IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිට්ටඹුව පොලිසිය වැඩක් හරියට කරන්න යයි

නිට්ටඹුවේ මත්කුඩු හා කසිප්පු ජාවාරම වැටලීමට පෙර පොලිසිය අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු කැඳවා ඒ සඳහා ඔවුන්ගේ සහාය පැතීය.

සැකකරුවන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත්, පොලිසිය පැත්තෙන් රාජකාරිය හරියට ඉටුවේදැයි සොයා බලන ලෙසත් මූලස්ථාන පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා ප්‍රාදේශීය සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හා විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (30)

නිට්ටඹුව පොලිසිය වැඩක් හරියට කරන්න යයි

සරත් Friday, 11 October 2013 05:34 AM

දැන් තියෙන්නේ පොලිස්පතිතුමාටත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලීමයි (අ)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 06:05 AM

ඔය මොනවා කතා කළත් අර හොරු ටික ඉන්නකම් රට දුරාචාරයෙන් මුදවා ගන්න බැහැ. ඉතින් මං කොහොමද ඔහොම යමු කියන්නේ? (නි)

:       0       0

ලලිත් Friday, 11 October 2013 06:14 AM

අනේ බුදු මහත්තයෝ, ඉස්සර නම් බලපෑම් කළේ ඇමැතිවරු, මන්ත්‍රීවරු විතරයි. ඒ වුණත් දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාටත් වඳින්න වෙලා. (නි)

:       0       0

දුමින්ද Friday, 11 October 2013 06:44 AM

වැඩේ හරියට කළොත් අපි බොහෝ රටවලට ආදර්ශයක් වේවි. පාතාලයක් නැති,හොරමැරකම් නැති රටක් ආශ්චර්යයක් නොවේද? (නි)

:       0       0

සුමනා Thursday, 10 October 2013 06:46 PM

පොලිසියට කෙලින් වැඩ කරන්න නොහැකි දේශපාලකයින් නිසා බව කවුරුත් දන්නවා. (නි)

:       0       0

අකිල සමීර Sunday, 13 October 2013 07:59 AM

කාලෝචිත වැඩක්. හැබැයි මේ වැඩේට උදව් කරන්නේ නැති පොලිසියේම නිලධාරීන් ගැන ස්ථානාධිපති සෙවිල්ලෙන් ඉන්න ඕනෑ (නි)

:       0       0

චාමි Friday, 11 October 2013 07:23 AM

අපි නොදන්නා පොලිසිය.මෙහෙ කෙනෙක් කසිප්පු විකුණනවා කඩ කාමරයක ප්‍රසිද්ධියේ.... වගකීමෙන් කියන්නේ. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 11 October 2013 08:03 AM

පොලීසිය මොකටද එක එක්කෙනාට කිය කියා ඉන්නේ? අධිකරණ තියෙන්නේ ඒවට තමයි. (නි)

:       0       0

චාන් Thursday, 10 October 2013 07:15 PM

මෙයට පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාත් අයත් විය යුතුමය. නොඑසේ නම් කාර්යය සාර්ථක නොවේ (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Friday, 11 October 2013 08:31 AM

කොහොමටත් එහෙම සහය ගන්න හිතපු එක හොඳ දෙයක් (නි)

:       0       0

තෙන්නකෝන් Friday, 11 October 2013 08:41 AM

ඇත්තටම මේකෙන් කියන්නේ දේශපාළුවන් නිසා රටේ නිතිය ක්‍රියාත්මක කරන්න නොහැකි බව ද ?? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 10 October 2013 03:13 PM

කාලොචිත වැඩක් .. .අපෙන් සුබ පැතුම් .... (ත)

:       0       0

කමල් Thursday, 10 October 2013 03:14 PM

පොලීසියට නියෝග දෙන්නේ මේ අයද පොලිස්පතිද? (ත)

:       0       0

උපාලි Thursday, 10 October 2013 03:19 PM

හොඳ පියවරක්. සැකකරුවන් සම්බන්ධයෙන් බලපෑම් කලොත් ඒ මන්ත්‍රීවරුන්ගේ නම් පොලිසිය ඉස්සරහ දැන්වීම් පුවරුවෙත් දානවා කියන්න. (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 10 October 2013 08:06 PM

සහය වෙයි, සහය වෙයි... ඒවා කරන අයගෙන් ඒවා අල්ලන්න සහය ලැබෙයිද? (නි)

:       0       0

රුවන් Thursday, 10 October 2013 03:21 PM

හොඳ බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ. මේ දේ හරියාකාරව කිරීමට ශක්තිය ලැබේවා.කසිප්පු කුඩු උවදුර මුලුලොවෙන්ම තුරන්වෙනවානම් හොදයි (දිල්)

