පුෂ්පකුමාර ජයරත්න
වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.
මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.
නඩුව විභාගයට ගත් අද (3) එවකට සතොස ගණකාධිකාරී බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.
කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
Shan Monday, 03 September 2018 06:26 AM
මෙන්න මෙහෙමනේ වැඩ වෙන්න ඕන.
wedage Monday, 03 September 2018 06:30 AM
මම හරිම කැමතියි මේ විදියට නඩු දිගටම අහනවට - ජය වේවා.!
Raj Monday, 03 September 2018 06:47 AM
තව කී දෙනෙක් ඉන්නවද ඊට කලින් යවන්න. අමතක කරන්න ඵපා මහ බැංකුව.
සතයපාල Monday, 03 September 2018 06:53 AM
සාමාන්‍ය පෙළ වත් පාස් නැතිව වෙළඳ ඇමැතිකම් කරලා රටට කරපු හරිය හොඳටම ඇති, ඒවට වන්දි ගෙවන්න දැන් ඉතිං යන්න මහ උළු ගෙදරට...
senaMonday, 03 September 2018 08:48 AM
ප්‍රස්නේ තියෙන්නේ 9 පාස් නැතුව වෙළද ඇමති කම කරපු එක විතරක් නෙවෙයි.... 9 පාස් නැති කෙනෙක් වෙළද ඇමති කමට පත් කරපු එක ලොකුම ප්‍රස්නේ තියෙන්නේ එහෙම වැඩ කරපු මිනිස්සුන්ව නැවතත් ඡන්දෙන් පත්වෙන එක.
PerakumMonday, 03 September 2018 10:46 AM
ඉතා පැහැදිලියි. කවුරුවත් නෙවෙයි අපිමයි වැරදිකාරයො. මේ වගේ නොහොබිනා අය ඡන්දෙන් පත්කරගත්ත අපිමයි වැරදිකාරයො. ඒ වැරැද්ද අපි නැවතත් කරන එක තමයි බරපතලම වැරැද්ද.
BamunuarachchiTuesday, 04 September 2018 09:02 AM
මොනවාද මේ කතා අපේ අගමැති වෙලා හිටියේ 8 පාස් කෙනෙක්
Bamunuarachchi Monday, 03 September 2018 06:58 AM
කිසිම විරුද්ධත්වයක් නැත. දඬුවම් කොරන්න.
Mahesh boossa Monday, 03 September 2018 07:22 AM
එතකොට රනී, රවී ඇතුළට දාන්නේ නැද්ද?
bandaMonday, 03 September 2018 09:03 AM
මහත්තයෝ දැන් ඉන්න හොරු අල්ලන්නේ ඊළඟට එන අය නේද?
BamunuarachchiMonday, 03 September 2018 09:30 AM
මේ ගොල්ලන්ට දෙන දඬුවමේ බර අනුව තමයි ඔයකීව හොරුන්ගේ දඬුවම්වල බර දෙගුණවෙලා පොළියත් එක්ක ලැබෙන්නේ. එහෙමයි විය යුත්තේ...
suran Monday, 03 September 2018 07:23 AM
මේ සිද්ධිය දිහා බැලුවම පෙනෙන්නේ නීතිපති හරහා ප්‍රබල දේශපාලන මැදිහත් වීමක් සිදුවී ඇති බවය. මහින්ද පිලේ මුදල් පොම්පාගාරය මොහුය බන්ධනාගාරගත කිරීමෙන් 5 වෙනිදාට තිබෙන විරෝධතාවය වැළැක්වීමේ උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇත. මෙම පුද්ගලයා මහජන මුදල් අවබාවිතා කළ බවට චෝදනා ඇතිබව මුළු රටම දන්නා කාරණයකි. මොහු මෙම චෝදනාවට වැරදි කරුවෙකු ලෙස හැඟෙන නමුත් එය තීරණය කලයුත්තේ ගරු අධිකරණය විසින්ය. තමාගේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයින් මර්ධනය සඳහා පාලකයන් විසින් ගරු අධිකරණය යොදා ගැනීම හෙලා දැකිය යුතුවේ. යහපාලන රජය සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ කලාමෙන් නීතිය අවබාවිතා කිරීමයි. කම්කරුවාට සහ අගමැතිවරයාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වීම සිහිනයක් පමණි.
