IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නටනටා මරුවා සමග යයි

ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට හා ඉතාලි ජාතිකයන් හය දෙනකුට දකුණු කොරියාවේ බුසාන් නගරයේදී මරු කැඳවූ ගින්න හටගෙන ඇත්තේ එම පිරිස කැරොකේ සමාජ ශාලාවක මත්පැන් බොමින් නටමින් හා ගයමින් සිටියදී බව දකුණු කොරියා පොලිසිය කියයි. විෂ වායු ආඝ‍්‍රහණය කිරීමෙන් ඔවුන් මරුමුවට පත්වූහ. තෙවැනි මහලේ හටගත් ගින්නත් සමග එහි සිටි අයට හදිසි දොරටු සොයා ගැනීමේ අපහසුව නිසා ඔවුහු මේ ඉරණමට පත්වූහ. විසිපස් දෙනෙක් පමණ තුවාල ලැබූහ. ගිනි භටයෝ සිය දෙනෙක් ට‍්‍රක් 20කින් පැමිණ ගින්නට කොටුවී සිටි  35 දෙනෙක් බේරා ගනු ලැබූහ. ඒ වනවිට ඔවුන්ගෙන් ඇතැමෙක් වහළයට නැඟ සිටියහ. ගින්නට හේතුව නොදන්නා නමුත් විදුලි කාන්දුවක් ඊට මුල් වන්නට ඇතැයි කියති.



අදහස් (0)

නටනටා මරුවා සමග යයි

ශ්‍රීලාල් Tuesday, 08 May 2012 02:57 AM

හදිසි අනතුරු නිසා අද කී දාහක් දෙනා අනතුරට පත් වෙනවද?

:       0       0

මෝරා Tuesday, 08 May 2012 07:20 AM

මොවුන් සිටියේ සිංදු කාමරයක.ඒවාට විදේශිකයින් සහ කොරියන් ජාතිකයින් පවුල් පිටින් යනවා

:       0       0

චානක Sunday, 13 May 2012 12:59 AM

මානසික ආතතිය නැති කරගන්න බොනවා කියන අදහසනම් හොඳ දෙයක් නෙවෙයි. එහෙමනම් හැම ඉස්කෝලයක් ඇතුලෙම බාර් එකක් දාන්න ඕනෙ දැන් තියන අච්චාරු විෂය නිර්දේශ එක්ක අපිට තියන පීඩනය නැතිකරගන්න.

:       0       0

ටී.එස්. Tuesday, 08 May 2012 08:44 AM

කැරොකේ සමාජ ශාලවක මත්පැන් බොමින් නටමින් ප්‍රීති වුනා කිව්ව ගමන් කට්ටිය කුලප්පු වෙනවා. අද නිදහස තියන ඕනෙම රටක මිනිස්සු වැඩකිරීමෙන් ඇතිවන ආතතිය නැතිකරගන්න, සතුටුදායක අවස්ථා සමරන්න, යාලුවොත් එක්ක විනෝද වෙන්න මත්පැන් බොනවා, නටනවා, ගයනවා. මේක ලංකාවෙත් වෙන්නේ නැද්ද? කැරෝකේ ශාලවක හිටියා කියල මේ අය නරක වැඩ වලට එතනට ගියේ කියල උපකල්පනය කරන එක වැරදියි. මමම් දන්න තරමින් එයාල ගිහින් තියෙන්නේ වැඩ කරන තැන සාදයකට..

:       0       0

පැට්රික් Tuesday, 08 May 2012 09:43 AM

සමාජ ශාලාව මොන වගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්

:       0       0

නිශාන්ත Monday, 07 May 2012 11:24 AM

කොරියාව වාගෙ රටවල නිදහස වැඩියි.ගණිකා ඇසුර,මත්පැන්,සමාජ ශාලා,කැරොකේ ඔය හැමදේම තමන්ට ඕනෙ විදියට විඳින්න පුලුවන්.කොරියා ජාතිකයින් සීමිත පිරිසක් මෙව්වට ඇබ්බැහි වෙලා හිටියත් ලංකාව,වියට්නාම්,පිලිපීන්,බංගලාදේශ් වාගෙ රටවලින් යන අයට මේව එච්චර හුරු නැති නිසා ගිය ගමන් එව්වට පුරුදු වෙනවා.පස්සෙ තමන් ආපු කාරණාවත් අමතක කරල දාල විනෝද වෙන එක තමා ගොඩක් දෙනා කරන්නේ.අනිත් අයවත් මේව ආදර්ශෙට අරගෙන තමන් එහේ දුක් විඳගෙන ගෙවන ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවනම් ලොකු දෙයක්. මිය ගිය සොයුරන් තිදෙනාටම නිවන් සුව.!!!!!!

:       0       0

සමන් - මෙල්බන් Wednesday, 09 May 2012 02:02 PM

කොල්ලො ඔහොම තමයි. ටිකක් විනෝද වුණාම මොකද? තරුණ කාලෙ ඔහොම තමයි. ඒත් වෙච්ච දේ ගැන දුකයි. මේ කොල්ලො මහන්සිවෙලා එවන සල්ලි වලින් තමයි ලංකාව දුවන්නේ. මිය ගිය දහෝදරයන්ට නිවන් සුව.

