IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නගර රැසක කඩ සාප්පු වහයි

වැට් බද්දට විරෝධය පළ කරමින් අද (29) රට පුරා ස්ථාන කිහිපයකම වෙළඳසල් වසා දමා විරෝධතා රැලි පැවැත්වේ.

අනුරාධපුර නගරයේ ද වෙළඳ සල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර පරණ බස් නැවතුම්පොළ අසලින් ඇරඹිණි.

මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර කටුගස්තොට, පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේද කඩ සාප්පු වසා දමා ඇතැයි කියති. 

20160629_094449_resized[1]_9 20160629_094751_resized[1] - Copy 20160629_095129_resized[1]_6 - Copy

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල් (බදුල්ල)

_DSC4491[1] 4438[1] 4444[1]

4413-- 4417-

ජායාරුප - ලාල් එස් කුමාර (කැළණිය)

DSC03095[1] DSC03078[1] DSC03082[1]

ජායාරූප - දයාරත්න ඇඹෝගම (අනුරාධපුර)

 

 



අදහස් (0)

නගර රැසක කඩ සාප්පු වහයි

තිලක් Wednesday, 29 June 2016 04:53 AM

සැබෑ වෙනසක් සිද්ධවෙනවා දැන් රටේ ‍ (නි)

:       0       0

රොහාන් Wednesday, 29 June 2016 11:36 PM

අනුරාධ, ඔබේ නමටත් ලැජ්ජයි. සූඩානය තියා අවුරුදු 30ක ලංකා ඉතිහාසයවත් නොදන්නා අය තමයි යහපාලනයට කඩේ යන්නේ. ඉදිරියට සූඩානය = ලංකාව ගැන දැනගන්න ලැබේවි. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 29 June 2016 04:57 AM

මෙවර වැට් බද්ද ව්‍යාපාරිකයින්ට ගෙවන්න වුණා නම් එය හොඳටම සාර්ථකයි. මෙතෙක්කල් පනවපු වැට් බදු ඇතුළු සියලු බදු පාරිභෝගිකයා වෙත පවරන එකයි වෙළඳ ප්‍රජාව කළේ. (නි)

:       0       0

ශාන් Wednesday, 29 June 2016 04:57 AM

යහපාලනයේ අවසානය උදා වී ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 29 June 2016 10:26 AM

සාමා, ඔයා හරියට ඒකාලේ තිබුන හෝඩි පොතක් වාගේ. නොදන්නා දේ පෙන්නන හදන්න එපා. (ර)

:       0       0

සේනක-බළංගොඩ Wednesday, 29 June 2016 10:29 AM

අපි කවුරුත් එකතුවෙලා අපේ රටෙි අනාගතය වෙනුවෙන් එකට එකතුවෙමු. (ර)

:       0       0

චන්දන Wednesday, 29 June 2016 05:22 AM

මේ වැඩිවෙලා තියෙන්නේ 4%යි. 15%ක් නෙමෙයි. මිනිසුන් අතර මතයක් හැදිලා 15% වැඩිවෙලා කියලා. (නි)

:       0       0

අතුරා Wednesday, 29 June 2016 05:23 AM

ශාන්, ඔය හීනය තව සෑහෙන කාලයක් ඔයාට දකින්න වෙයි. (නි)

:       0       0

රෝෂන් Wednesday, 29 June 2016 10:49 AM

කට්ටියකට බදු රහිතව කට්ටියකට බදු සහිතව අපේ ඉතිහාසයේ නම්ගම් හා සටන්පාඨ පමණයි වෙනස් වුනේ. (බ)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 June 2016 05:38 AM

මේ සේරම කට්ටිය වැට් බදු ගෙවනවද? මේ අයගේ වාර්තා අරන් බැලුවොත් හොයාගන්න පුළුවන් කව්ද වැට් ගෙවන්නේ නොගෙවන්නේ කියලා. ජනතාව කුපිත කරගෙන රට හැමතැනම යනවා. (බ)

:       0       0

ඇන්ඩි Wednesday, 29 June 2016 05:46 AM

චන්දන බබා වෙලානේ.. හෙඩ්ලයින් එකේ කොහොමත් 4% වැඩිකරලා තියෙන්නේ ඒත් කොලේ වහලා හංගලා තියෙන්නේ 15% අය කරගන්න විදිහ ගැන ඔයා දන්නෙම නැද්ද ... ? (ර)