නිමල් Monday, 03 September 2018 08:39 AM
රෝහල් ගත කරන විට හෝ ඇප දෙන විට , මොකද කියන්නේ? එවිට ශබ්ද නැහැ.
සතයපාලMonday, 03 September 2018 12:43 PM
ඇප දෙනවද නඩුව අවසන් වනතුරු රීමාන්ඩ් බන්ධනාගාර ගතකරනාවාද තීන්දු කරන්නේ අධිකරණය ඉදිරිපත්වන කරුණු අනුවයි. එයට දේශපාලන මැදිහත්වීමක් සිදුවී ඇතැයි පැවසීම අධිකරණයට කළ අපහාසයකි.....
Neil Fernando Monday, 03 September 2018 07:23 AM
අනේ අපේ බැසිල්, වීරවංශ මහත්වරුන්ගේ නඩුත් ඔහොම අහමුකෝ...
Asanka Monday, 03 September 2018 07:25 AM
ඡන්දයක් ලඟ ලඟ එන හැඩයි.. මෙගා නාට්‍යයේ තවත් කොටසක්... හෙට බන්ධනාගාර රෝහලේ... අනිද්දා ඇප..
abaran Monday, 03 September 2018 07:28 AM
කොහොම කරත් ඔය තීන්දුව නෙවෙයිනේ.. අවසානයේදී හැමෝම සතුටින් විසිර ගියා...
එර්දි Monday, 03 September 2018 07:37 AM
හොර පාස්පෝර්ට් කාරයවත් ඔය ගමන්ම තල්ලු කළානම් තනිවටත් එක්ක....
BamunuarachchiMonday, 03 September 2018 09:34 AM
එතකොට හොරපාස්පෝට් කාරයාව බේරාගත් කෙනා ෂේප් ද? මරු නීතිය මරු කතාව
Hafeel Monday, 03 September 2018 07:42 AM
එ්කාබද්ධයේ ජනබල මෙහයුමත් ළඟ. එකාබද්ධයේ ඉන්න අනිකුත් හොරුන්ටත් මේක අනතුරු ඇඟවීමක්...
BamunuarachchiMonday, 03 September 2018 09:39 AM
බැංකු හොරු හොරුන්ට අනුබල දීපු හොරු ලක්ෂගණන් බෙදාගත්ත හොරු ගැන පසුව කතා කරමු නේද? එහෙම හොඳයිද?
HafeelMonday, 03 September 2018 01:22 PM
පසුව නොවේ. ඇයි දැන්ම බැරි? මහ බැංකු පමණක් නොවේ. කට්ටියටම මූල්‍ය අපරාද සම්බන්ධව තියනවනේ චෝදනාවල්. එහෙමනං ඇයි බැරි අර අලුතෙන් පටන්ගත් විශේෂ මහා අධිකරණයේ නඩු පවරන්න බැරි? හොරුන්ට පක්ෂ පාට අවශ්‍ය නැහැ.
BamunuarachchiTuesday, 04 September 2018 11:40 AM
බැරි ඇයි කියලා මගෙන් අහන්න එපා. මමත් ඔබවගේ රටේ පුර වැසියෙක් පමණයි. ජොන්ස්ටන් හොරකමක් කරලා තිබෙනවා නම් දැඩි දඬුවම් දෙන්න. ඒ දඬුවම් දැඩි උන තරමට ඒගොල්ලෝ මේගොල්ලන්ට දෙන දඬුවන් දැඩි වෙනවා එතකොට පුරවැසියෝ හැටියට අපිට චූන්.
rohana Monday, 03 September 2018 07:49 AM
මෙයා කතා කරන්නේ සුදු පිරුවට ඇඳගෙන ඉන්න කෙනෙක් වගේ... ඒ වුණාට කරලා තියෙන්නේ හොරකම්... ඒ වගේම කතා කරන්න දන්නෙත් නැහැ ඒවත් කුණුකතා තමයි..
