අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 42-22 ක පහසු ජයක් ලැබූහ.
පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20x10 ක් ලෙස පෙරමුණේ පසු වූ ශාන්ත ජෝන් විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 5 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැුස් කළේය. මලියදේව විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
ශාන්ත ජෝන් විදුහලට කනිෂ්ක නිර්මාල් සහ මධුසංඛ ඉෂාර උත්සාහක දිනුම් දෙක බැගින් ද, විශ්ව විජය බණ්ඩාර, බී. වී. ටී. උදයංග සහ තරිදු ජයසංඛ උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ. කනිෂ්ක ප‍්‍රියදර්ශන ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරගත්තේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල 42-22 කින් මලියදේව පරදවයි
සුසන්ත Wednesday, 27 March 2013 04:25 PM
නියමයි කොල්ලනේ. (නි)
මිලා Wednesday, 27 March 2013 12:46 PM
නියමයි. සුභ පැතුම්! (නි)