IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ

නකල්ස් කඳුවැටියට දකුනින් පිහිටි මහනුවර-මහියංගන දහඅට වංගුපාර රුපියල් කෝටි 500 කින් අලූත් වැඩියා කිරීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය. දේශගුණය, කඳුපල්ලම්, වගාව හා වනසතුන්ගේ විවිධත්වය අතින් සුන්දර පෙදෙස්වලින් කිලෝමීටර් 41 ක් දුරැති මේ මාර්ගය නැමී එක්වූ නාගයකු සේ නිර්මාණය වී ඇත. මීටර් දෙකතුනකට වඩා පළල් නොවූ පාර දැන් මීටර් 15 ක් පළල්කර ඇත. පාලම් අටක්ද බෝක්කු 350 කට අධික ගණනක්ද මේ පාරේ ඇත. අලූතින් තානායම් කිහිපයක්ද ඉදිකර ඇත.



අදහස් (0)

නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ

තිස්ස Monday, 07 May 2012 03:50 AM

පාරවල් හදනකොට හොදයි. මිනිස්සු පාරට ඇද දාන්න ලේසියි. සුබ අනාගතයක්.

:       0       0

චින්තක Monday, 07 May 2012 04:04 AM

මේ පාර හදමින් තියෙද්දී යන්න ලැබුණා.. එතකොටත් වැඩ බොහොමයක් සම්පුර්ණයි... අති විශිෂ්ටයි... ලංකාව ගැන දැනෙන දේශ වාත්සල්‍ය කියා නිම කරන්න බෑ මේ පාරේ යනකොට දකින සුන්දර දර්ශනයෙන්... ඒ තරන්ම අයස්කාන්ත මනරම් දර්ශන.. ඉතා පරිස්සමින් සහ සැලසුම් සහගතව මේ පාර සංචාරක ව්‍යාපාරයේ මහඟු ඵල නෙලා ගැන්මට භාවිත කල යුතුයි... හසලක නගරයට එනවිට දකින රණවිරු හසලක ගාමිණීගේ ස්මාරකය තවත් රටට අති ඇල්ම වැඩි කරවනවා...

:       0       0

දිලාන් Monday, 07 May 2012 04:42 AM

මමත් ගියා.. මාර ලස්සනයි. ඔක්කොම පාරවල් ටික හැදුවොත් හොඳයි...

:       3       2

නිශාන් Monday, 07 May 2012 04:44 AM

මෝඩ මිනිස්සු....

:       0       0

රවීන්ද්‍ර Monday, 07 May 2012 08:02 AM

ලංකාවේ අය කවදත් පටි තදකරගෙන හිටියේ. ලොක්කෝ හැමදාම ගැහුවා. බෝම්බෙත් ගැහුවා අමතකද ?

:       0       0

අමිල කටුනායක Monday, 07 May 2012 08:24 AM

ආණ්ඩුව ජනතාවට වංගු දාන එකයි පෙන්නන්න බැරි.

:       0       0

සංජීව Monday, 07 May 2012 08:32 AM

ස්තූතියි ජනාධිපති තුමනි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර අපි නැවත ගෙවනවා.

:       0       0

කළණ Monday, 07 May 2012 08:49 AM

බලන්න කමෙන්ට්ස් දිහා. මොනවා වුනත් එන පාරත් ජිල්මාට් තමයි.

:       0       0

රසික Friday, 11 May 2012 04:38 AM

හොඳ වැඩක්. පාරවල් හැදෙන්න ඕන රටක් තියුණු වෙන්න. ඕනම රටක දියුණුවට එක හේතුවක් තමයි යටිතල පහසුකම්. ඒ වගේම මේ පාර ගොඩක් ලස්සන එකක්. අපි ඒක හොඳින් කළමනාකරණය කරලා විදේශ සංචාරකයන් ගෙන්න ගන්න ඕන.

:       0       0

අද්දියා Monday, 07 May 2012 09:04 AM

පාරවල් කන්න බෑනේ.... කිරිපිටි නැග්ගා.

:       0       0

බණ්ඩාර Wednesday, 09 May 2012 08:55 AM

ඉන්ද්‍රජිත් අපේ ගොඩක් අයට නොතේරෙන එකක් තමයි ඒක. අපි දේශපාලකයො පාර්ලිමේන්තු යවන්නේ රට දහන්න.