sirimal Monday, 03 September 2018 08:26 AM
අවුරුදු තුනකට කලින් වෙන්න තිබුණ දේ දැන්නේ සිද්ධ වෙන්නේ. එදා මේවගේ වැඩ සිද්ධ උනානම් අද තියෙන ජන බලය ගොඩ නැඟෙන්නේ නැහැනේ. දැන් හොඳටම පරක්කු වැඩි මගේ හිතේ.
dasum Monday, 03 September 2018 08:28 AM
ගොඩක් හොඳයි.. නාමල්, විමල්, ගම්මන්පිලලා වගේ අනෙක් අය නැත්තේ ඇයි?
rohana kumara mendis Monday, 03 September 2018 08:38 AM
බය වෙන්න එපා අද හවසටම මේ අය අසනීප වෙනවා කෙලින්ම යන්නේ රෝහලට
amila Monday, 03 September 2018 09:04 AM
සදාකාලිකවම නම් මේ අය ඇතුළට දාන්න ඕනේ... කරන්නේම ජරා වැඩමයි. ඉස්කෝලේ ගිහින් නැහැ. නීතියට ස්තුතියි..!!!
BamunuarachchiTuesday, 04 September 2018 09:09 AM
1977න් පස්සේ හොඳවැඩ කරපු අයගේ නම්ටික කියන්නකෝ මේක තෝරා බේරා ගන්න. පස්සේ කරපු හොඳ නරක කතා කරමු
janatha anura Monday, 03 September 2018 10:40 AM
මේ එතකොට අපේ සකල සබ්බයම නැති කොරල මහා බැංකුවම කොල්ල කාපු එකත් අපේ සල්ලි වලින් පිටරටවල හෝටල් හදපු එංගලන්තයේ මාලිගාවල් ගත්තු නොනලගේ ඒවත් මේ වගේම කරනවා නම් අපිට ජයවේවා.!
කරුණාපාල Monday, 03 September 2018 11:00 AM
හාම්පුතාට වූ අකරතැබ්බයට කම්පා වෙන රැල දැක්කාම තනි ඇහැට ඇඬෙනවා දෝරේ..
casmir Monday, 03 September 2018 11:07 AM
ගොඩක් හොද වැඩක් මුන්ව අනිවර්යෙන් හිර කරලා දේපල රජ සන්තක කරන්නද ඕන ..ප්‍රසිද්ධ හොරු ලිස්ට් එක ... ගොඩක් ඉන්නවා , කිසිස්ම මාධ්‍යකට බැරිද මේ මිනිස්සු ගැන හරියට විස්තර හොයල එලියට දන්නා . මොකද දැන් මේ දේශපාලක කාලකන්නි හම්බ කරන්නේ මුන්ගේ දෙවෙනි පරම්පරවටයි.දැන් මුන් මුන්ගේ ළමයින්ගේ ළමයින්ට ලංකාවෙන් පිට දේපල ගන්නවා , ලංකාවෙන් පිට යවල උගන්න්නනවා . බහුතරයගේ වයස දැන් 60 ට වැඩි ..
Bam,unuarachchiMonday, 03 September 2018 12:41 PM
මගේ ළමයිනුත් පිටරට ගෙවල් හදාගෙන තිබෙනවා බොහෝ අයගේ ළමයි පිටරට යවලා උගන්වනවා. මොකද මෙහෙ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ අපේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. පීටරට ගෙවල් ගන්නවාට ඉගෙන ගන්නවාට ඊර්ෂා කොරන්න එපා. පුළුවන් එකාගේ ළමයි අරලියගහ මන්දීරේ කෝටි 4600 දීල මගුල් කනවා. අනේ හලෝ ඒ ගැන මොනවාද කියන්න තිබෙන්නේ? නිකන් සෙල්ලමට වගේ මොනවා හරි කියන්න.
sayimon Monday, 03 September 2018 11:20 AM
දැන්වත් අලුත් දවසකට, නවලොවකට ඉර පායයිද?
Bamunuarachchi Monday, 03 September 2018 11:35 AM
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා ගෙදර ගෙනත් තියා ගත්තත් අපිට කමක් නැත. වැරදිනම් දෙන්න පුළුවන් ඉහලම දඬුවම දෙන්න. ඒ ජොන්සන් එක්ක තිබෙන තරහට නොවෙයි යහ පාලකයින් සමග තිබෙන තරහට. මොකද යහපාලකයින්ට මේක ඩබල් වෙලා පොළිය සමග ලැබෙනවා බලන්න ඕනේ නිසා.
