IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නඩු ලක්ෂ හයහමාරක් අධිකරණයේ ගොඩගැහිලා

(විනීතා එම් ගමගේ)

අධිකරණවල මේ වනවිට නඩු 6,50,000ක් පමණ වූ ගොඩගැසී ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවැසුවාය.

නඩුවල පැටලෙන සාමාන්‍ය ජනතාව විශාල අපහසුතාවයකට පත් වීමෙන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව නව වසරේ අවධානය යොමු කරන බවත් එම ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය කීවාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ නව වසරේ අධිකරණ අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරඹමින් කාර්ය මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.

‘‘ නඩුවකට පැටලූණාම සාමාන්‍ය පුද්ගලයෙක් විශාල අපහසුතාවයකට පත් වෙනවා. අපි ඒ පිළිබදව අවධානය යොමු කරලා වැඩ කළ යුතුයි. නව වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ අපි විශාල වැඩ කොටසක් කළා. ඒ සදහා හිටපු ලේකම්තුමා ඇතුළු ඔබ සියලූම දෙනා උපරිම සහයෝගය දැක් වුවා. මේ වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අපි අතරේ ජාති ආගම් කියලා කිසිම බෙදීමක් තිබෙන්න බැහැ. තම තමන්ට පුද්ගලික වු ආගමක් ජාතියක් දේශපාලන පක්ෂයක් තිබෙන්න පුළුවන්. නමුත් අපි අධිකරණ අමාත්‍යාංශය තුළ රාජකාරී කටයුතු කිරීමේදි එකතු වෙලා කටයුතු කරන්න  ඕන. අපි හොදින් හිටියොත් අපේ මනස හොදින් වැඩ කළොත් අපි අතරින් යහපත් සිතිවිලි සමාජ ගත වුණොත් එය අපේ හෙට දවසේ රටේ අනාගතය සාර්ථක වීමට හේතු වෙනවා. ඒ නිසා නව වසරේ වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව කටයුතු කිරීමට සියලූ දෙනාට ශක්තිය ධෛර්යය ප‍්‍රාර්ථනා කරනවා‘‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.

 



අදහස් (6)

නඩු ලක්ෂ හයහමාරක් අධිකරණයේ ගොඩගැහිලා

de silva Tuesday, 02 January 2018 10:37 AM

ජාති ආගම ප්‍රශ්න නිසා නොවේ ලංකාවේ නඩු කල්යන්නේ , නඩු කාරයෝ අඩු නිසා , ලංකාවේ මේ ඉන්න නඩුකාරයෝ වගේ තව දෙගුණයක් නඩුකාරයෝ බඳවා ගන්න ඕනේ මේ ප්‍රශ්නය විසදන්න , උසාවි වල මිනීමැරුම්,විශාල අපරාධ වලට වෙනම නඩු කරයකුත් , ඉඩම් නඩු වලට වෙනම නඩුකරයකුත් , සුළු අපරාධ , මත්පැන් ,රථවාහන නඩුවලට වෙනම නඩුකාරවරු පත්කළ යුතුයි .

:       30       60

SN Silva Tuesday, 02 January 2018 10:40 AM

වික්ටර් අයිවන්ගේ "නොනිමි අරගලය" කියවනලද ඕනෑම කෙනෙකුට ලංකාවේ අදිකරණ ක්‍රියාදාමය ගැන හොඳ අවබෝදයක් සමගම ඇතිවන්නේ පිළිකුලක් !

:       45       53

upali Tuesday, 02 January 2018 10:44 AM

හදිසියේ මතක් උනේ භාණ්ඩාගාර බිල්පත් නඩුව ආවම ප්‍රමාද කරන්න හේතු හොයන කොටද?

:       38       50

සෙනෙවි Tuesday, 02 January 2018 10:54 AM

නඩු කාරයන් තමයි රටේ ඉන්න අකාර්යක්ෂම රජයේ සේවකයන්

:       0       97

Lal Polgahawela Tuesday, 02 January 2018 11:38 AM

ලංකාවේ අධිකරණ සාක්ෂි ක්‍රමවේදයන් ගල් යුගයට ගැලපෙන ඒවා මිස නවීන දියුණු ලෝකයට ගලපන්න බෑ! නඩු පරක්කු ඒකයි. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. මගේ සහෝදරියට විරුද්දව පොලිසියෙන් බොරු නඩුවක් දැම්මා අධිකරණ තීන්දුවකින් මායිම් යෙදු ඉඩමක වැටක් කඩලා අධිකරණයට අපහාස කල කියලා! ඒක පැමිණිලි පාර්ශවයෙන් අල්ලස් අරගෙන ඔවුන්ගේ උවමනාවට කල අසත්‍ය පැමිණිල්ලක් මත කල දෙයක් ! පොලිසියෙන් නිසි විමර්ශනයක් නොකර සටහන් යොදා තිබුනා! ග්‍රාම නිලදාරීතුමිය ස්ථාන පරීක්ෂාවක් කර වැටට හානි සිදුව නොමැති බවත් එය පෙර තිබු පරිදි ඇති බවත් ලිඛිතව පොලිසියට දැනුවත් කලා. එම ලිපිය උසාවියටත් ඉදිරිපත් කළා. චායාරූප මගින්, වීඩියෝ මගින් එහි අසත්‍යතාව පෙන්වා දුන්නා. බලදාරියෙකුට ඇවිත් බලන්න කියලා ඉල්ලීම් කලා. පොලිස්පතිතුමා ඇතුළු බලදාරීන් සියල්ලම දැනුවත් කළා.. කිසිම වැඩක් උනේ නැහැ. දැන් නඩුවට අවුරුදු 2 කට කිට්ටුයි. නඩු වාර ගණනාවක් ගතවෙලා. ඉඩම අයිතිකාරිය ඉඩම විකුණලත් ගිහින් මාස ගණනක් ගතවෙලා. තවම නඩුව අහනවා. අපරාදේ අධිකරණයේ පොලිසියේ අපේ කාලය, මුදල්, ශ්‍රමය.

:       0       6

Perera Tuesday, 02 January 2018 12:19 PM

ද සිල්වා, ඔබ දන්නේ නැද්ද මිනීමැරුම් වගේ මහා අපරාධ වලට මහාධිකරණ තියෙනවා, ඉඩම් නඩු සහ පවුල් සම්බන්ද නඩු වෙනුවෙන් දිසා අධිකරණ තිබෙනවා, සුළු අපරාධ සහා රථවාහන නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ සහා ප්‍රාථමික අධිකරණ තියෙනවා, වෙනම අධිකරණ පිටුවීම නෙවි කෙරෙන්න ඕනා රටේ මේ අධිකරණ පද්දතිය තව ව්‍යාප්ත කරන්න ඕනා නඩු ගොඩ ගැසීම වැලක්වීමට නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 254 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 280 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 292 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 545 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 235 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site