IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘නාඩන් යකුනේ මං ආයෙත් එනවා‘

බොසා ගෙවල් මාරු කරල යන්ඩ දැන් ෆුල් රෙඩිය. බජාර් එකේ අනිත් බුවාල ටික සාලයේ පුටු උඩ ෆුල් අප්සෙට් එකේය. පොරවල් ටික හොටු හූරමින් වැලපෙයි.

කාමරයේ බඩු පැක් කරමින් සිටි බොසා සින්දුවක් දාගෙනම සාලයට එයි.

පිනිබර යාමේ මං මෙතනින් යනවා

මා වට කරගෙන පොරවල් වැලපෙනවා

සිරාල, ඇම්ඩල රජ ගමනක යනවා

නාඬන් යකුනේ මං ආයිත් එනවා

පුඃ මාර ආතල් සින්දු පාරක්නෙ බොසා එළියට දාන්නේ!

කණ්ණාඩියා කියයි

 ඕකේ ආතල් එකට වඩා මොරාල් එක තමයි ඇඞ්වාන්ස් කණ්ණාඩියාට සෝට්කට් පාරක් දමමින් වාමදේවයා කියයි.

බොසා සාලයට පැමිණෙන ගමන්

මොකද යකුණේ අඬන්නේ. නිකං ගෑණි මැරිල වගේ

බලපල්ලා මේ මමවත් අඬන්නෙ නෑනේ යැයි කීය

ෆුල් භක්ති බොසා! අපේ බජාර් එකේ ලීඩර්ෂිප් එකට බොසා වගේ පොරක් ආයේ නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි. ”මේ දුක, ශෝකේ, ඒ නිසයි බොස්” ජෙල්පියා හොටු පිහදමමින් කියයි.

”බොස්ව නන්නත්තාර කළේ අර යාලපානම් ඩගියයි මරදානේ එල පවුසියයි සෙට් වෙලා තමයි” බොරළුගොඩ වත්තේ ගුණයා තඩි කේලමක් ඇද බෑවේය.

”දැන් ඔක්කොම නස්තාර් වෙලා ඉවරයි. පස්සෙ වෙලාවක අපි සෙට් වෙමු” යයි කී බොසා සූට් කේසයක් රැගෙන ගොස් ලොරියට ගොඩ විය.

බුවාලා සේරම දැන් ලොරිය ළඟය.

එහෙනම් ඔන්න කස්ටියටම ආයිබෝං කිව්ව! අපි කැපුනා

කී බොසා ලොරියෙන් ගමට ගියේය.

ඉස්සර නම් බොසා හැමතැනම ට‍්‍රැවල් කළේ දඬුමොණරයෙන්. දැන් ඉතින් රෝද හතරෙන් තමයි. කණ්ණාඩියා කීවේ ශෝකීවය.

”රෝද හතරේ ට‍්‍රැවලින් එකට මැක්සිමම් මාස 3යි. බොසා රිටන් ගේම දෙයි තිතට” වාමදේවයා කිව්වේ හයි මොරාල් එකෙන්ය.

බොසා ගිය පසු ජෙල්පියා ඇතුළු පොරවල් ටික ආපසු යන්නට කරත්තයට ගොඩ විය.

”මෙදා පාර ෂෝ එකට හොඳට වැඩ කිඩ පෙන්නන්න  ඕන. කොහොම හරි නුගේගොඩ ආපු ජනම්ස්ලව බීට් කරන්න ජනම්ස්ලමගෙන් පුරවන්න  ඕනේ. අරුන්ගේ බජාර් එකේ හෙඞ් බුවාලා දෙක තුනක්ම කොක්ක දාගත්තොත් නියමයි. ඔන්න අපේ පොරවල්වලට චැලේන්ජ් එක. හරිද වාමදේවයා” ජෙල්පියා ඇසුවේ ගෙදර යන ගමන්ය.

‘‘බණ ටෝකින්! මේ වාමදේවයගෙ ඉඟ නිකට සුදු වුණේ ගේම්වලටම තමයි. අපි ඬේ ඇන්ඞ් නයිට් ගේම් දීපු පොරවල් අරිද? මම  ඕන ගේමකට එවරෙඩි” වාමදේවයා කීවේ උජාරුවෙන්ය.

වාමදේවයාගේ ඔස්කාර් ටෝක් එකට නප්පියට තද වුණු කණ්ණාඩියා ජෙල්පියාගේ කණට ළංකර රහසින් කිව්වේ මුං ගේම් දීල වින් කරපු එක ගේමක් පෙන්නුවොත් දිව කපා ගන්නා බවය.