Chanak Los angelesTuesday, 04 September 2018 05:30 AM
පුදුම කඩේ යෑමක්..
suman kalyan Monday, 03 September 2018 12:13 PM
නීතිය සාධාරණ වේගෙන එනවා වගේ දැනෙනවා. එ්ත්, කියන්න බෑ බලමු " නාගානන්ද කොඩිතුවක්කු " මැතිතුමාටත් වැඩ ඉතිරිවේවිද කියලා.. ගරු " මේනකා විජේසුන්දර " මැතිතුමියනි, ඔබතුමියට බොහොම ස්තුතියි.
Bamunuarachchi Monday, 03 September 2018 12:24 PM
කියලා වැඩක් නැහැ... ලියන අදහස් පට ගාලා පලවෙනවා.
Bamunuarachchi Monday, 03 September 2018 12:33 PM
"අවුරුදු තුනකට කලින් වෙන්න තිබුණ දේ දැන්නේ සිද්ධ වෙන්නේ. එදා මේ වගේ වැඩ සිද්ධ උනානම් අද තියෙන ජන බලය ගොඩ නැඟෙන්නේ නැහැනේ. දැන් හොඳටම පරක්කු වැඩි මගේ හිතේ." මෙන්න තවත් හොඳ කතාවක්. එදා මේවගේ වැඩ සිද්ධ උනානම් අද බදු ගහන්නේ නැද්ද? පැට්‍රොල් මිල වැඩිවෙන්නේ නැද්ද,? මහබැංකුව මංකොල්ල කන්නේ නැද්ද? ගෑස්මිල වැඩිවෙන්නේ නැද්ද? කොටින්ම අපිට කෙලවෙන්නේ නැද්ද? හොරු ඇල්ලුවා කියලා රටේ සංවර්ධනයක් ඇතිවෙන්නේ හෝ රැකීරක්ෂා ඇතිවෙන්නේ නැත. රටක් දියුණුවෙන්න ආර්ථිකය ගොඩ නගන්න ඕනේ කෝ මුන් ඒවා කලේ නැහැනේ. කොටි ගණන්වල කාර් ගෙන්න ගත්තා. අපිට බදු ගහල උන්ගේ හා රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළා. දැන් ඔබලාට හොඳයිද?
පිටිගල මිලානෝ Monday, 03 September 2018 12:56 PM
බොහොම හොඳ තීන්දුවක්. බරපතල දඬුවම් දෙන්න.
rocky Monday, 03 September 2018 01:25 PM
පවු අනේ. ජනතාවගේ යහපතට එතනෝල් ටිකක් වත් සප්ලයි කරපු පින්වතාට මෙහෙම කරන එක හරිද මන් අහන්නේ! අපි ගලේබණ්ඩාර කෝවිලේ පොල් ගහමු!
Mohomad Imtiyas Monday, 03 September 2018 04:48 PM
සුමන් කල්යාන් මහත්මයා, නාගානන්ද මත්මයා තවම ව්‍යවස්තාව හදලත් ඉවර නෑ අපටනම් බයවෙන්න දෙයක් නෑ. බයවෙන්ඩ ඕන අය දැන්ම වෙඩිමුර තියාගන්ඩ හදනවා. අපි කලබලයක් නොකර බලාගෙන ඉඳිමු. ඕන වෙලාවට අපි අපෙ යුතුකම හරියට ම කරමු. කල්පනාවෙන්, ඉවසීමෙන් එතෙක් බලාගෙන ඉමු.
parakkrama Monday, 03 September 2018 04:50 PM
ජනපතිවරණ සමයේ සතොස භාණ්ඩවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතයද , නැතිනම් මහා බැංකු කොල්ලය යි කියන සිද්ධියද ප්‍රථමයෙන් සිදුවුණේ ? ? ? ? ?
nihal Thursday, 06 September 2018 06:02 PM
අපට නම් බයවෙන්න දෙයක් නෑ. මෙහෙම කීවේ කොහොමද.