(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (25) දින එම නිලධාරීන් සඳහා වූ වැටුප් බැංකු ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂාවකින් අනතුරුවය
වැටුප් ලද පිරිසෙන් බොහෝ පිරිසකට ලැබී ඇත්තේ 2021 ජනවාරි මස දී ඔවුන් ලබාගත් වැටුප බවත් පෙබරවාරි මස සිට මේ දක්වා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ රාජකාරි සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට කිසිදු වැටුපක් බැංකු ගත වී නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් මිරිහාන, මහරගම , කඩුවෙල , හෝමාගම, හංවැල්ල, මීගොඩ, වැල්ලම්පිටිය, අතුරුගිරිය, මාලඹේ , බොරලැස්ගමුව, නවගමුව, තලන්ගම, මුල්ලේරියාව, මාලබේ, කොට්ටාව, වැලිකඩ,හා පාදුක්ක යන පොලිස් ස්ථාන 17 ක නිලධාරීන් දහස් ගණනක් මෙන්ම විශේෂ අංශවල සේවය කරන නිලධාරීහු ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ.
මේ අතර වැඩතහනමට ලක්වූ ඇතැම් පොලිස් නිලධාරීන්ට ද වැටුප් බැංකු ගතවී ඇතැයි ද වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමකදී කියා සිටියේ මේ පිලිබදව සොයා බලා පිලිතුරක් ලබා දෙන බවය. එහෙත් අවස්ථා කීපයකදීම දුරකථනයට සම්බන්ධ වීමට උත්සාහ කළත් නොහැකි විය
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා
sharm warn Friday, 26 August 2022 01:42 PM
මෙයාලට පඩි ගෙවන්න ඇතිනේ රනිල්... පහුගිය කාලයේ මහජන සේවයක් කළේ නැහැනේ. ඒ නිසා අපේ බදුමුදලින් පඩි දෙන්න ඕනෑ වෙන්නේ නැහැ කියලා හිතෙන්න ඇති පඩි හදන කට්ටියට...
Kumara Friday, 26 August 2022 01:54 PM
එතකොට පහුගිය දවස්වල තමන්ගේම පන්තියේ අයට වෙඩිතියලා ගහලා දිවි හිමියෙන් දේශපාලක පන්තිය ආරක්ෂා කරන්න මේ මහත්වරු වැඩ කළේ පඩිත් නැතුවද?
අජිත් Friday, 26 August 2022 02:15 PM
හොඳම වැඩේ... ඔය කට්ටියට පඩි දෙන්නේම නැතුව හිටියා නම් හරි. නිකන් භාණ්ඩාගාරයම දෙනවා වගේනේ හැසිරෙන්නේ... පොඩි මිනිහා ඉස්සරහා දවස් දෙක තුනක් යද්දීම තේරේවි දුප්පත් මිනිහ ඇයි පාරට බැස්සේ කියලා...