(අචාර්ය එස්.ඩබ්ලිව්. හිරන්ත ලන්ඩන් නුවර සිට ) - ශ්‍රී ලංකාවෙන් වැඩම කරවූ සමාධි බුදු පිළිම ලන්ඩන් නුවර නොටින්ග්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ දී නිරාවරණය කෙරිණි. එම ප‍්‍රදේශයේ වාසය කරන ශ‍්‍රී ලාංකික බෞද්ධයෝද අබෞද්ධයෝද ඊට එක්වුහ. දැනට මහා බි‍්‍රතානයේ බෞද්ධ විහාරස්ථානයක වැඩ සිටින විශාලම සමාධි බුදු පිළිම වහන්සේ ලෙස මෙම පිළිමය සැලකේ. විහාරාධිපති තල්දෙනියයේ අමිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් යටතේ ලොබ්රෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මුදිත කරුණාරත්න සහ ග්ලෝස්ටර් හි වෛද්‍ය ඉන්ද්‍රජිත් කරුණාරත්න යන මහත්වරුන් ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මාලබේ තලාහෙනේ මුර්ති ශිල්පී නිශාන්ත රුක්මල් හෙට්ටිආරච්චි විසින් මෙම දර්ශනීය සමාධි බුදු පිළිම වහන්සේ නෙළිය. බර්මින්ග්හැම් හි තෙවන බෞද්ධ විහාරයේ කැප්පිටියාගොඩ ගුණවංස නායක හිමි සහ මාපලගම සෝරත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. අභිනව පිළිම වහන්සේ උදෙසා සවස මල් පහන් සහිත ගිලන් පස බුද්ධ පුජාව පිරිනැමීමෙන් පසුව පොසොන් පොහොය දිනයේ වැදගත් කම පිලිබදව කෙටි අනුශාසනාවකින් අනතුරුව ශ‍්‍රී ලංකා වාසි ජනතාවටත් රටටත් සෙත් පතා පිරිත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව පොහෝ දින වැඩසටහන නිමවිණි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොටින්ග්හැම් පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක්