ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයකු අගෝස්තුවේ පැවැති උසස් පෙළ විභාගයට මුහුණ දුන් අයකු බවත්, ඔහු පසුගිය දිනෙක උසස් පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී ඇති බවත්, එම සිසුවා නාට්‍ය සඳහා කඩුවක් යොදා ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රායෝගික පරීක්ෂණයට යොදා ගත් කඩුව එහි හිමිකරුට බාර දීම සඳහා සිය නැටුම් ගුරුවරයාද සමග යද්දී ආවා කල්ලියේයැයි සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි පවසයි.
ඔවුන් ආවා යැයි මුලින් කී නිසා යළි නිදහස් කිරීමේ ගැටළුවක් මතු වී ඇතැයි ද, එම දෙදෙනා ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද පොලිස් ආරංචි කියයි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැටුම් ගුරුවරයයි ගෝලයයි අත්අඩංගුවට
ජනහිත Monday, 31 October 2016 05:58 PM
මේ වගේ නාට්‍ය ඉස්සරහට තව ඒවි. හොඳ රඟපෑමක් නිසා සම්මාන උළෙල පවත්වනතෙක් අපි විනෝද වෙමු. ඊටපස්සේ කට අැරගෙන ඉඳිමු. කඩු ගත්තත් අයිතිකාරයා නොවෙයි නිසා ප්‍රශ්නයක් නැහැ. සොයන්න ඒක යුද්ධයට නැති කඩුවක්ද කියලත් (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 31 October 2016 10:16 PM
කැත්තක් අරගෙන වත්තට යනකොට කොස්සෙක් දුව එනවා... පුංචි කොල්ලෝ කඩු ගත්තම හිරේ දමනවා... කියලා රබන් පදයක් නැටුම් ගුරුවරයාට කිවහැකිනේ. මේ වගේ වැඩ හින්දා තමයි එදත් ප්‍රභාකරන්ලා ඇති වුණේ. හෙටත් ප්‍රභාකරන් කෙනෙක් ඇතිවෙන්න පාර හදන්න එපා (නි)
අබය Monday, 31 October 2016 10:47 PM
ඕවා කියන්නේ පොලිසිය රවටන්නද? ජනතාව රවටන්නද? (නි)
සාරා Monday, 31 October 2016 10:50 PM
පොලිසිය රැවටුනාට කමක් නැහැ. අපිව රවටන්න එපා (නි)
දයානි Tuesday, 01 November 2016 01:03 AM
මේක වෙන්න බැරි දෙයක්. පොලිසියේ ඉන්නේ තොත්ත බබාලද? (නි)
ජයාත් Tuesday, 01 November 2016 01:05 AM
මේක හරියන පාටක් නැහැ. කාටත් කියන්න තියෙන්න එන පොට හොඳ නැහැ වගේ. "කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු" කියලයි (නි)
ටිකිරි Tuesday, 01 November 2016 01:08 AM
පොලිසියේ වැරැද්ද (නි)
ජනහිත Tuesday, 01 November 2016 02:03 AM
හදිසියට ඉල්ලාගත්ත කඩුව දෙන්න ගියාම කවුරුත් සෝදිසි කරන්න ඕනෑ නැහැ. මේ කතා අහන අපිට දැන් මොළේ අවුල්වෙලා කියලා ලොකු මහත්තුරු හිතනවා ඇති. මොනවා කරන්නද, එක තැනක වැරදුනාම දිගටම වරදිනවා. සංහිඳියාව. (නි)
සජීව Tuesday, 01 November 2016 02:20 AM
අපිට කොටදෙනියාව මතක්වුණා (නි)
ලකී Tuesday, 01 November 2016 02:52 AM
"යාපනයේ කොල්ලෙක් අත්අඩංගුවට ගන්නවා කියන එක කරන්න අමාරු වැඩක් නොවේ, කරන්න බැරි වැඩක්". මොකද එහෙම වුණොත් සංහිඳියාවට ලොකු අවුලක් වෙනවනේ (නි)
කිත්සිරි Monday, 31 October 2016 10:42 AM
