IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නකල්ස් මස්වැද්දෝ වරද පිළිගනිති

නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කළැයි වරද පිළිගත් සැකකරුවන් 6 දෙනාට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් එම්.එච්.රෆික්ඩීන් මහතා අද (25) රුපියල් 175 000 ක දඩ නියම කළේය.

දැඩි ආරක්ෂිත සතුන් දඩයම් කිරිම හා ඒ සඳහා ගිනි අවි භාවිතා කිරිමේ චෝදනා   සඳහා වරද පිළිගත් ප්‍රධාන සැකකරු වන එස්.එම්.සිරාජ්ට (සාද් මොහොමඩ් සිරාජ්)  එක් වරදක් සඳහා රුපියල් 25,000 බැගින් රුපියල් 50 000 ක දඩයක්ද, අනෙක් සැකකරුවන් සතුන් ඝාතනය කිරීමට අනුබල දීම හා ආධාර කිරිම යටතේ  කොඩිතුවක්කු ආරච්චිගේ නලින්ද වීරතුංග,චන්ද්‍රසේකර විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුවන් සංජීව සමරනායක හා නන්දකුමාර් යන අයට රුපියල් 25,000 බැගින් දඩ නියම කැරිණි.

MASWAEDDAN-1 MASWAEDDAN-4



අදහස් (0)

නකල්ස් මස්වැද්දෝ වරද පිළිගනිති

ජයනාත් Saturday, 27 August 2016 12:19 AM

කපිල, මමත් ඒ බව දන්නවා. මම දැනගත්තෙත් එයින් තමයි.

:       0       0

හේමන්ත Friday, 26 August 2016 08:14 AM

තිලාන් සහ අබේරත්නගේ අදහස් දෙක තමයි දවසේ හොදම අදහස්. (බ)

:       0       0

ජයනාත් Friday, 26 August 2016 12:40 AM

ඒ අසරණ සතුනට යළි ජීවිතය නොලැබුනත්, අවු.5 කට පමණ පෙර සිදුකළ මේ පව්කාර ක්‍රියාවට මොවුනට ලැබුණු දඬුවම අගයමි. යහපත් මාධ්‍ය නිදහස ඔන්න..! මෙය එළිකිරීමට උදව් වූ සියල්ලන්ට ස්තුති වේවා! (නි)

:       0       0

රාවන් Friday, 26 August 2016 09:19 AM

ශාක වලටත් පණ තියෙනවා. හැබැයි කව්රුත් එව්වා කතා කරන්නේ නැහැ. (බ)

:       0       0

හිමාල් Friday, 26 August 2016 01:18 AM

මේ දඬුවම ගැන මම නම් සෑහීමකට පත්වෙනවා (නි)

:       0       0

සාමා Friday, 26 August 2016 01:18 AM

මේවා සෑම මස් වැද්දෙකුටම හොඳ පූර්ව අවවාදදීමක්‌ (නි)

:       0       0

විනෝදිකා Saturday, 27 August 2016 05:14 AM

මේ දුන් දඬුවම මදි (නි)

:       0       0

සුදේශ් Friday, 26 August 2016 02:22 AM

මස් විකුණලා මීටවැඩිය හොයන්න ඇති. දඬුවම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ මට නම් (නි)

:       0       0

හැරිස් Friday, 26 August 2016 02:35 AM

සිර දඬුවම් සමඟ දඩ ගැසුවා නම් තමයි සතුටු (නි)

:       0       0

ඉම්රාන් Friday, 26 August 2016 02:51 AM

වරද පිළිගෙන නැවත මෙවන් වැරදි නොකර ඉන්නවා නම් තමයි හොඳ (නි)

:       0       0

කපිල Friday, 26 August 2016 02:53 AM

ජයනාත් දන්නවද, මේක හෙළිවුණේ සමාජජාලා වෙබ් අඩවි නිසා කියලා. (නි)

:       0       0

චාමිනී Friday, 26 August 2016 03:06 AM

අහිංසක සත්තු කොපමණ ගණනක් ජීවිතයෙන් වන්දි ගෙවන්න ඇද්ද? (නි)

:       0       0

රසාංගි Friday, 26 August 2016 03:16 AM

දුර්ලභ සත්තු මැරුවාට මේ දඬුවම මදි (නි)

:       0       0

ජයන්ත Friday, 26 August 2016 03:21 AM

සිර දඬුවම් ස්වභාව ධර්මයෙන් ලැබෙයි (නි)

:       0       0

ඉමේෂ් Friday, 26 August 2016 03:21 AM

හොඳ ලාබයක් හොයාගන්න පුළුවන් දඩ ගෙවලා ඉවර වෙලත්. ඒ නිසා මේ දඬුවම නම් මදි (නි)

:       0       0

ප්‍රියාන් Friday, 26 August 2016 03:21 AM

දඩ විතරක් මදි හොඳටම. සිර දඬුවමකුත් දුන්නා නම් තීරණය අගය කරන්න තිබුනා (නි)

:       0       0

මනෝජ් Thursday, 25 August 2016 04:12 PM

මොවුන්ට මීටත් වැඩිය ලොකු දඬුවමක් දුන්නා නම් හොඳයි (නි)

:       0       0

අර්ජුන රණවන Thursday, 25 August 2016 04:26 PM

මදි මදි මදි මේ දඬුවම හොඳටම මදි. නැවත වතාවක් තවත් යමෙක් මෙවැනි දේ නොකරන්න මේ අයට දඬුවම් කළයුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 August 2016 04:52 AM

තියෙන නීති පනගන්නවල බලගන්න ගන්න කාලේ හරි දැන් ! (ම)

:       0       0

අර්ජුන Thursday, 25 August 2016 06:11 PM

දඩ විතරද? හිර දඬුවම් නැද්ද? (නි)

:       0       0

අබරන් Friday, 26 August 2016 05:52 AM

කැලේ සතා මැරුවහම නීතියෙන් දෙන දඬුවම මිනිස්සු ස්ථිර කරනවා. ඒ මිනිස්සුම නීත්‍යානුකුලව මරණ හරකා කුකුලා බයිට් එකට ගන්නවා. අපේ මිනිසුන්ගේ සත්ව කරුණාව ගැන හරි පුදුමයි. (ම)

:       0       0

නිලාන් Friday, 26 August 2016 06:00 AM

සත්තු මරණ එකටනම් මාත් විරුද්ධයි . එත් මෙතන කොමෙන්ට් දාන උවුන් ඔක්කොම වෙජිටේරියන් වගේ තමයි කතා කරන්නේ (ම)

:       0       0

හිරුණි Thursday, 25 August 2016 08:13 PM

මේ දඩ මෙසේ ගෙවුවත් මොවුන් කළ පවු කෙසේ ගෙවන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 73 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 665 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 377 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1912 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 718 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site