:       0       0

උපාලි Tuesday, 08 May 2012 08:40 AM

මේ වැඩේ අඩුපාඩු කියන කට්ටියව යවන්න ඕනේ 70 දශකයේ වගේ පෝළිම් වල තියන්න

:       0       0

අශාන් Wednesday, 09 May 2012 09:03 AM

මොනව කළත් වැඩක් නෑ මේ පරිසර දූෂණය නවත්වන්නේ නැතිව.

:       0       0

ලාල් Monday, 07 May 2012 09:19 AM

රටක පරිසරය සංවර්ධනය කළ යුතුයි. ඒත් වඩාත් වැදගත්වන්නේ මානව සම්පත සංවර්ධනය කිරීමයි. කිරිපිටි ඇතුළු ආහාර දව්‍යවල මිල වැඩිවීම නිසා අප රටේ මානව සම්පත අද කායිකවත්, ලාභය එකම අරමුණ බවට පත්වූ ආර්ථික පිළිවෙත නිසා අධ්‍යාත්මිකවත්, වඩ වඩාත් පිරිහෙමින් පවතිනවා.

:       0       0

අබරං Monday, 07 May 2012 09:36 AM

ණය වෙලා පාරවල් හදන්න එපා.අපිට ණය දරාගන්න අමාරුයි.අපිට සංවර්ධිත ආර්ථිකයක් තාමනෑ. අනෙක පරිසර විනාශය අවම කරන්න.චීනුන්ට පරිසරය ගැන කැක්කුමක් නෑ. මම හෙළයාට එකගයි.

:       0       0

ජගත් Monday, 07 May 2012 09:39 AM

වැස්සට නායයයිද දන්නේ නෑ.

:       0       0

දිනූෂි Friday, 11 May 2012 07:49 AM

රටේ පාලකෙයා ඉන්නේ රට සංවර්ධනය කරන්න.ඒක ඔවුන්ගේ වග කීමක්. ඒත් මේ රජයෙන් හදන්නේ පාරවල් විතරයිනේ.මොනවද රටට ඒකෙන් ලැබෙන ආදායම්? දරුවෙක්ට තුන් වේල කිරි ටිකක් බොන්න දෙන්න පුළුවන්ද? කිරි ගොවියා ආරක්ෂා කරනවලු. ඒත් කිරි ගොවියගේ කිරි විකුණ ගන්න විදිහක් නැතුව කානු වලට හලනවා කිරි. ලංකාව සහලින් ස්වංපෝෂිතයි කියලා කියනවා. ඒත් පිට රටින් හාල් ගෙන්වනවා. මේවා කතා කරන එකෙන් වෙන්නේ ඇගේ ලේ කෝප වෙන ඒක විතරයි.

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 07 May 2012 10:34 AM

රජයකින් කල යුතු වැඩක් ප්‍රමාදවී හෝ ඉටු කලාම එයට ස්තුති කරමින් පින් දෙන ඔය මහත්වරු, ජනපති තව උස්සන ඔය මහත්වරු, ලියුමක් ගෙදරට ගෙනත් දෙන තැපැල් කරුට හෝ, විදුලි බිල ගෙනත් දෙන මනු කියවන්නාට හෝ, බස් රියදුරාට හෝ, බඩු ගන්නා කඩේ මුදලාලිට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම ගැන දවසක් වත් පින්දීලා "ඔබයි සදාකල් අපේ මුදලාලි, ඔබයි සැමදා අපේ පියුම් මහත්තයා,," ආදී වශයෙන් කියන්නේ නැහැ නේද? ඔයාලට නොතේරෙන දේ තමයි, රටක වැසියන්ට මේවගේ සේවාවන් ඉටුකිරීම පාලකයින්ගේ රාජකාරිය බවත්, අප ඔවුන්ට මෙතරම් සැප දීලා බඩගින්නේ බලා ඉන්නේ ඒවා ඉටුකරවාගන්න බවත්.

:       0       0

පුරවැසියා Monday, 07 May 2012 10:58 AM

තවත් හොඳ ව්‍යපෘතියක්.. අපි සැවොම මේවා අගය කරන්න ඕන මේ හැදෙන රට අපට නොවේ අපේ දරුවන්ටයි.. මග හොඳට තිබේ නම්.. යන්ට දෑසත් පෙනේනම්.. කිම බැඳි වල යන්නේ මංමුලාවුන් සේ......

:       0       0

කේ.එම්. Monday, 07 May 2012 11:26 AM

මේ පාරෙත් ඉගිල්ලිලා යයි අයියලා.අනේ,මට බයයි වගේ

:       0       0

සුභවාදී Monday, 07 May 2012 11:33 AM

ගමයෝ, කරපු සංවර්ධනය දිහායි බලන්න ඕනේ

:       0       0

සංවර්ධනය Monday, 07 May 2012 11:42 AM

මොළේ ඕන හිතන්න මෙවැනි පාරවල් රජයක් වුනාහම සංවර්ධනය කලයුතුමයි.

:       0       0

chin Tuesday, 08 May 2012 11:26 AM

ඉන්ද්‍රජිත් මහත්තයෝ ඔයාගේ ඔය බහුබූත තර්කෙම චන්ද්‍රිකා නෝනගේ වසර 11 කාලේ කරපු දේටත් දාල බලන්න.

:       0       0

බුද්ධික Sunday, 06 May 2012 04:58 PM

සුන්දර අපේ රට තවත් ලස්සන වේවා !!!!!!!!!!

:       0       0

ෆාරු Monday, 07 May 2012 12:31 PM

මේක දහඅට වංගුව හරි...

:       0       0

අබරං Monday, 07 May 2012 12:40 PM

දාන්න වටිනව කටේ මසුරං ඉන්ද්‍රජිත්ගේ කතාවට

:       0       0

ජනයා Monday, 07 May 2012 01:13 PM

මේ විදිහට බදු බර ජනතාව මත පටවා මෙවැනි සංවර්ධනයක් කාටද? ජනතාවටද? පාලකයන්ටද? සංචාරක කර්මාන්තය මුවාවෙන් සිදුවන ආගමික පිරිහීම? අපි වගේ දුප්පත් ජනතාව හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.......

:       0       0

ජනක Sunday, 06 May 2012 05:07 PM

ජනපති තුමාට ජය වේවා !!

:       0       0

ගුණතිලක Sunday, 06 May 2012 05:20 PM

ඇත්තටම මේ වගේ වැඩ රටේ පුරවැසියන් හැටියට අපි අගය කල යුතු වෙනවා.

:       0       0

විතුෂාන් Sunday, 06 May 2012 05:33 PM

ලංකාවට ආවම බොහොම විනෝදයෙන් 18 වංගුවේ යන්න පුළුවන්.

:       0       0

ශාන්- saudi arabia Wednesday, 09 May 2012 06:00 PM

මෙම මාර්ගය ඇත්තටම හොදයි.එහෙත් මෙම මාර්ගයේ ඉදිරිය නොපෙනෙන වංගු වලට උත්තල දර්පණ ආකාරයේ තහඩු වලින් නිමවූ දර්පන සවි කරන්නේ නම් ඒත් හොදයි

:       0       0

රත්නායක Sunday, 06 May 2012 05:36 PM

ඉතා උසස් වැඩක්. ජනපතිතුමාට ස්තූතියි!

:       0       0

නාලක Tuesday, 08 May 2012 02:08 PM

ඔහොම යන්

:       0       0

නාලක Tuesday, 08 May 2012 02:09 PM

නියමයි. ලංකාවට ආපු දවසක බලන්න යන්න ඕන.

:       0       0

පවිත්‍රා Friday, 11 May 2012 12:04 PM

පාර දැක්කම බඩ පිරෙනවා ඇති.ඒකනේ බඩු මිළ වැඩි කළේ

:       0       0

කුමාර් Sunday, 06 May 2012 05:59 PM

පොඩ්ඩක් එවසලා පටි තදකරගෙන හිටියොත් තව තව ලොකු වැඩ බලන්න පුළුවන් ඉදිරියට

:       0       0

කුමාර් Sunday, 06 May 2012 05:59 PM

තව තව මේ වගේ වැඩ අපිට ඉස්සරහටත් බලන්න පුළුවන්

:       0       0

ප්‍රසන්ත Saturday, 12 May 2012 08:25 AM

පොඩ්ඩක් ඉවසන් ඉන්න අයියා . (ස)

:       0       0

නලින්-dubai Tuesday, 08 May 2012 02:58 PM

ඊර්සියා කාරයොත් ඉන්නවා. ඒ අයට මොනවා කලත් හොද නැ

:       0       0

අනුර- Iraq Sunday, 06 May 2012 06:02 PM

ජනපතිතුමනි, බලන්න අද ලංකාව කොච්චර ලස්සනද කියලා.ඔබතුමාට ජය වෙවා!