අපේ ගොඩක් අයට තියන මානසිකත්වයක් තමයි කියපු දෙයක් වෙනස්කරන්න තියන අකමැත්ත. වරදක් වුනානම් එය නිවැරදි කරගෙන ඔවුන් නිදහස් කිරීම නේද කළ යුත්තේ. අහිංසකයකු නිකරුනේ වරද කරුවකු කර නැවත ත්‍රස්තවාදය අවුලවන්න එපා. (බ)
ගගන Monday, 31 October 2016 10:51 AM
ඇත්තට ඇයි අනේ අපේ පොලිසියට මේ වගේ චාටර් දේවල් වෙන්නේ? විලි ලැජ්ජාවේ බැරුවා.. (බ)
තුෂාර Monday, 31 October 2016 11:00 AM
කොටදෙනියාවේද මේක වුනේ ? (බ)
නිල්මිණි-ජපානය Monday, 31 October 2016 11:08 AM
අපේ පොලිසිය කළොත් කරන්නේ ඔයවගේ වැඩ තමයි. කලින් ආයුධ පෙන්වන්න ගෙනියපු මිනිස්සු අතරෙත් කොයි තරම් ඔයවගේ අහිංසක මිනිස්සු ඇතිද ? (බ)
දිසානායක Monday, 31 October 2016 11:13 AM
නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට ඉතිරි නොකිරීමට රජයේ වගබලාගත යුතුවේ.(හේ)
නලීන් Monday, 31 October 2016 11:29 AM
මොකක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)
ජයන්ති Monday, 31 October 2016 11:35 AM
ප්‍රායෝගික පුහුණුවට කවුද බොලේ ඇත්ත කඩු පාවිච්චි කොරන්නේ , (හේ)
පිටිගල Monday, 31 October 2016 11:50 AM
සාජන්ට් නල්ලතම්බි නාට්‍යයට එකතු කරන්න හොඳ ජවනිකාවක්.(හේ)
හර්ෂ Monday, 31 October 2016 11:51 AM
මේවගේ කියක්නම් සුරංගනා කතා කියලා පොලිසියේ මහත්තුරු වැරදි කාරයන්ව එලියට දානවද.... නිවරදි කරුවන්ව එල්ලනවද.... (හේ)
දේව් Tuesday, 01 November 2016 05:36 AM
ආවා සොයා ආදරේ (හේ)
ලලිත් Monday, 31 October 2016 12:13 PM
ජාතිවාදය ඇති කරන්නේ පොලිසිය. (බ)
ඉසුරන්දි Monday, 31 October 2016 12:27 PM
අනේ මන්දා බලාගෙන යද්දී මේකත් එක්තරා විදි නාටකයක් වගෙයි. (බ)
ධම්ම Monday, 31 October 2016 01:05 PM
සංහිඳියාව පලුදුවෙයි කියලා ඇත්ත කතාව වහං කරනවා වෙන්නත් පුළුවන්. පොලීසිය එතරම්ම මෝඩ විදියට කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ (බ)
හේමමාලි Monday, 31 October 2016 01:17 PM
නාට්‍ය වලට ඇත්ත කඩු ගේනවද කව්ද පොලිසිය වැරදිය කියන්නේ ඕව යහ පාලනයේ නඩු (බ)
චන්ද්‍රා Tuesday, 01 November 2016 06:55 AM
නාට්‍ය වලටත් ඇත්ත කඩුද යාපනේ ගන්නේ? බලාගෙන හොඳේ. (නි)
සමන් Monday, 31 October 2016 01:46 PM
මේ නිව්ස් එක මෙච්චර දුර දිග යනකන් ගියපු හින්ද මේක වැරදීමක් කියල හිතන්න බෑ. සංහිදියාව කැඩෙයි කියල ‘ආවා‘ කල්ලියේ අය ගියා වගේ (බ)
බෙනට් Monday, 31 October 2016 02:18 PM
අනේ මෙහෙමත් වැඩ.(හේ)
චන්න බුවනක Monday, 31 October 2016 03:43 PM
අර කිව්වත් වගේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (හේ)
උදය Monday, 31 October 2016 03:51 PM
කඩුවක් මොකටද ඒ දේට වුනත්.(හේ)
ප්‍රදීප් Tuesday, 01 November 2016 07:48 AM
ලස්සන සුරංගනා කතාවක් වගෙයි. ඇත්ත යකඩ කඩු වලින් උසස් පෙළට ප්‍රායෝගික වැඩ පෙන්වන්න අවසර දුන්නේ කවුද දන්නේ නැහැ මෙයාලට? (නි)