පාසල් ක‍්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ අන්තර් පාසල් බාලිකා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (ලෙදර් පන්දු) ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. බොරැල්ල වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති අවසන් මහ තරගයේදී අනුලා විදුහල් පිල කඩුලූ 8 කින් කොළඹ ගෝතමී විදුහල් පිල පාරජය කළේය.
ගෝතමී විදුහලේ හර්ෂිකා මාධවි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් අවසන් මහ තරගයේදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත් වූවාය. මාධවී තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව සහ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද සම්මාන හිමිකර ගත්තාය.
අනුලා විදුහලේ කාවින්ද්‍යා දෙව්මිණි දක්‍ෂතම පන්දු යවන්නිය ලෙසත්, චතුරි සිල්වා දක්‍ෂතම පන්දු රකින්නිය ලෙසත්, අමාෂා පෙරේරා අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසත්, සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.
ගෝතමී විදුහල ඕවර 20 කදී කඩුලූ 9 ට 113 (හර්ෂිකා මාධවි 63, ප‍්‍රමේෂා රසාංගි 12, කාවින්ද්‍යා දෙව්මිණි 16/3, අමාෂා පෙරේරා 29/2)
අනුලා විදුහල ඕවර 18.3 කදී කඩුලූ 2 ට 115 (අමාෂා පෙරේරා නොදැවී 31, චමෝදි හංසිකා නොදැවී 29, හසිනි පෙරේරා 23)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ජයග‍්‍රාහි අනුලා විදුහල් ක‍්‍රිකට් පිල, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න යන මහත්වරු සමග.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ පළමු විස්සයි20 ක‍්‍රිකට් ශූරතාව දිනති
රාජු Tuesday, 09 April 2013 02:52 AM
හුරේ! මගේ නංගිලා ගිය ඉස්කෝලෙ... (නි)
කනිෂ්ක ජයසේකර Thursday, 11 April 2013 05:05 PM
අන්න හරි හුරේ.(නදී)