”කණ්ණාඩියා වාමයට නස්පුක් ටෝක්ස් දාන්න එපා.  ඕකට තද වෙනවා. මළ පැන්නොත් ඉතින් වර්චස්ම තමයි.  ඕකගෙ ගේම් එක බ්ලාස්ට් වෙලා අනාථ වෙලා ඉන්න කොට තමයි බොසාට සෙට් වෙලා පොරක් උනේ. ඒකනේ  ඕකා ඌට වඩා වයසින් වැඩිවුණත් බොසාට දෙකට තුනට නැමිලා වැන්දේ. අපේ ගේම වැඩ කරලා බොසාව කෙලින් කරගත්තොත්  ඕකා අපි දෙන්නටත් වඳිනවා. ඌට යන්ඩ තැනක් නැති නිසා තමයි අපිට සෙට්වෙලා ඉන්නේ. ඒක නිසා සද්දෙ වහල හිටපන්” ජෙල්පියා කණ්ණාඩියාට දුන්නේ ෆුල්සයිස් අවවාදයක්ය.

කරත්තය දැන් ජෙල්පියාගේ ගෙදරය. බුවාල සේරම කරත්තයෙන් බැස සෙට් වුණේ ජෙල්පියාගේ ඉස්තෝප්පුවේය.

ලොක්ක මේ පාර ෂෝ එකට නුවරට දැම්මෙ ඇයි? ජනමස්ලව අදින්නත් බැ. සම්තිං එකක් නෑනේ? කණ්ණාඩියාට ප‍්‍රශ්නයකි.

”උඹලට මීටර් වෙලා නැද්ද නුවර හිටපු අපේ ශ්‍රී වික‍්‍රම රාජසිංහ මහබුවා ගැන. පොර නුවර රාජබුවාලගෙ සෙට් එකේ ලාස්ට් මෑන්. ඒ කාලේ රාජසිංහ බුව ළඟම හිටපු අර නසරානියො ටිකක් රාජසිංහ බුවාව ශුද්ධන්ට මාට්ටු කරල දීලා ඇතුළටම යැව්වා. දැන් සෙන්චරි දෙකකට ඉස්සර මාර්තු මාසේ තමයි  ඕක වුණේ.

ඔය රාජසිංහ බුවාගේ ෆුල් ස්ටෝරි එක අපේ බොසාට ජොයින්ට් කරල ස්ටෝරියක් හදල ජනම්ස්ලගෙ බ්‍රේන් එකට දැම්මම ජනම්ස්ලගෙ ඇඟේ මයිල් ස්මයිල් වෙලා යනවා.

දැන් මේ හැමඑකම චිත‍්‍රපටි කාරයොයි නාට්‍ය කාරයොයි උනුත්, පස්සෙන් දුවන්නේ මේ රජ බුවාලගෙ ස්ටෝරිය පස්සෙන්නේ. මේ දවස්වල නැගලම යන සබ්ජෙක්ට් එක තමයි මම පලෝ කළේ” ජෙල්පියා පත හෑල්ලක් ඇද බෑවේය. බොරලූගොඩ වත්තේ ගුණයයි වාමදේවයයි දකුණු අතේ මාපට ඇඟිල්ල විතරක් කෙලින් කර පෙන්නා ජෙල්පියාගේ ටෝක් එක කන්ෆර්ම් කළේය.

අම්මටසිරි ලොක්කගෙ බ්‍රේන් එකට ගහන්න බ්‍රේන් එකක් මේ බජාර් එක ඔය රජබුවාලගෙ ස්ටෝරිය බොසාට ජොයින්ට් කරල ලොක්ක වැඩකිඩ දාල දෙනකොට ඉන්න ජනම්ස්ලාගෙන් චූන් වෙච්ච මෑන්ස් කෙනෙක් බොසා වෙනුවෙන් ජීවිතය පූජා කරනවා කියලා කරුමෙට හරි ගිනි තියාගත්ත නම් කාටද ආඩම්බර. එහෙනම් ඉතින් අපි ගොඬේ ගොඩ තමයි. අම්මප දෙන්න හිතෙනවා උම්ම එකක් යයි කියමින් කණ්ණාඩියා ජෙල්පියාව බදාගත්තේ පුල් හැපි එකෙන්ය.

