මුස්ලිම් ජාතිවාදීන් සතුටු කිරීම නොවේ) රනිල් මහතා ඉටු කරනවා වගේ. විය යුතු දේ කව්රු අතින් වුනත් කමක් නෑ සිදු වෙනවා නම්.

:       3       8

Rohana Monday, 22 August 2022 07:19 AM

කවුරුවත් නිකං කෑවේ නෑ. එහෙම කවුරුහරි නිකං කෑවනම් ඒකට ප්‍රධාන වගකිව යුත්තා රටේ පාලකයින්මයි. නිෂ්පාදන ආර්ථිකක්‍රමයක් වෙනුවට පරිභෝජන ආර්ථිකක්‍රමයක් ඇතිකලේ රට පාලනයකරන අයමයි.ඒකයි අපිකියන්නේ රටට අවංකව වැඩකල හැකි දක්ෂ අය පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කල යුතු බවයි.

:       3       20

දාස Monday, 22 August 2022 07:41 AM

එක්කෙනෙක් නම් ගෙදර නෙමෙයි රටෙනුත් යැව්වා... ඔහෙත් ඔහේගේ වාරෙ එනකන් බලාගෙන ඉන්න..!

:       10       17

මෝ Monday, 22 August 2022 07:45 AM

ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිම වහලා දාන්න. ඊට පස්සේ ඔය කතා කියන්න. අනික මැති ඇමැතිලාට නොමිලේ දෙන සියල්ලත් නවත්වන්න රට ගොඩගන්න ඕනේනම්...

:       3       25

Prase Monday, 22 August 2022 08:00 AM

ජනාධිපතිතුමනි, වෘත්තීය සමිති අහෝසි කරන්න.

:       19       16

RajaMonday, 22 August 2022 09:28 PM

ඔබ ඒ දන්නවාද ඒවා මොකටද තියෙන්නේ කියා මෝඩකතා කියන්න එපා...

:       0       0

SL Monday, 22 August 2022 09:35 AM

පිනට කකා හොරා කන 225ක් ඉන්නවා දියවන්නාවේ .උන් රටට බරක් . උන්ට මාසෙට තෙල් ලීටර් 400ක් දෙන්නේ මොකටද උන්ට පෙන්ෂන් දෙන්නේ මොකටද ? උන්ගේ වත්කම් ප්‍රකාශන , පවුලේ වත්කම් ප්‍රකාශන නොගන්නේ මොකක් හින්දද ? දැනට පෙනෙන්නවත් නැති පළාත්සභා වල සභාපතිලට මාසෙකට මිලියන ගණන් ඉන්ධන වියදම් කරන්නේ මොකටද ? මිනිස්සුන්ට වැඩකරන්න කියන එකත් හරි කියමුකෝ , උඹලා වැඩ කරපු නිසාද මේ කෙලවෙලා තියෙන්නේ ??

:       3       39

sharm warn Monday, 22 August 2022 09:36 AM

අයියෝ මේ කාවද රවට්ටන්නේ? අර දියවන්නාවේ ඉන්න තිරමක් ඉන්නේ නිකමු නේද? ඔය ආන්ඩුවේ ඉන්න මැති ඇමතියෝ කරන්නෙම කොමිස් කන එක. මන්ත්‍රීලා මොනවා කරනවද කියලා දෙයියෝ දනී. වැඩ නොකරන අය කියලා කියන්නේ විශ්‍රාම අරමුදලට ජීවිත කාලෙම දායක වෙන මිනිස්සුන්ටද? සේරටම කලින් ඔය ආන්ඩුවේ මන්ත්‍රී හොරුන්ට කියන්න තමන්ගේ හෙන්චයියන්ව රාජ්‍ය ආයතනවලට බොරු රස්සා දෙන එක නවත්තන්න කියන්න. තමන්ගේ ඇගේ පොල් පරාලේ අයින් කරලා ඉන්න ලෝකෙට බන කියන්න කලින්.

:       2       27

ජයන්ත Monday, 22 August 2022 09:48 AM

ඇයි රාජ්‍ය සේවකයින් විතරක්...? රජයත් යවන්න...

:       6       36

Bamunuarachchi Monday, 22 August 2022 10:11 AM

ඔබත් ජීවිත කාලෙම මහජන බදු වලින් ජීවත්වුන කෙනෙක් බව අමතකද?

:       11       50

වර්ණකුලසූරිය Monday, 22 August 2022 04:59 PM

බදු මුදල්වලින් පමණක් ජීවත් වුණා නම් ඉවසන්න පුළුවන්. මහදවල් බැංකු කඩන එකනේ ඉවසන්න බැරි... වැඩ නොකළත් එතරම්ම ගාණක් නැහැ. රට නන්නත්තාර වෙන්නේ නැහැ. යාලුවොත් එක්ක මංකොල්ල කන එක තමයි භයානක. ඒක ගැන අපේ ජනාධිපතිතුමා කිව්වා නම් පරණ දේවල් අපට අමතක කරන්නත් තිබුණා...

:       1       14

Akila Monday, 22 August 2022 10:38 AM

78 දී පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අවුරුදු 44ක් පාර්ලිමේන්තුවේ ඉඳන් ජනතාවගේ බදු මුදලින් නිකන් කකා ඉන්න කෙනෙක් මෙහෙම කියන කොට, කොහෙන් හිනාවෙන්නද කියලා මට නම් හිතාගන්න බැහැ..