:       0       0

රුවන් Thursday, 10 October 2013 03:21 PM

හොඳ බුද්ධිමත් වැඩක් කරලා තිබෙන්නේ. මේ දේ හරියාකාරව කිරීමට ශක්තිය, ‍ධෛර්යය ලැබේවා! කසිප්පු,කෙසේවෙතත් කුඩු උවදුර මුලු ලොවෙන්ම තුරන් වෙනවා නම්?? (නි)

:       0       0

පාල Thursday, 10 October 2013 03:23 PM

ප්‍රදීප් මහත්තයෝ, හොඳ වැඩක්. හොඳ පියවරක්. මොකද? බොන අයත් දන්නවා ඕක හොඳ නැහැ කියලා එයාලා බිව්වට. (නි)

:       0       0

රන්ජිනී Thursday, 10 October 2013 03:32 PM

හොද දෙයක් ප්‍රදීප් මහතාත් පරිස්සමට (ත)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 10 October 2013 03:41 PM

පොලිසිය දන්නවා එහෙනම් මන්ත්‍රීවරුත් මේවාට සම්බන්ද බව..ඒකියි කලින්ම කිව්වේ..(නදී)

:       0       0

පද්මිණි Thursday, 10 October 2013 09:13 PM

අන්න හරි, ඉන්ස්පෙක්ටර් මහත්තයෝ.. උරාගෙ මාළු උරාගෙ පිටේම තියල කපන්න. (අ)

:       0       0

දැදිගම Thursday, 10 October 2013 04:20 PM

ප්‍රාදේශිය සභාව යටතේද පොලිසිය තියෙන්නේ?ප්‍රශ්නයක් තිබෙනවා නම් ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලයි මම නම් යෝජනා කරන්නේ. (නි)

:       0       0

වසන්ති Thursday, 10 October 2013 04:22 PM

ඉතා හොඳ අදහසක්, සියලුම දුෂණ මේ ප්‍රදේශයෙන් ඉවත් කර දෙන්න. ඔබ තුමන්ලාට ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. ලොක්කෝ සොක්කෝ සේරම අල්ලන්ඩ.(දිල්)

:       0       0

ලංකා Friday, 11 October 2013 12:20 AM

හොද වැඩක් වගෙයි. හැබැයි හොරාගේ අම්මාගෙන් පේන අහන්න එපා. එකපාරක් කිව්වාම ඇති. අහන්නේ නැත්තම් හරි බලපෑම් කරනවා නම් හරි දෙවනි පාර කියන්න එපා, වැඩේ ඉවර කරලාම දාන්න (අ)

:       0       0

උපුල් Friday, 11 October 2013 11:55 AM

ඒ අයගේ සහයෝගය අවංකව ලැබෙනවා කියන්නේ වැටලීමට දෙයක් නැහැ කියන එක නේද? (ස)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 04:55 PM

අපොයි ඔව්. නොපිරිහෙලා සහය වෙයි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 11 October 2013 12:06 PM

තව එකක් කියන්න තිබෙනවා. නරකද ප්‍රාදේශීය සබා වලට පොලිස් බලතල දුන්නොත්, එතකොට පොලිසියට නිකම්ම ඉන්න පුළුවන්. (ස)

:       0       0

පද්මිණි Thursday, 10 October 2013 05:10 PM

ඔය වහෙන්ඔරෝ කිව්වේ ඉතින් මේවට වගකිවයුත්තෝ ගැන නේ. පොලිසියට සියලු ජනතාවගේ ආශීර්වාදය ලැබෙනවා. කැලණිය පැත්තටත් ඔහොම පියවරක් ගන්න කොහැකි වෙයිද? (නි)

:       0       0

දර්ශන් Thursday, 10 October 2013 05:33 PM

කැලණිය ප්‍රදේශයේ මෙවැනි වැඩපිළිවෙලක් පොලිස්පතිතුමා අරඹන බව විශ්වාසයි. ජනතා සහයෝගය ලැබේවා! (නි)

:       0       0

රාජපක්ෂ Monday, 12 December 2022 10:44 PM

දැන් ගම්වල පොඩි ළමයගේ පටන් කුඩු, ගංජා අරක්කුවලට පුරුදු වෙලා ඉවරයි. සෑම ගමකම සවස 6 00ට කොටා පාරේ හන්දියේ කොල්ලෝ කුරුට්ටෝ පිරිලා කුඩුගහලා අම්මා කෙනෙක්ට නංගි කෙනෙක්ට අක්කා කෙනෙක්ට පාරේ බැහැලා යන්න සුදුසු පරිසරයක්‌ නිර්මාණය වෙලා නැහැ. ඔවුන් කුඩු ගහලා ඉන්නකොට අම්මා සහෝදරි යන බවත් අඳුනන්නේ නැහැ. ඒ නිසා මේ ගම්වල තියන මේ ජහ ජරාවල් නැතිකරලා දාන්න ඔබලාට ඔබලාගේ රාජකාරියට වඩා හැදූ දෙමාපියන්ටත් ජාතිජාතිත් පින් සිදුවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 445 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 476 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10521 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3078 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3855 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6143 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19496 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site