ගල්ගමුව පාලුව යාය පහ ගම්මානයට අද (26) උදේ පැමිණි නැට්ට කොටා නම් දළ ඇතා ගම්මාන පුරා සැරැසරමින් සිටිතියි ගැමියෝ කියති.
අක්කර තුනක පමණ කැලෑවකට කොටු වී සිටින ඇතා ගම්මානය ආසන්නයේ මී ඔය රක්ෂිතයෙන් පැමිණ ඇතැයිද කියති.
වනජීවී නිලධරයෝද ,පොලීසිය හා ගැමියෝද එක්ව ඇතා ගම්මානයෙන් එළවීමට උත්සාහ කරති. ඇතා යන තුරු ගමේ අතුරු මාර්ගවල නොයන්නැයි වනජීවී නිලධරයෝ ගැමියන්ට උපදෙස් දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නැට්ටකොටා ගමක් හොල්ලයි
ලේක්කෝ ගලබඩ Wednesday, 26 November 2014 09:17 AM
මේ අහිංසක, මනාව දළ වැඩුණු ඇත් රාජයාට හිංසා කරන්නේ නැතුව ඔහු කැලේ තුලට යනකම් ඉවසාගෙන ඉන්න. (ර)
ඉන්දික Saturday, 29 November 2014 03:24 PM
ගමේ මිනිස්සු බේරුණ ට්ක ලොකු දෙයක්.(හේ)
කැළුම් Wednesday, 26 November 2014 09:57 AM
මේ මිනිස්සු චන්ඩි වගේ පාරට වෙලා බලා ඉන්න අතරේ ඇතා අවොත් මහා විනාශයක් වෙන බව පෙනෙනවා. (ස)
ධම්ම Wednesday, 26 November 2014 09:59 AM
මිත්‍යාවෙන් අන්ධ උන මිනිසා ඇතාගේ වලිගය කපාගෙන 'නැට්ට කොටා' කියලා නමකුත් දාලා. ඇතා මේ කෙණෙහිලි ඉවසනවා පුදුමයි. (ස)
සරසි Wednesday, 26 November 2014 10:01 AM
මොකද මේ මේ දවස් වල හතර වටින්ම අලි කුලප්පු වෙලා ගම් නගර මැද්දට වදින්නේ ? (ස)
ගජබා Wednesday, 26 November 2014 10:11 AM
අර පලවෙනි පින්තුරේ ටෙලිෆෝන් කරන කෙනා කතා කරන්නේ නැට්ට කොටා එක්කද (දී)
අරවින්ද Wednesday, 26 November 2014 10:21 AM
ඔක්කොම අලි කුලප්පු වෙලා වගේ. (හේ)
රජින්ද Wednesday, 26 November 2014 10:38 AM
මිනිසාගේ භුමි තන්හාව නිසා වැනසෙන අහිංසක සත්වයින්ගේ වනපෙත් දෙස ඇස හැර නොබලන මේ රටේ පවතින හා පැවති දේශපාලනය මේ සියල්ලටම ඍජුවම වගකිව යුතුය. හෙට අනිද්දාට විල්පත්තුවෙන්ද මෙවැනි සිදුවීම් ඇසෙනු ඇත. මේ රට යන්නේ ආපසු හැරවිය නොහැකි දරුණු පාරිසරික ව්‍යසනයක් කරයි.(හේ)
ලලනි Wednesday, 26 November 2014 11:12 AM
මේ සතාගේ දල දෙක කොයි තරම් වටිනවද (දී)
කලන Wednesday, 26 November 2014 11:12 AM
අහිංසක සත්තුන්ට මොකද මේ වෙන්නේ (දී)
ලක්මාල් Wednesday, 26 November 2014 11:12 AM
මේ සතාව මරන්නේ නැතුව ඕන දෙයක් (දී)
ලක්ෂ්මන් Wednesday, 26 November 2014 11:14 AM
සිරි කොතට එන ගමන් වෙන්න ඇති. පොදු අපේක්ෂකයාට මනාපේ දෙන්න. එන්න අරින්න. (නදී)
පිටිගල මිලානෝ Wednesday, 26 November 2014 11:30 AM
මේ ඇත් රාජයාව නිර්වින්දනය කරලා අල්ලාගෙන පන්සලකට බාර දෙන්න. (නදී)
පිටබැද්දර ජයා Wednesday, 26 November 2014 11:44 AM
නීතිය වල් වැදුන රටේ කැලේ සත්තු එලියට එන එකත් අහන්න දෙයක්ද ? (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 26 November 2014 12:28 PM
මේ ඇතා මෙහෙම නටන එකත් අහවලා අසුභ ලකුණක් කියලා හිතලා සාස්තර කාරයන්ගෙන් විමසා මැතිවරණය කල්දායිද? (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 26 November 2014 12:46 PM
ලංකාවේ මිනිස්සු ඇතාට ඇත් රජා කියනවා, නයාට නාග රාජයා කියනවා එතකොට ලංකාවේ බලු රජාලත් ඉන්නවද? (ස)
ලතිකා Thursday, 27 November 2014 01:48 AM
මේක පත්තරේ දැම්මා කියන්නේ ඇතාගෙ දළ දෙකට බුදු සරණයි. (නදී)
සවි Thursday, 27 November 2014 02:34 AM
මේ අපේ සම්පතක් වෙන සතෙක්. අපේම වැරදි නිසා උන් මෙහෙම එන්නේ. (ස)
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 02:06 PM
නැට්ට කොටාට බුදුසරණයි! අපේ ගොයියන්ගෙන් බේරිලා කොහේ හරි නොපෙනෙන ලෝකෙක ජිවත් වුනොත්! (අ)