:       0       0

ධම්මික Saturday, 12 May 2012 08:27 AM

මේක හරියට ලංකාවේ මිනිස්සුන්ගේ කුඩා බඩවැල වගෙයි

:       0       0

නවුෆර් Thursday, 10 May 2012 06:57 PM

වැඩේ නම් හොදයි.ඒත් බඩට නම් හොදටම වැදිලයි තියෙන්නේ

:       0       0

මේනකා Friday, 11 May 2012 12:49 PM

හොදයි හැබැයි ලංකාව හැමදාම මහත කට්ටිය ඉන්නවානම් සංවර්ධනය කරන රටක ඉන්නවා වගේම මහතත් අඩු කර ගන්න නියම වැඩක් මේක

:       0       0

ගමයෝ Sunday, 06 May 2012 06:14 PM

ගොඩක් අය රැවටිලා. පාර හදලා අපිව විකුණලා. මොළේ ඕන හිතන්න.

:       0       0

නිරංදන Sunday, 06 May 2012 06:15 PM

අගේ කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි

:       0       0

ශාන්-saudi arabia Sunday, 06 May 2012 06:19 PM

ඇත්තටම මේ වගේ වැඩ රටේ පුරවැසියන් හැටියට අපි අගය කල යුතු වෙනවා. ජනපති තුමාට ජය වේවා !!

:       0       0

දයා-saudi Sunday, 06 May 2012 06:21 PM

ලස්සන තමයි

:       0       0

ආනන්ද Sunday, 06 May 2012 06:21 PM

ජනපති තුමණි ඔබට ජය ..........

:       0       0

සහන් බණ්ඩාර Sunday, 06 May 2012 06:25 PM

මෙය රජයේ වැඩක්. අපි ප්‍රශංසා කළ යුතුයි හදවතින්ම.

:       0       0

සී Saturday, 12 May 2012 09:48 AM

අපේ ජනපතිට හැමදාම ජයවේවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 10 May 2012 07:35 PM

ලංකාවේ පාරවල් ටික නම් නියමයි. මේ නකල්ස් පාරවලුත් හරිම ලස්සනයි. මට හිතෙනවා අපි පිටරටක ඉන්නවා කියලා පාරවල් දිහා බැලුවම. ඒත් ආධ්‍යාත්මක සංවර්ධනය, ජනතාව අත්‍යවශ්‍ය ආහාර පාන මිළ ඉහළයාම වගේ දේවල් වලටත් පාලක පිරිස්වල අවධානය යොමු වුනා නම් හොඳටම හොඳයි.ඒ පැත්තෙන් බලන මිනිස්සු කළකිරෙන්න පුළුවන් නිසයි මම මෙහෙම කිව්වේ. මම හැම දෙයක් දිහාම වැරදි ඇහෙන් පමණක් බලන කෙනෙක් නෙවෙයි

:       0       0

පුෂ්කර Sunday, 06 May 2012 07:21 PM

මට මතක විදියටනම් මේ පාරේ වැඩ පටන් ගත්තේ අවුරුදු 10 ට කළින්.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 10:51 AM

පාරවල් විතරක් හද හදා හිටියට රටක ජනතාවගේ බඩගින්න නිවෙන්නේ නැති බවත් රටේ පාලකයෝ තේරුම්ගත යුතුයි. අද කොයි කවුරුත් කටක් ඇරලා හරි වැරැද්ද කියන්න බයයි. විරුද්ධ වන අයව රහසින් මර්ධනය කරනවා. ප්‍රශස්ති කියන අයට යම් යම් දේවල් ලබා දීලා ඒ අයව සතුටු කරවා තව තවත් ප්‍රශස්ති කියවා ගන්නවා

:       0       0

ගිහාන් Monday, 14 May 2012 01:18 PM

දැනට ගොඩයන එකකට තියෙන්නේ පාරවල් හදන එක තමයි.....

:       0       0

සම්පත් Sunday, 06 May 2012 07:55 PM

ජනපති, මහාමාර්ග ඇමතිතුමා ඇතුළු සැමට ගොඩක් ස්තූතියි

:       0       0

රුවන් Sunday, 06 May 2012 08:36 PM

හොද වැඩක්. අපි ප්‍රදේශයේ ශාක වැවිය යුතුයි.

:       0       0

සිසිර Sunday, 06 May 2012 08:57 PM

සංවර්ධනයට වැදගත් දෙයක් මහාමාර්ග ? ඒ නිසා සුප පතනවා. නමුත් භාණ්ඩමිල ඉහළයාම කෙසේ දරාගන්නද ?