:       0       0

ශාන් Wednesday, 29 June 2016 05:45 AM

අතුරා, කියන්නකෝ ඡන්දයක් තියලා පෙන්නන්න කියලා... ඇයි ඔච්චර බය වෙන්නේ.? (ර)

:       0       0

නිශා Wednesday, 29 June 2016 05:47 AM

අතුරා, ඔයා දැන් ගොඩක් සන්තොෂෙන්ද ඉන්නේ.? (ර)

:       0       0

නිෂා Wednesday, 29 June 2016 05:51 AM

අතුල, ඔයා දැන් ගොඩක් සන්තෝසෙන්ද ඉන්නේ. (බ)

:       0       0

ඇන්ඩෘෘ Wednesday, 29 June 2016 05:48 AM

අනේ මිනිසුනේ කරුණාකරලා එක්ටා, ෆෙඩරල්, ව්‍යවස්ථා සංශෝදනය යන යන කරුනුත් සම්පුර්ණයෙන්ම කියවන්න.. පක්ෂ පාට කන්නාඩි දාගෙන හැම දේටම එහෙයි කියන්නේ නැතුව.. මොකද උඩින් පෙන්නලා තියන දේ නෙමෙයි ඇතුලාන්තයේ තියෙන්නේ .. මට දුක මෙරටත් සුඩානයක් වෙන්න යනවා මිනිස්සුන්ට ගානක් වත් නැහැ (බ)

:       0       0

සිරිල් Wednesday, 29 June 2016 11:17 AM

වැට් සටනට ජය වේවා (ම)

:       0       0

සිරි Wednesday, 29 June 2016 12:00 PM

අවුරුද්දක් විතර යයි මේ චූන් එක. මහින්ද මහත්තය 20% ක් කරද්දී කටින් හුලන් සද්දයක් වත් නැහැ. හැබෑවටම ප්‍රශ්නයක් තියෙනවා ඒත් සාදාරන වෙන්න ඕන. මොකද අලුත් ආණ්ඩුව පත් වෙලා තාම අවුරුද්දක් වත් නැහැ නේ. (අ)

:       0       0

අනුරාධ Wednesday, 29 June 2016 06:21 AM

ඇන්ඩෘෘ, ඔබේ අදහස තව පැහැදිලි කරන්න. ඇයි අපි සුඩානයක් වෙන්න යන්නේ? (ර)

:       0       0

විපුල Wednesday, 29 June 2016 06:34 AM

එකල විපක්ෂය කොතරම් ආණ්ඩුවට බැන්නත් රට තුල මෙවැනි දේවල් සිදු වුනේ නැහැ. අපි හිතුවේ නැහැ යහපාලනය මෙතරම් ජනතාවට, ව්‍යාපාරිකයන්ට මෙතරම් පීඩිත වෙයි කියල.(ම)

:       0       0

අතුරා Wednesday, 29 June 2016 06:40 AM

ශාන් ජනධිපතිවරනේ තියලා මහ මැතිවරණෙට කලිනුත් ඔයාලා ඔය විදිහටම කිව්වා නේද? (ර)

:       0       0

අතුරා Wednesday, 29 June 2016 06:38 AM

නිශා ඔව් මම ගොඩක් සන්තෝසෙන් ඉන්නේ. බදු වැඩි වුනා කියලා මගේ සන්තෝසේ ඇයි මම නැති කර ගන්නේ. (ර)

:       0       0

බන්දු Wednesday, 29 June 2016 12:55 PM

මොකද අලුත් ආණ්ඩුව පත් වෙලා තාම අවුරුද්දක් වත් නැහැ නමුත් දූෂණ නැති කොරන්න අපු කෙනාගේ කාර් එක කොටි 6 ක් නරක නැහැ තව අවුරුදු 4 යනකොට අපේ කෑලිවත් ඉතුරුවෙන එකක් නැත. කොරන දෙයක් දැන්මම (අ)

:       0       0

මහේෂ් Wednesday, 29 June 2016 07:23 AM

ඇන්ඩෘෘ හරි. වැට් එක 4% නෙමේ 15%. 4% ගෙවන්නේ රටෙන් 45000 විතරයි අනිත් හැමෝම 15% ගෙවන්න වෙනවා. (ර)

