විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ 335 සහ දුරස්ථ පාලක 81 ක් සමග දඹදිව වන්දනා නඩයක නඩේ ගුරෙක් බව කියන පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වරකාපොල ප්‍රදේශයේ දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන්නෙකි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව හා ඔවුන්ට කරන ගෞරවයක් ලෙස සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගමන් මළු රේගුව විසින් පරීක්ෂා නොකරණ බවයි.
නමුත් දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ව අනිසි ලෙස යොදාගනිමින් කරනු ලබන චන්ද්‍රකා සන්නවේදන උපකරණ මෙරටට ගෙන ඒමේ ජාවාරමක් පිළිබඳ රේගුවට තොරුතුරු ලැබී තිබුන බැවින් මෙම වැටලීම සිදු කල බවයි.
චන්ද්‍රකා සන්නිවේදන උපකරණ මෙරටට ආනයනය කිරීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය මෙන්ම ආනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය තිබිය යුතු බවත් ඔහු කීවේය.
සැකකරු තම නඩයද සමග ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 122 දරන ගුවන්යානයෙන් ඊයේ දහවල් මෙරටට පැමිණ ඇත. ඔහු සමග බැතිමතුන් 80 ක් පමණ මෙරටට පැමිණ සිටි බව රේගුව කියයි.
නඩයේ සාමාජිකයින් අත තිබු එකම වර්ගයේ ගමන් මළු කිහිපයක් පිළිබඳ ඇති වු සැකයක් මත එම ගමන් මළු ස්කෑන් යන්ත්‍රය තුළට දමා පරීක්ෂා කරද්දී මෙම උපකරණ අඩංගු පෙට්ටි 11 ක් සොයා ගත් බව රේගුව කියයි.
පසුව කරන ලද විමර්ශණ වලදී හෙළිවී ඇත්තේ නඩේ ගුරා විසින් අදාල උපකරණ සහිත ගමන් මළු බැතිමතුන් කිහිපදෙනෙකුට චෙන්නායි වලදී ලබා දී ඇති බවයි.
වන්දනා නඩ සඳහා දී ඇති සහනය අනිසි ලෙස යොදාගනිමින් විවිද ජාවාරම් කරන බවට රේගුවට පැමිණිලි ලැබී ඇති බැවින් අනුන්ගේ භාණ්ඩ හෝ ගමන් මළු තමා සන්තනකෙයේ තබා නොගන්නා ලෙස රේගුව අවධාරණය කරයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක, එච්.පී.එස් නුගවෙල සහ කේ.පියතිස්ස යන නිලධාරීහු සිදුකරති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නඩේ ගුරා චන්ද්‍රිකා උපකරණ වන්දනාවේ
සමන්ති Monday, 02 March 2015 01:31 PM
සත්‍යපාල මේ උපකරණ දැක්කද ? මේවා රුපවාහිනි බලන "ධිකොධර" ද දන්නේ නැහැ ? අර ට්‍රැක්ටර (ගියර් නැති) ගෙන්වපු බව සත්‍යපාල දන්නවාද දන්නේ නැහැ . මේවගේ හොරබඩු ගෙන්වන අයගේ ගමන් බලපත්‍ර තහනම් කල යුතුයි . හොරකම් කරන අයට පාටක් නැහැ. (නදී)
දුමින්ද Monday, 02 March 2015 04:02 AM
දමුළු ගිහින් තලගොයොත් ගෙනල්ලා වගෙයි (නදී)
සත්‍යපාල Monday, 02 March 2015 04:50 AM
කවදාවත් නැවත සිදු නොවෙයි කියලා හිතපු දේවල් නැවත සිදුවෙමින් පවතිනවා.නැවත පඹයෝ ගිනි තියමින්,රටට එරෙහිව බෙදුම්වාදී යෝජනා සම්මත කරමින් ත්‍රස්තවාදීන් නැවත පණ ලබමින් අළු ගසා නැගිටින සියලුම ලකුණු පහළවෙමින් පවතිනවා."නිවට අම්බැට්ටයට එළුවාත් නිකට පානවා" කියන පැරණි කියමන මතක්වෙනවා.(දිල් )
දුමින්ද Monday, 02 March 2015 05:14 AM
සත්‍යපාල දකින්නේ නරක පැත්ත විතරමයි (දිල්)
රිචි බාලසුරිය Monday, 02 March 2015 08:28 AM
නම සත්‍යපාල උනාට දිනපතා බේගල් හලන කෙනෙකු වාගේ (නදී)
නදීක Monday, 02 March 2015 09:38 AM
සත්‍යපාල කියන දේවල් ඉතාම නිවැරදියි. ඔහුට හොඳ දුර දැක්මේ ගුණාංගයක් තිබේ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියන්නේ ඕකට. කුහක නොවී ඇත්ත කතා කරන්න. (නදී)