:       0       0

දේවා Monday, 07 May 2012 12:26 PM

සංසා‍රේ හැටි ඔහොම තමයි

:       0       0

අලිබබා Monday, 07 May 2012 01:41 PM

අද බොදෙනෙකු විදේශ රටවලට යන්නේ විනෝදයට නොව ලංකාවේ පවතින දරිද්‍රතාවය මෙන්ම රැකියා විරහිත බාවය ඉවසීමට නොහැකි නිසා බව අප හොදින් තේරැමිගත යුතුය. නමුත් අපේ ලාංකිකයන් සමහරක් ගුවන්තොටුපලින් ‍විදේශරටකට පාතැබු මොහොතේ පටන් තමන් පැමිණි කාර්යය අමතක කොට වෙනත් ක්‍රියාවන් සදහා යොමුවිම මෙවැනි දේවල‍ට හේතුවයි යන්න මගේ අදහසයි.

:       0       0

ඩී.සිල්වා Monday, 07 May 2012 02:39 PM

අවාසනාවන්ත සිදුවීමකි

:       0       0

වසන්ත ගාල්ල Monday, 14 May 2012 11:08 AM

හදීසි අනතුරු වෙන්නේ තැන නොතැන බලල නොවී නේ , කාටවත් බැනල වැඩක් නැහැ. පන්සලේ,පල්ලියේ,කෝවිලේ හිටියත්. හදීසි අනතුරු වලක් වන්නට බැ. මේක හරියට අපේ අය සමාජ ශාලාවට ගියනිසා සිද්දවුනා වගේනේ කතාව

:       0       0

ප්‍රභාත් Tuesday, 08 May 2012 03:21 PM

ගොඩක් කොරියන් පැක්ටරි වල මාසේ අන්තිමට මේ වගේ පාටි තියෙනවා. මේ අහිංසකයින් විනෝද වෙන්න ගියා කියලා හිතන්න එපා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 10 May 2012 07:22 PM

අපේ රට පෙරදිග බෞද්ධ රටක්. දැඩි සංස්කෘතික ආධිපත්‍ය හා සමාජමය තහංචි නිසා අපහසුවෙන් හැඟිම් හිරකරගෙන හිටියට මීට වඩා වෙනස් සංස්කෘතික වටාපිටාවකට පය තැබූ මොහොතේ පටන් හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි නිදහසක්.මේ නිදහසට ගැහැණු පිරිමි භේද නැහැ.විශේෂයෙන් විනෝදවීමට නිදහස ස්වභාවයෙන්ම තිබෙන එවැනි රටවල උපන් අයට වඩා සංස්කෘතික ආධිපත්‍යයට හිරවී සිටින ලංකාව වගේ රටක ඉඳල එහෙ ගිය කෙනෙකුට එහි පවතින නිදහස දැනෙනවත් වැඩියි. මෙහි ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන නිදහස භුක්ති විඳින ක්‍රමය මතයි. පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන රටක් හැටියට බෞද්ධ සමාජ ධර්ම පවතින රටක් වන ලංකාවේ තරුණ පරපුරට නොමැති නිදහසක් එබඳු රටවල තරුණ බාල මහළු කාටත් උරුමයි. නිදහස භූක්ති වින්දට එය තමන්ගේ බුද්ධිය හා හැඟීම් අතර මනා සමබරතාවක් ඔස්සේ සිදු වන්නේ නම් මෙබඳු අතිශය දුක්මුසු අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසා අකාලයේ මෙරටට අහිමිවන තරුණ ජීවිත ආරක්ෂා කරගත හැකිබව මගේ හැඟිමයි

:       0       0

සේනානායක Monday, 07 May 2012 08:14 PM

නැව ගිලුනත් බෑන් චූන්

:       0       0

ධම්මක Tuesday, 08 May 2012 07:55 PM

මුළු දවසෙම මැෂින් වගේ වැඩ කරන අපි ලැබෙන පුංචි විවේකයකදී පොඩ්ඩක් විනෝද වෙනවා තමයි.ඒක දිහා වැරදියට බලන එක වැරදියි

:       0       0

ලලිත් Monday, 07 May 2012 09:07 PM

මේක අනතුරක්.අනතුරු නවත්වන්න කාටද පුළුවන්

:       0       0

ශාන්ත Monday, 07 May 2012 10:16 PM

අලිබබාගේ අදහසට මාත් එකගයි.මාත් විදේශයක සිටින නිසා අත්දැකීම් තියෙනවා

:       0       0

ගිරිගෝරිස් Friday, 11 May 2012 12:57 AM

මේ අයට බැන්නට මොකද කොළඹ සමහර සුපිරි පෙළේ පාසල් වල ළමයිනුත් මේවට යනවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 451 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 106 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 886 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 980 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2765 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1748 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25368 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23406 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site