:       0       0

රොහාන් Sunday, 06 May 2012 09:06 PM

පාර කාලා ජීවත් වෙයව්.

:       0       0

පී.එස්.කැටවල Sunday, 06 May 2012 09:07 PM

හැමදාම අපේ ජනාධිපති වේවා......!!!!!!!!!

:       0       0

අලිබබා Sunday, 06 May 2012 09:10 PM

හැබැයි පාරවල් සංවර්ධනය කොරන එක හොදයි. මෙවැනි පාරවල් රජයක් වුනාහම සංවර්ධනය කලයුතුමයි. එය රජයේ වගකීමකි.

:       0       0

නිරන්ජන් Sunday, 06 May 2012 10:03 PM

ඒ.ජා.ප.යට වසර 17 කට කරන්නට බැරැව ගිය සංවර්ධනය ජනපති වසර 6 කින් අවසන් කර තිබෙ .ඔබමය ජනපති සැමදා අප ලක් දෙරනෙ....

:       0       0

කමල් Sunday, 06 May 2012 10:02 PM

ඔය සල්ලි ටික ගල් වලටත් වැලි වලටත් යට කරන එකේ රටට ආදායමක් එන ව්‍යාපෘතියක් කරානම් හොද නැද්ද ?

:       0       0

පතිරණ Tuesday, 08 May 2012 08:07 PM

ඉන්ද්‍රජිත්ට වැටහුනාට හැමටම වැටෙහන් නැහැ

:       0       0

ගාමිණී පෙරේරා Sunday, 06 May 2012 10:09 PM

හොද වැඩක් හැබැයි වියදම් කරන සල්ලි නිසි විදියට යොදවනවද කියලා හොයල බලන්නත් ඕන.

:       0       0

ඒ.බී.සී. Sunday, 06 May 2012 10:11 PM

පුෂ්කර හරියටම නොදැන දෙයක් සටහන් කරන්න එපා. මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ වසර තුනකට පෙර. මම මේ මාර්ගයේ ගමන් කරන නිසා ඒ බව හොදට දන්නවා.

:       0       0

දීපාල් Sunday, 06 May 2012 10:14 PM

ලංකාවේ සිදුවන සංවර්ධනය දැකලා මම ලංකාව ගැන ආඩම්බර වෙනවා.

:       0       0

ප්‍රනාන්දු Sunday, 06 May 2012 10:17 PM

ඔය පාරෙන් සල්ලි කොච්චර යටි මඩි ගහ ගන්න ඇද්ද ? මීයක් කඩන්නේ අත ලෙවකන්නද ? අපේ මෝඩ මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න පුලුවන් අපේ දේශපාලකයන්ට.

:       0       0

දුප්පතා Sunday, 06 May 2012 10:24 PM

මෙවැනි දේ අනිවාර්්‍යයෙන්ම කළ යුතුයි නමුත් මේ විදිහට බදු බර ජනතාව මත පටවලා මොකක්ද මේ කරන්නේ මොකක්ද මේ කියන්නේ කියල හිතනව.......ජනතාව ජීවත් වී සිටිය යුතුයි මෙවැනි පාරවල් වල යන්න මොකද මේ වගේ බඩු මිළ ඉහල යන කොට ජීවත් වෙන්න අමාරැ එකේ මෙවැනි පාරවල් වල යන්නේ.........මේ ආණඩුව හුදෙක්ම සංචාරක ව්‍යාපාරයට මුල් තැන දී ඇත.ලංකාවේ ජනතාව කෙරෙහි නොවේ....මේ පාර මෙච්චර වියදම් කොට හැදීමෙන් මුළු ජනතාවගෙන් සියයට කී දෙනෙකුට ප්‍රයෝජනද? මේ සියළු ලාභ ව්‍යාපෘතිය කරපු අයට තමයි.................දෙයියෝ සාක්කි..................

:       0       0

බන්දුල උපාලි Sunday, 06 May 2012 10:52 PM

ඔයවගේ වැඩ හොද බුද්ධිමත් උගත් ඡන්ද දායකයන්ට නේද මෙයාලා.

:       0       0

බන්දුල උපාලි Sunday, 06 May 2012 10:55 PM

ඕකට උදම් අනන්න එපා. ඕක ඉස්සර හදපු පාරක් ඔච්චර හිතට ගන්නත් එපා අළුත් වැඩියාවක් විතරයි.

:       0       0

හෙළයෙක් Sunday, 06 May 2012 11:06 PM

හොඳයි වැඩේ නමුත් 1000න් හදන්න පුලුවන් පාර 5000න් හදලා මාටියා ගහන වියදම ජනතාව පිට දාල බදු වැඩි කරන එක නම් දර ගන්න බෑ. අනික කෙළවරක් නැතුව පිට රට වලට ණය වෙලා මේ කරන සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද කියන එක බුද්ධියෙන් විමසා බලන්න ඕනි. මට පේන විදිහට මෙවායේ නියම ප්‍රතිලාභ ගන්නේ පිටරටවලින්. හරියට සුද්දෝ අපේ රට යටත් කරගෙන රට සංවර්ධනය කලා අපිට ආදරේට නෙමෙයි උන්ට ඕනි නිසා මට නම් දැන් පේන්නේ ආයෙත් වෙන්නේ වැඩේමයි. එංගලන්තේ, ඇමරිකාව, ඉන්දියාව, චීනේ මේ ඔක්කොම පිට රටවල් තමා. ලංකාවේ මෑත කාලින ව්‍යාපෘති කීයක ප්‍රතිලාභ මේ රටවල් ගන්නවාද?

:       0       0

ඉන්දික කිෂාන්ත Sunday, 06 May 2012 11:18 PM

ඔබ අපට, රටට ආඩම්බරයක්, අපි ඔබ සමගයි.

:       0       0

ප්‍රභාත් Thursday, 10 May 2012 11:02 AM

පාර හැදුවට පස්සේ බඩු මිළ වැඩි වෙන කොට තේරෙයි ඔය සුභ පතන කට්ටියට ඒකේ රගේ

:       0       0

ජනා Monday, 07 May 2012 12:11 AM

කරුණාකර මේ පාරේ ගිහින් හොද වැඩේ බළලා මෙහි කමෙන්ට්ස් දාන්න.

:       0       0

වීරසිංහ Monday, 07 May 2012 12:59 AM

අලි බබා මොකෝ කියන්නේ....ඇයි සද්දේ නැත්තේ...

:       0       0

කසුන් Monday, 07 May 2012 01:21 AM

හැදුවත් වැරදියි , නොහැදුවත් වැරදියි...එතකොට මොකක්ද හරි..

:       0       0

රිෂාඩ් Monday, 07 May 2012 01:36 AM

අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කරනවා. සුබ අනාගතයක්.

:       0       0

කෙනත් Friday, 11 May 2012 12:41 AM

'ලංකාවේ මිනිස්සුන්ට සේවය කරන්නනම් හොදට බැනුම් අහන්න පුරුදුවෙන්න ඕන, සේවය කරන්න පටන්ගත්ත දා ඉදල හිටගත්තත් ඉදගත්තත් අහන්න වෙන බැනුම් කෙළවරක් නෑ' කියල අනගාරික ධර්මපාල තුමත් කිව්වා නොවැ. ලස්සනම වැඩේ ආතල් රටක් මේක !!! සමහරුන් ලජ්ජා නැතුව කට ඇරලා කියනවා, අනේ ඔය සල්ලි වලින් අපිට බඩ පුරා කන්න දුන්නනම් හොදයිනේ කියල, බඩගෝස්තරවාදී අලස මිනිසුන්ගේ ලක්ෂණයක්!

:       0       0

ප්‍රභා Monday, 07 May 2012 01:56 AM

හොද දෙයක් කළාම නිසි ගරුත්වය දිය යුතුයි. එහෙත් රට යන මග ගැනනම් සතුටු විය නොහැකියි.

:       0       0

මැක්සිමම් Monday, 07 May 2012 03:27 AM

මේ ‍පාර දෙපැත්තේ පාංශු ඛාධනය වලක්වන්න ගස් හිටවන්න...

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 08 May 2012 02:48 AM

රජයට හෝ රටට විරැද්ධවාදී දේශපාලන මත දරණ කුහකයින්ට මොන හොඳ කලත් පෙනෙන්නේ නුහුරට අපේ සමහර අයගෙ හැටි ඔහොම තමයි.සුළුතරයක් ඵහෙම උනාට බහුතර අප ඔබ සමගයි ජනාධිපතිතුමනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 195 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1353 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1267 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1279 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1350 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1180 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24079 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23243 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site