:       0       0

සෑම් Wednesday, 29 June 2016 07:32 AM

හලාවත, කටුනායක, රතුපස්වල උද්ඝෝෂණ වලට වෙච්ච දේ යහපාලනයෙන් සිදු නොවන බව දන්නා නිසා කව්රුත් බැහැලා පෙළපාලි යනවා . (ම)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 29 June 2016 07:31 AM

ඔන්න ඕකට තමා වෙනස කිව්වේ (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 29 June 2016 07:42 AM

බදු ගහල කරන්නේ රජයේ වියදම් පියව ගන්න එක. නැතිනම් ණයට සල්ලි ගිනි පොළියට ගන්න වෙනවා. එය දීර්ඝ කාලීනව රටට ඉතාම අහිතකරයි . දැනටමත් රට ණය උගුලකට අහුවෙලා ඉන්නේ . (ම)

:       0       0

කසුන් Wednesday, 29 June 2016 07:50 AM

අතීතයේ අපට ඕන තරම් අත්දැකීම් තියෙනවා දැනට පාලනය හොබවන අය මේ රටට කල හොදට වඩා අපේ රටට නැති ප්‍රශ්න අලුතින් නිර්මාණය කල බව. (ම)

:       0       0

සිරිපාල Wednesday, 29 June 2016 02:12 PM

ඔව් ඔව් එකත් හොද චුන් තමා හැමදේටම මහින්ද මත්තයා නොහැකියාව කියන්නැහැ (අ)

:       0       0

සිසිල් Wednesday, 29 June 2016 02:14 PM

කොහොමද හොදයි නේද යහපාලනයට ලබන පාර ඡන්දෙ දෙනවද

:       0       0

විසල් Wednesday, 29 June 2016 07:50 AM

වැට් ගැන කතා කරන ගමන්, කඩ සාප්පු වසා මෙයාල යන්නේ වසන්ත පාගමනක් වගෙයි. (ම)

:       0       0

දුෂාන් Wednesday, 29 June 2016 02:18 PM

රට ඉවරයි දැන් පුළුවන් කෙනකුට දීල ගියොත් හොද නැද්ද (අ)

:       0       0

තුසිත Wednesday, 29 June 2016 02:18 PM

සමහරුන්ගෙ මොඩකමට සීමාවක් නෑ, මිනිසුන් කඩ සාප්පු කරන්නේ ආන්ඩුවට බදු එකතු කරල දෙන්න නෙමෙයි, වැට් එකතු කලාම බඩු මිල තවත් වැඩිවනවා, ආනයනය කල බාන්ඩ වෙලඳපොලට එන්න කලින් බදු අයකර වැට් එක්තු කලාම කරුද බඩූ ගන්නෙ, කොහොමද කඩ කුලී ගෙවන්නේ? පුලුවන් නම් ඔය කඩෙ යන අය අපිට කියල් දෙන්න. (අ)

:       0       0

සාමා Wednesday, 29 June 2016 07:55 AM

ලංකාවේ මිනිස්සු හැම දෙයක්ම නිකන් කන්න පුරුදුවෙලා. බදු ගෙව්වා කියා කාටවත් පාඩු වෙන්නේ නැහැ. අනික මේ වෙළෙන්දෝ ළග කොපමණ කළු සල්ලි ප්‍රමාණයක් ඇතිද?පවතී සෑම රජයකම් ජනතාව මත බදු පැනෙව්වා.නමුත් මේ පාර වෙනස්. (බ)

:       0       0

නිම්මි Wednesday, 29 June 2016 02:20 PM

නුවර තිලක් හරි. අනේ සාම නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (අ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 29 June 2016 02:28 PM

පාර්ලිමේන්තු ගිය එවුන් සුර සැප විඳිනවා. ජනතාව අපා දුක් විඳිනවා. (බ)

:       0       0

ජනක Wednesday, 29 June 2016 02:34 PM

සාම සහ රොහාන් මුලින්ම පාසල් ගිහින් එන්න. ‘ඉන්පුට් වැට්, අවුට්පුට් වැට්‘ කියලා දෙකක් තියනවා. මේකේ බලපෑම පාරිභෝගිකයාට විතරක් නෙමෙයි වෙළෙන්ඳාටත් එසේමයි. (නි)

:       0       0

රාජා Wednesday, 29 June 2016 02:39 PM

අසව් අසව්! බොරුකාරයෝ රට විනාශකළ වගයි. මීට වගකිවයුත්තේ ජනතාවයි (නි)

