(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.
මින් වාහන අඩකට ආසන්න සංඛ්‍යාවක් නිසි සේවා සැපයුම් නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇතැයි වාර්තා වේ.
වාහන අමතර කොටස් මිල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇති හෙයින් බොහෝ වාහනවලට අමතර කොටස් යෙදවීම බෙහෙවින් අඩුවී ඇති බවත් වාහනවල පැවැත්ම මේ හේතුවෙන් විශාල ලෙස අඩු වී ඇති බවත් වාහන සේවා සැපයුම්කරුවෝ
පෙන්වා දෙති.
බොහෝ වාහනවල සේවා සැපයුම් කාලය ඉක්මවා ගොස් ඇතත් ඒවා සේවා සඳහා යොමු කිරීම ප්‍රමාද වන තත්වයක් දක්නට ලැබෙන බවද ඔවුහු සඳහන් කරති.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වාහන සඳහා සේවා සැපයීම සහනදායි ආකාරයට කර ගැනීමට වැඩපිළිවෙලක් යොදන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ලංගම ඩිපෝ මේ සඳහා යොදා ගත හැකි බවත් වාහන හිමිකරුවෝ පවසති. මෙය ලංගමට අමතර ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර කොරෝනා හේතුවෙන් රට වසා දැමූ සමයේදී නිසි සේවා නඩත්තුව නොලැබීම නිසා වාහන විශාල ප්‍රමාණයක් ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්වූ බව වාහන අලුත් වැඩියා නියෝජිතයෝ පවසති.
මේ රටේ ධාවනයට එක් කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්නය. ඉන් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ වේ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩ
ravin Sunday, 05 March 2023 01:14 PM
ඉන්ධන ඉල්ලුමේ අඩුවක් තියෙනවා කියලා කවුදෝ උඩුබිරුවා නේද? තවකෙක් නගුට වැනුවා නේද? අපි ඩොලර් අච්චර ඉතුරු කළා. මෙච්චර ඉතුරු කළා... ඔන්න හේතුව...
fairoos Sunday, 05 March 2023 01:46 PM
කොරෝනා නෙවෙයි, නන්දසේන සහ සෙට් එක රටට කරපු වින...
pakeer Sunday, 05 March 2023 08:27 PM
මම දන්න කිසිම වාහනයක් මෙහෙම නැවතිලා නැහැ...!