(නිමන්ති රණසිංහ)
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 08ක් බර තඹ කම්බි රෝල් තුනක් රැගෙන අධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවෙන් පැනයාමට තැත්කළ දිවයිනේ ලියාපංදිංචි අපරාධකරුවෙකු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගෝතමී පාර, බොරැල්ල, කොළඹ 08 පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙසට නම් කර සිටින බෙනඩික් ඇන්තනි නොහොත් ‘රන්මල්ලී’ නමැත්තාය.
මෙම සැකකරු ඔහුගේ බිරිදට ඇප තැබීමට අධිකරණයට පැමිණ ඇති බවත් සැකකරුගේ හැදුනුම්පත නොමැතිවීම හේතුවෙන් ප්‍රජා විශෝධනයට පැමිණ සිටි අයකුට ඇප තැබීමට පවසා ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ මොහොතේදී එම ඇප තැබීමට පැමිණී පුද්ගලයා සතුව තිබූ මෙම තඹ බෑගය අධිකරණයෙන් එළියට රැගෙන ගොස් දෙන ලෙසට සැකකරුට භාරදුන් බැවින් ඔහු එය අධිකරණයෙන් පිටතට රැගෙන යද්දි පොලීසිය අත්අඩංගුවට ගත් බවත් සැකකරු ප්‍රකාශකළ බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සැකකරු ඊයේ (19) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තඹ කම්බි රෝල් සහිත පොහොර උරයක් රැගෙන පලායෑමට තැත් කිරීමේදීය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නඩු බඩු කාමරෙන් තඹ රෝල් පැන්නූ අයෙක් රිමාන්ඩ්