:       0       0

පණ්ඩුල Wednesday, 29 June 2016 02:39 PM

අැයි තව කාර් ගන්න තියනවනේ. මේවා නොකර කොහොමද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 29 June 2016 02:46 PM

කවුරු කොහොම බයිලා කිව්වත් කලින් ආණ්ඩුව තිබුනා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

යුමෙත් Wednesday, 29 June 2016 02:48 PM

එනවා එනවා ඔන්න මහජනතාවගේ වාරය එනවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 30 June 2016 03:13 PM

වැට් බද්දෙන් බඩු මිල වැඩිවුණා තමයි. ඉතින් මේ මුදලාලිල මොන එහෙකට පාරට බහිනවද? ඒගොල්ලන් වැට් එකත් එක්ක අපෙන් අය කරගන්නවා. අනික මේ පෙළපාලි යන කට්ටියගෙන් 10% ක් වත් වැට් ගෙවන්න ලියාපදිංචි වෙලා නැහැ. හරි නම් මඟට බහින්න ඕනෑ අපි. ඒ කියන්නේ පාරිභෝගිකයෝ. (නි)

:       0       0

රංග Wednesday, 29 June 2016 02:44 PM

දැන් මේකත් මහින්දගේ වැඩක් කියලා කියයි (නි)

:       0       0

සුනිල් Wednesday, 29 June 2016 02:49 PM

දියුණුවේගෙන ආ රට යහපාලනයෙන් කෑවා (නි)

:       0       0

රොෂාන් ප්‍රසන්න ජයවර්ධන Thursday, 30 June 2016 07:20 AM

හැම බරම මිනිස්සුන්ට (බ)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 29 June 2016 04:59 PM

මහින්ද බදු ගහද්දි මේ කට්ටිය කොහේද හිටියේ? මේ වැට් බද්ද අද ඊයේ ගහපු එකක් නොවෙයි. අවුරුදු 20 ක් විතර තියෙන එකක්. ඇයි දැන්ද දන්නේ? ව්‍යාපාරිකයන්ට බදු ගෙවන්න බැරි නම් බිස්නස් නතර කරලා රස්සාවක් කරන්න කියන්න (නි)

:       0       0

සහන් Wednesday, 29 June 2016 05:10 PM

මිනිස්සු වින්ස්ටන් චර්චිල් ඡන්දෙන් පැරැද්දුවා. ඊටපස්සේ දැනගත්තා කරගත්ත මෝඩකම. ආයේ ඡන්දෙකින් බ්‍රිතාන්‍ය අගමැති අමාත්‍ය විදිහට පත්කරගත්තා. දැන් අපිට කාලේ හරි කරගත්ත මෝඩකම මකා ගන්න. මහින්ද රාජපක්ෂ නැතුව මේ රට ගොඩගන්න කිසිම ජගතකුට බැහැ (නි)

:       0       0

විමුක්ති Wednesday, 29 June 2016 05:42 PM

මෙගා ව්‍යාපෘති වල ප්‍රතිඵල තමයි මේ (නි)

:       0       0

නාමල් Wednesday, 29 June 2016 07:04 PM

රටම එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ (නි)

:       0       0

ගුණේ Wednesday, 29 June 2016 08:45 PM

නැවත ඡන්දයක් තිබ්බොත් මේ පවතින වාතාවරණය යටතේ, මිතුරනි අපි සියලු දෙනාම ආයෙත් පරාදයි (නි)

:       0       0

දර්ශන Wednesday, 29 June 2016 04:23 AM

යහපාලනයේ ප්‍රතිඵල! (නි)

:       0       0

රොහාන් Wednesday, 29 June 2016 04:24 AM

මේගොල්ලෝ විරෝධය පාන්නේ හරියට ඒගොල්ලෝ ගෙවනවා වගේ. පාරිභෝගිකයාගෙන් අයකර ගන්නවා (නි)

:       0       0

යෝනක Wednesday, 29 June 2016 11:00 PM

මෙය මුළු ලංකාවේම එකවර ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 29 June 2016 11:03 PM

රජයක ප්‍රතිපත්ති ජනතාවට පීඩාවක් වේ නම් ඊට විරෝධයපෑමට ජනතාවට පුර්ණ අයිතියක් තියෙනවා. නමුත් බොරදියේ මාළු බාන අවස්ථාවාදී දේශපාලන කපටින්ට නැවත බලයට ඒමට මෙවැනි නැඟීසිටීම් හේතු නොවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 220 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 346 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 160 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 425 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1077 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1404 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site