”නුවරින් පස්සේ අනුරාධපුරයෙ එහෙ තමයි ඉන්නෙ හොඳම රජ බුවාලා ටික මං දෙන්නම් කො ගේම එහේදී” ජෙල්පියා කියාගෙන ගියේය.

ලොක්කා මාර ජල්බරි ප‍්‍රශ්නයක් තියෙනවා. අරුන්ගෙ ආප්ප කඬේ නිසා උන්ගෙ එක බුවෙක් වත් උස්සන්න බෑ. අපිත් ආප්ප කඩයක් දාමුද? කණ්ණාඩියා ජෙල්පියාට යෝජනාවක් ගෙනාවේය. ආප්ප කඩයක් දානව කියන්නෙ නතිං, අපි ”කළු කෝපි ස්පොට්” කියලා කඩයක් දාමු. ජෙල්පියා කීය. ඔය තියෙන්නෙ! ලොක්කටත් එන්නෙ මාර ජල්තරස් අයිඩියා. කණ්ණාඩියා කීවේ හැපි මූඞ් එකෙන්ය.

”කළු කෝපි ස්පෝට්” එක දැන් රන් එක පටන් ගෙනය. මැනේජරයා කණ්ණාඩියයි. ආප්ප බජාර් එකේ බුවාලා දැන් ”කළුකෝපි ස්පොට්” එකට දවස ගානේම පාත්වෙයි. තඩි ප‍්‍රසන්නයයි වෙලේ කුමාරයයි දැන් පැල් බැඳගෙන ඉන්නේ කළුකෝපි ස්පොට් එකේය. තඩි ප‍්‍රසන්නයා අලූත් බුවෙක් ”කළු කෝපි ස්පොට්’’ එකට දක්කගෙන ආවේය.

කකුලෙ සෙරෙප්පුවක් වත් නැති මේ බුවා කව්ද? කණ්ණාඩියා ඇසීය.

මේ තමයි රයිගමයා. අපේ බොසාට ෆුල් භක්ති! පොරත් අපි වගේ තමයි. ගේම නම් ගේම. තඩි ප‍්‍රසන්නයා රයිගමයාව කණ්ණාඩියාට හඳුන්වා දුන්නේය.

කළුකෝපි ස්පොට් එක දැන් නැගලා යනවාය. ඒකට යන එන බුවාලගෙන් කණ්ණාඩියා අහන්නෙම බොසාගෙ නුවර ගේමට එන්ටර් ද කියලමයි.

කණ්ණාඩියා මේ දුන්නේ ඉන්ටලිජන්ස් පාරක් කියලා බුවාල කිසිවෙක් නොදනී. කණ්ණාඩියා මේ ඉන්ටලිජන්ස් සේරම ජෙල්පියාට දෙයි.

”මගේ මීටරයට අහුවෙන විදියට නුගේගොඩට වඩා නුවර ෂෝ එක නැගලා යයි. බුවාලා ටික සෙට් වෙලා ඉන්නෙ යනවාමයි කියලා” කණ්ණාඩියා ජෙල්පියාට විස්තරය දෙයි.

මීටරය ඔය ගානටම තියා ගනින්? නුවර වැඬේ ඉවර වෙනකන්. ජෙල්පියා ගැප් එකේ කණ්ණාඩියාට කීය.

නුවර ෂෝ එකට දැන් රෙඩිය. ජෙල්පියා කළුකෝපි ස්පොට් එකට බරේ රන් එකක් දෙයි. අරුන් මාර ගුස්පියක් නෙ දාල තියෙන්නෙ! ජෙල්පියා හති දමමින් කියාගෙන යයි.

බදුල්ලේ කොටාබායිලා උන්ගෙ බජාර් එකේ බුවාලට චකබ්ලාස්ට් නෝටිස් එකක් බෙදල. ආප්පද? කළු කෝපිද? කියලා අහල කළුකෝපි කියන වචනය ළඟින් මිනී ඔලූවක් ඇදල බුවාලා ටික තක්බීර් වෙලා. තඩි ප‍්‍රසන්නය දැනටත් මිසින්. ආගිය අතක් නෑ. ජෙල්පියා හතිදමමින් ඇද බායි. තඩි ප‍්‍රසන්නයා මිසින්නම්, වෙලේ කුමාරයයි රයිගමයයි ෂුවර් එකටම පොල්ල තියයි. දැන් ඉතින් එකෙක්වත් එන එකක් නෑ. වාමදේවයා මූණ ඇඹුල් කරගෙන කීවේය.