:       14       53

wimal Monday, 22 August 2022 11:08 AM

මගුල් ගෙදරක ගිය ආපසු එනවාමයි කියු ඔබගේ යහලු බැංකු හොරා යැයි නම් ලැබු කෙනා අල්ලගෙන එන්න බැරිනම් ගෙදර යන්න.

:       7       40

senjee Monday, 22 August 2022 11:23 AM

පාර්ලිමේන්තු කැන්ටිමෙන් නිකන් දෙන කෑම එකෙන්ම වගේම ඩියුටි ෆ්‍රී කාර් නිකන් දෙන මැති, ඇමැති, ලේකම්, නිලධාරීන්ගෙනුත් පටන් ගමු. අනුරාධපුරේ ගිහින් කිව්ව කතාව කොළඹදීත් කියන්න...

:       5       34

akalanka Monday, 22 August 2022 12:15 PM

නිකන් කන්න දෙන්න බෑ. බැංකුවක් හරි කඩන්න ඕනේ.

:       5       22

Shantha Monday, 22 August 2022 02:07 PM

අපි නිකන් කාලා නෙමෙයි රට බංකොළොත් වුණේ, මහ බැංකුව මහ දවල් හොරාකාපු නිසා, දේශපාලකයින්ගේ වංචා, දූෂණ නිසා...!

:       8       21

Don perea Monday, 22 August 2022 02:18 PM

ගොඩක් කාලෙකට පස්සේ සත්‍ය හා අවංක කතාවක්...

:       11       16

siri Monday, 22 August 2022 03:03 PM

හොඳට තිබුණු රට 1977 සිට හොරාකාලාම තමයි විනාශ වුණේ... නිකන් කිලි විතරක් මෙයා පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ රට බංකොළොත් වෙන්නේ නැහැ.

:       2       11

ranjithMonday, 22 August 2022 03:48 PM

නිකන් කාලා විතරක් මෙයාලා පාර්ලිමේන්තු හිටියා නම්...!

:       0       4

uditha Monday, 22 August 2022 03:11 PM

සුද්දාගෙන් අපට නිදහස ලැබුණු දවසේ ඉඳලා ඕක තමයි කෙරුවේ... එක එක්කෙනාට දොස් කියමින් අපිට කරපු එක... අපි අරගල කාරයින් නෙවෙයි. අපිව රවට්ටමින් අපේ දාඩිය මහන්සියෙන් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් අපිව හූරගෙන කාපු යුගය අවසන් කරන්න අපි සූදානම්...!

:       0       14

Sunil Monday, 22 August 2022 03:41 PM

වැඩ කරන්න බැරි අය ගෙදර යවනවා නම් ඔබටයි පළමුව යන්න වෙන්නේ.. කතාව විතරයි.. වැඩ නැහැ.

:       3       16

ගමේ එකාලා. Monday, 22 August 2022 04:11 PM

පාර්ලිමේන්තුවෙන්ම පටන් ගන්න තිබුණනේ? රටම හොරාකාලා වලපල්ලටම ඇදලා දැම්මේ දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද? ජනතාවට සේවය කරන්න කියලා බලයට ආපු දේශපාලුවන් විඳින වරප්‍රසාද කොපමණද? පිනට කන කෑම වේලත් කොයිතරම් මිලද? ඒ මදිවට හොරකම්, වංචා, දූෂණ කොමිස් වලින් මොනතරම් ගසා කනවාද?

:       0       0

sreemel Monday, 22 August 2022 04:12 PM

අකිල විරාජ්, සාගල රත්නායක ආණ්ඩුවෙන් පඩි ගන්නවාද? ආණ්ඩුවට ගෙවනවාද?

:       0       0

beau Monday, 22 August 2022 04:46 PM

නිකන් කන අය ඉන්නේ ඔය පාර්ගිමේන්තුව කියන ගව මඩුවෙයි, රජගෙදරයි, අරලිය ගහමන්දිරෙයි, ප්‍රථමයෙන්ම එතැන ඉන්න හැතිකරෙයි ගෙදර යා යුතුය.

:       0       0

ashok Monday, 22 August 2022 05:55 PM

1977 ඉඳන් රටකන ඒකමනේ කළේ... අන්තිමට රට බංකොළොත් වුණ නායකයින්ට පිටරට ගෙවල් දේපළ ඇතිවුණා.

:       0       10

Santhu Monday, 22 August 2022 06:40 PM

ස්ට්‍රයික් කිරීම තහනම් කලොත් ගෙදර කියල මුලින්ම ගිවිසුම් අත්සන් අරන් රැකියා දුන්නම හරි මේ කියනව වගෙ.

:       5       3

Raja Monday, 22 August 2022 09:24 PM

ජනාධිපති, ඔබ යන්නේ නැත්තේ ඇයි පළමුව...!

:       0       0

Rata Perata Tuesday, 23 August 2022 02:34 AM

මේ කතා එච්චර ගණන් ගන්න එපා. මෙයා කයිවාරු තමයි කියන්නේ.

:       0       0

ගමේ එකාලා Tuesday, 23 August 2022 01:40 PM

පිනට කකා, ඒ මදිවට රටම හොරාකන දූෂිතයෝ වැඩිපුරම ඉන්නේ පාර්ලිමේන්තුවේ ..

:       1       3

ganegoda Thursday, 25 August 2022 11:11 AM

ඔව්ව නිකන් ජනතාවට අහෙන්න කියන බොරු කතා . අපි ඔවට නොරැවටෙමු !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2185 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 523 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1057 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5761 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 759 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4680 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site