දැන් ඉතින් බොසාගෙ පිහිට තමයි. බොසා නිකමට ලාවට වගේ හොම්බ දාල ගියා නම් අපි ගොඩ. නැත්නම් මාර ජල්බරියක් වෙන්නේ. බොරළුගොඩ වත්තේ ගුණයා කට ඇරියේ එහෙමය. මම නම් මීටර් වෙන්නෙ බොසා කොහොම හරි මේකට ඔලූව දායි කියලමයි. කණ්ණාඩියා කීවේ පුල් හෝප්ස් තියාගෙනය.

දැන් ”ෂෝ” එක ස්මාට්ය. ජනම්ස්ලා පොරකකා විසිල් පාර දෙයි. ජෙල්පියාගේ වැඬේම ජනම්ස්ලාව චූන් කිරීමය. බොසා  ඕනෑද? එපාද? ජෙල්පියා ජනම්ලාගෙන් අසයි.

 ඕනෑ, ජනම්ස්ලා මහ හඬින් කියයි.

බොසාත් මරු! කණ්ණාඩියා ජෙල්පියාට කණට කර කීවේ බොසා මේ පාරත් ලියුමක් එවා හෙමින් ෂේප් වූ බවය.

බම්බුව තමයි! ජෙල්පියාට ඉබේටම කියැවුණේය. බුවාලා ෂෝ එකට පොල්ල තිබ්බෙ ”ආසයි බයයි” ෂෝ සිස්ටම් එකට බව ජෙල්පියා කීවේ, කරපු ජල්බරි වැඬේ ගැන කල කිරීමෙනි.

එතකොට බොසා මාරු වුණෙත් ආසයි බයයි නිසාද? මේ ප‍්‍රශ්නය අහන්නේ කණ්ණාඩියා ජෙල්පියාගෙනි. ජෙල්පියා ඒ ප‍්‍රශ්නයට නම් ඇත්තටම බ්ලාස්ට් වෙලාය.



අදහස් (0)

‘නාඩන් යකුනේ මං ආයෙත් එනවා‘

ජානකි Tuesday, 10 March 2015 11:11 AM

මොනවද ඔට්ටුව මේකට මහින්ද රාජපක්ෂ එන්නේ නෑ (දිල්)

:       0       0

සොපී Tuesday, 10 March 2015 11:26 AM

දන්න යකා නොදන්න දෙයියට වඩා හොදයිලු ..නේද ?(දිල්)

:       0       0

ඉන්දික Tuesday, 10 March 2015 12:01 PM

රට බේරලා බාරදුන් නිසා වෙන්න ඇති මහින්ද රාජපක්ෂ එක්ක සමහරු මෙච්චර අමනාප. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 10 March 2015 12:05 PM

හරි හරි. අපි බලමුකෝ! (නි)

:       0       0

අබේපාල Thursday, 26 March 2015 04:06 PM

ජයවේවා! (නි)

:       0       0

දිනේෂ් Tuesday, 10 March 2015 01:21 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සිල්වා Tuesday, 10 March 2015 02:52 PM

කිසිම රහක් නැහැ (බ)

:       0       0

ජයසිරි Tuesday, 31 March 2015 06:02 AM

රට බේරලා බාරදුන් නිසා වෙන්න ඇති මහින්ද රාජපක්ෂ එක්ක සමහරු මෙච්චර අමනාප. (ස)

:       0       0

ලහිරු Tuesday, 10 March 2015 04:11 PM

මහින්ද මහත්තයා එනවා. බයවෙන්න එපා. ජය නියතයි (නි)

:       0       0

සංඛ Saturday, 14 March 2015 02:42 AM

ගමරාළේ වැඩේ නම් එලස් ඇහ්! කැමිලස් අයියාව මතක් වෙනවා බං උඹේ ඉස්ටෝරිය කියවද්දි. ජනම්ස්ලාත් පට්ට හැපියෙන් කියවන්නෙ. අමතක නොකර හැම සතියෙම ලියපං. මගෙං විෂිල් එකයි බල්ටියයි අප්පුඩි පහයි මේපාර එකට! (ස)

:       0       0

දකුණේ සිල්වා Wednesday, 11 March 2015 09:33 PM

නියම ලිපියක්නේ....! (නි)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 07:05 AM

බස කන අය- කර රටට වින (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 89 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2271 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 323 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 416 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1642 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1601 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site